2013-01-28

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 'චිත්‍රපටය' බැලීමි

අලුත උපන් රාහුල කුමරු සමග යසෝධරා සයනයෙහි වැතිර සිටියි. අභිනිෂ්ක්‍රමණය සඳහා තීරණය කර සිටින සිද්ධාර්ථ පැමිණ රාහුල කුමරු හා යසෝධරා ස්පර්ශ කරන්නට ගොස් යළි අත ඉවතට ගෙන කුටියෙන් නික්ම යයි. නිදි සේ සිටින යසෝධරාගේ දෑසින් කඳුළු බිඳුවක් රූරා යයි. මම ඒ ජවනිකාවට කැමැත්තෙමි. 

එහෙත් අවාසනාවට මෙන් ඒ වනාහි බොළඳ ජාතිකවාදී හා ආගමික සිංහල සිනමා රැල්ලේ  උච්චස්ථානයක් වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බැලීමට වැය කළ පැය කීපයක කාලය වෙනුවෙන් ලැබුණු එකම වින්දනීය අවස්ථාවයි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන හොඳම විවරණය කළේ චිත්‍රපටය මැදදී 'කම්මැලියි ගෙදර යමු'යි කී මගේ කුඩා දියණියයි. ඒ වනවිට මා කීපවරක් නිදි කිරා වැටී තිබිණි. 

අබාගෙන් ඇරඹුණ මේ ජාතිකවාදී සිනමා රැල්ල තුළ අලෙවි කළ හැකි සෑම ‍ඓතිහාසික සිද්ධියක්ම පාහේ අලෙවි කරන ලද අතර සිද්ධාර්ථ ගෞතමයන් පිළිබඳ කළ මේ චිත්‍රපටය උපරිම ලාභ බලාපොරොත්තුවෙන් අඩු වියදමින් කරන ලද කම්මැලිම කම්මැලි බයිස්කෝප් එකකි. එය කලාවක් වශයෙන් සමාන වන්ොරණකටය.


පහළ පංතියක බුද්ධ ධර්මය පෙළ පොතක් කියවීම මේ චිත්‍රපටය බලනවාට වඩා හොඳය. මන්ද එහි අඩු තරමේ පිළිගත් බුද්ධ චරිත ප්‍රබන්ධ කතාව විකෘති කර නැත. සාමාන්‍ය පෙළපොත් බුද්ධ චරිත කතාව පටලවන මෙම චිත්‍රපටය බලන ළමයින් විභාගවලදී ප්‍රශ්නවලට වැරදි උත්තර ලියන්නට ඇති ඉඩ වළකින්නේ එය පෙළපොතක් තරම්වත් හිතට වදින එකක් නොවන නිසාය.

සිද්ධාර්ථ ගෞතම චරිතය චිත්‍රපටයකට නඟන අධ්‍යක්ෂවරයකුට මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා පිළිබඳ යම් අදහසක් තිබිය යුතුය. බව තරණය ලියූ මාටින් වික්‍රමසිංහයන් සිද්ධාර්ථ චරිතය අතිශයෝක්ති ප්‍රබන්ධයෙන් යථාර්ථවාදී ජීවිතය වෙත ඇදගෙන පොදු මිනිස් ගති ස්වභාව තුළ සිද්ධාර්ථ සුවිශේෂ වන හැටි විවරණය කිරීමට උත්සාහ කරයි. එහෙත් එයද මහා කම්මැලි නවකතාවකි. 

සිද්ධාර්ථ යනු තියුණු බුද්ධියක් සහිත දීප්තිමත් පුද්ගලයෙකි. බුදුන් වැනි සක්‍රිය සමාජ විපර්යාසකාරකයකු පිරිපුන් යොවුන් වියේදී සෝමාරියකු විය නොහැකිය. ඔහු ඔතෑනි පුද්ගලයකු ලෙස නිරූපණය කිරීම බුද්ධ චරිතයට කළ හැකි දරුණුම අවමානයයි. චිත්‍රපටය පුරාවට සිටින සියලු චරිත රූකඩ ගොඩකි. විචිත්‍ර නාට්‍යමය දර්ශන තිබිය යුතු කපිලවස්තු පුරය 'නීරසය' උතුරන තැනකි. .

‍මේ චිත්‍රපටය ගැන කතා කිරීමත් තේරුමක් නැති දෙයකි. එහෙත් මා චිත්‍රපටය බැලුවේ 'හවුස්ෆුල්' ශාලාවකය. 

චිත්‍රපටය අතරමගදී විනාඩි කීපයක් ශබ්දය නතර වී තිබුණුමුත් කිසිවෙක් හූ කීවේ නැත. අතරමගදී ට්‍රිබල් බේස් කැස්සක් කැස්ස ‍මහළු ප්‍රේක්ෂකයකුට උපාසකම්මලා හිනාවුණේ මොකුත් හිනාවෙන්නට දෙයක් චිත්‍රපටයේ නොතිබුණු නිසා විය යුතුය. හාස්‍යය පමණක් නොව අන්කිසි රසයක් එහි තිබුණේ නැත. චිත්‍රපටය අවසන් වූ හැටියේ එය බලමින් සිටි අය නැගිට දිවූ ආකාරය හාස්‍යජනකය. ශාලාවෙන් එළියට පනින වෙහෙසට පත් පිරිස දුටු මට කොහේ හරි පොතක කියවූ 'පැසවූ හොරියකින් පනින සැරව සේ' යන උපමාව සිහි විය.

මේ චිත්‍රපටද හරියට බණ වැනිය. බණ  අසන්නේ එය තේරුම්ගන්නට නොව ඇසීමෙන් පින් සිදුවන නිසාය. ජාතිකවාදී දේශපාලනය විසින් දැන් මේ ජාතිකවාදී චිත්‍රපට බැලීම රට, ජාතිය  වෙනුවෙන් කරන සේවයක් යයි සිතෙන තත්වයක් නිර්මානය කර දී තිබේ. 'කම්මැලියි ගෙදර යමු'යි කියා කුඩා දරුවකු හැර වෙන කෙනෙකුට කියන්නට බැරි එසේ කීවොත් තමන් දේශද්‍රෝහියකු වේ යයි බිය සිතෙන නිසාය.

දෙස, බස, රැස රැකගත හැක්කේ උසස් සංස්කෘතියක් ගොඩනඟාගැනීමෙනි. ඒ සඳහා අපි උසස් රුචිකත්වයක් සහිත මිනිසුන් බවට පත් විය යුතුය. මෙවැනි චිත්‍රපට හදා ඒ මට්ටමට රසිකත්වය පහත දැමීම සපත්තුවේ ගානට කකුල කැපීම වැනිය. 

චිත්‍රපටය බැලුව තැන ගැන රසවත් විස්තරයක් මෙතැනින්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

14 comments:

  1. මේක තනිකර කොපියක්... ඒකවත් බන් ගෝස්ලට හරියට කර ගන්න බෑ... මේ චිත්‍රපටිය මුලින්ම නිපදවූයේ මා දන්නා විදියට ප්‍රංශයේ ප්‍රංශ භාශාවෙන්. එය අපේ රටේ මෙන්ම ඉන්දියාවේද තහනම් කරනු ලැබුවා. කාලකන්නි ඒ තහන්ම කරපු ච්ත්‍රපටය නැවත් නිපදවා තිබෙනවා. සුද්ධෝදන රන්ජන්... නමට නම් නියමෙට ගැලපෙනවා. මෙ මුල් චිත්‍රපටයේ නම් ගෞතම සිද්ධාරථ.. ඒකෙ අහලකින්වත් තියන්න බෑ මේක...

    ReplyDelete
    Replies
    1. සමාවන්න් චිත්‍රපටයේ නම "ලිට්ල් බුද්ධා" මෙන්න සබැඳිය....

      http://www.youtube.com/watch?v=7sIvhil16dI

      Delete
    2. මේ ලින්ක් එක බලන්න බෑ මාතලන් උඹ කියන්නේ මේ චිත්‍රපටය Keanu Reeves ඉන්න ලිට්ල් බුද්ධ එකේ කොපියක් කියලද?

      අනේ බං පැරකුම්උඹව මට තේරුම් ගන්න බෑ.
      කිසි ආගමක් අදහන්නේ නෑ කියනව
      සිද්ධාර්ථ ගෞතම ළමයි එක්ක බලන්න යනවා
      වමෙක් කියනවා
      අරුණි ශපිරෝටත් වඩා බදු වලට අකමැතියි
      ආණ්ඩුවේ මාද්‍ය විහිළුවක් කියනවා
      හැමදාම දිනමිණ බලනවා

      Delete
    3. I already publish this, but here it's again.

      පොඩි කතාවක්: ජීවත් වෙන්න මිනිහෙක් යන්තන් ඉගෙන ගත්ත ඉංග්‍රීසි ටිකක් ක්ලාස් දාල උගන්නනව. ඉතින් මිනිහ කොයි වෙලාවෙත් කඩ්ඩෙන්ම තාම කතාව, හැසිරෙන්නෙත් කඩ්ඩ ඇඟේ ඇටවල ඉඳන් එන එකක් හැටියට. බුවා දවසක් මල පැනල එකෙක් එක්ක බැනගෙන බැනගෙන ගියා.. හැබැයි සිංහලෙන්, මොකද කොහොම ශෝ පෙන්නුවත් ඇඟේ තියෙන්නෙ ඒකනෙ, ඒකයි.

      Delete
    4. මාතලං,
      උඹ කියන්නේ කීනු රීවස් උන්නු ලිට්ල් බුද්ධා ගැන නම් උඹ ඒ චිත්‍රපටය බලලා නැති වග ඉතාම .පැහැදිලියි. මුලින් චිත්‍රපටිය බලලා මේක කොපියක් කියලා කියපන් ..ලින්ක් එක අනුව නම් මාතලං කියන්නේ කීනු රිවීස් රඟපාන ලිට්ල් බුද්ධා ගැනම තමයි. මම මේ චිත්‍රපට දෙකම බලලා තියෙනවා, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ලිට්ල් බුද්ධා ගෙන් බොහෝම වෙනස්.
      උදිත ,
      ,මොන රටේද කියන්නේ සමාජවාදීන්ට හෝ මාක්ස්වාදීන්ට තමන් ප්‍රතික්ෂේප කරන න්‍යායන් හෝ කරුණු අඩංගු නිර්මාණ රසවිදින්නට බැහැයි කියලා. උඹ ගුරු ගීතය හෝ මක්සීම් ගෝර්කිව කියවා නැද්ද? මේ තරම් බංකොලොත් අදහස් තියාගෙන ඉන්න උඹලා ගැන කණගාටුයි.

      Delete
    5. @රතු රජරට
      කවුද රතු විරුද්ධ නිර්මාණ රසවිදින්න එපා, බැහැ කිව්වේ මම කිව්වේ සමහර දේවල් දැන දැන නැවත කරන කොට සහ පරස්පර විරෝධී දේවල් කරද්දී තේරුම් ගන්න බෑ කියල විතරයි. ඔවු ඒ කාලේ මමත් ඕව කියවල තියනවා තමයි එත් දැන් කවුරුහරි දැදිගම වී රොද්‍රිගෝ ගේ පරණ පරිවර්තනයක් දුන්නොත් එකට වෙලාව නාස්ති කරන්නේ නෑ . ලුහුඬු දැන්වීම් බලන්න මිස දිනමිණ පත්තරේ රසවිඳින්න නිර්මාණ කොහෙද රතු.

      Delete
    6. /වමෙක් කියනවා
      අරුණි ශපිරෝටත් වඩා බදු වලට අකමැතියි/

      ලිබර්ටේරියන් කියා ගන්නා අරුණිටත් වමෙක් කියා ගන්නා පැරාටත් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බදු. ඇයි ඒ? පොඩ්ඩක් හිතා බලන්න. අපූරු උත්තරයක් ලැබෙයි. ඒක මේ දෙන්නාගෙන් එක්කෙනෙකුගේවත් දර්ශනයට සම්බන්ධයක් නෑ.

      Delete
  2. මහින්දාගමනය බලලා එපා උන මට මේක කොහොමත් වැඩක් නැති එකක් බව කලින්ම දැනගත්තා.
    මම දන්නා තරමින් මම බලලා තියන හොඳම සිංහල චිත්‍රපටිය "මචං". හැබැයි ඒකෙ අධ්‍යක්ෂක සුද්දෙක්. :P

    ReplyDelete
  3. Little Budhdha is Bernardo Bertolucci's interpretation of lfe and thimes of Pronce Sidhdhartha and Ascetic sidhdhartha till he attained nirvana. The storyis mostly influenced by Mahayana buddhism ad Bertolucci is a deciple of Dalai Lama. However the movie is a better depiction of Sidhdhartha and the way Bertolucci links the 4 Noble truths with the life of 3 candidates for reicarnated Lama.

    ReplyDelete
  4. Best comment

    අනේ බං පැරකුම්උඹව මට තේරුම් ගන්න බෑ.
    කිසි ආගමක් අදහන්නේ නෑ කියනව
    සිද්ධාර්ථ ගෞතම ළමයි එක්ක බලන්න යනවා
    වමෙක් කියනවා
    අරුණි ශපිරෝටත් වඩා බදු වලට අකමැතියි
    ආණ්ඩුවේ මාද්‍ය විහිළුවක් කියනවා
    හැමදාම දිනමිණ බලනවා

    ReplyDelete
    Replies
    1. මටත් පැරා තේරුම්ගන්න බෑ මේ ලැයිස්තුවට තවත් දෙකක්
      පැරා සියලු ජාතීන්ට ආගමකට අයත් මිනිසුන්ට මෛත්‍රී කරනවා
      තමන් ගේ සගයන් මැරූ (එසේ යයි සිතන) මර්වින් ජේ කුරේ ගේ දරුවන් ගින්නෙන් මියයෑම ගැන සතුටු වෙනවා.
      එතකොට කර්මය විස්වාශ කරනවා

      Delete
  5. පුරුදු වෙන්න චිත්‍රපට අධ්‍යක්ෂණය කලාම ඕක තමා වෙන්නේ.

    ReplyDelete
  6. පෝස්ට් එක අද දැක්කෙ. මේක ලියන්නෙ නොලියාම බැරි නිසා.. චිත්‍රලටිය බලනකොට හිතෙන්නෙ සිද්ධාර්ථ කියන්නෙ පොන්නයෙක් කියලා... ඒ තරමට අජුතයි ඒ චරිතය නිර්මාණය වෙලා තියෙන විදිහ.. හැබැයි යශෝධරා කියන්නෙ ලස්සන කෙල්ලෙක් වෙන්න ඇති කියලා මීටරේට වැටුනෙ ඒක බලන කොට... මොකද මෙච්චර කලක් යශෝධරා දිහා බැලුවෙ පූජනිය අදහසකින් මිස කෙල්ලෙක් කියල හිතල නොවෙන නිසා.....

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.