2013-02-07

පාසලට මුදල් ගෙවන්නට පොල් හොරකම් කිරීම

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ
අනුන්ගේ වත්තක හොරෙන් පොල් අහුලද්දී අත්අඩංගුවට ගත් හොරණ ප්‍රදේශයේ ශිෂ්‍යාවක් අධිකරණයට පවසා ඇත්තේ පාසලේ තීන්ත ආලේපනය සඳහා ඉල්ලා ඇති රු. 800ක මුදලක් ගෙවීමට පවු‍ලට මුදල් නැති බැවින් එම ක්‍රියාව කළ බවයි. 

මෙම සිද්ධියට දෙමින් තිබෙන මාධ්‍ය ප්‍රචාරය අනුව නොබෝ දිනකින් මෙම ශිෂ්‍යාවද වීරවරියක සේ විවිධ පුද්ගලයන්ගේ තෑගි, සම්මාන ආදිය ලබන්නට ඉඩ තිබේ. මන්ද, ලංකාවේ සමාජය ප්‍රශ්න වැරදි තැන්වලින් ග්‍රහනය කරගැනීමට දක්ෂ බැවිනි. 

සොරකම ශිෂ්ට සමාජයක අනුමත කළ හැකි ක්‍රියාවක් නොවේ. එහෙත් ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් ලොකු හොරකම් කරන මිනසුන්ට වඳිති; පුදති. ජාතියේ අනාගතය සොරකම් කරන්නන් ජාතික වීරයන් බවට පත් කරති. පොල් ගෙඩි, කොස් ගෙඩි වැනි දේ සොරකම් කරන්නන් මරන්නට වුවද ඉදිරිපත් වෙති. 

මේ දැරිය කියූ ප්‍රකාශය ඇතැම්විට බොරුවක් වන්නට ඉඩ තිබේ. මන්ද, ොරකම් කළ දරුවකුට ොරු කියන්නටද බැරිකමක් තිබිය ොහැකි බැවිනි. පාසල්වල විවිධ කටයුතු සඳහා මුදල් එකත කරනබව සැබෑය. එහෙත්, ඒ වනාහි සංකීර්ණ සමාජ ප්‍රශ්නයක් වන ජනප්‍රිය පාසල් තරගයේම කොටසකි. රජයෙන් ප්‍රතිපාදන ලබාදෙනතෙක් බලා‍ නොසිට කැපී පෙනීම හා ඒ ඔස්සේ තනතුරු, වරප්‍රසාද, නම්බු නාම ආදිය ලබාගැනීම සඳහා විදුහල්පතිවරු මෙවැනි සම්මාදම් කරති. එහෙත්, අප දන්නා තරමින් නම් පාසල්වල තවමත් ටියුෂන් පංතිවල තරම් මුදල් අයකිරීමක් නැත. එසේම, මුදල් නොදුන්නා කියා ටියුෂන් පංතිවලදී මෙන් ළමයින් එළියට දැමීමක් නැත. එහෙත්, දෙමව්පියෝ හෝ දරුවෝ සාමාන්‍යයෙන් මේ ටියුෂන් සූරාකෑම විවේචනය කරන්නේ නැත. මන්ද, නොමිළේ ලැබෙන අධ්‍යාපනයට වඩා ඔවුහු තමන් මිළ දී ගන්නා අධ්‍යාපනයට ගරු කරති. සමහරවිට ඇය මේ සොරකම කරන්නට ඇත්තේ ටියුෂන් යන්නට විය හැකිය. නැතිනම්, මේ වන විට ළමයින්ගේ 'මූලික අවශ්‍යතාවක්' බවට පත් වී ඇති ජංගම දුරකථනයක් මිළ ද ගන්නට විය හැකිය. කෙසේ වෙතත්, අවසානයේදී කියැවුණ කතාව වන පාසලේ මුදල් ගෙවීම සඳහා මෙම සොරකම කළාය යන්න ආණ්ඩුවට විරුද්ධ අය කැමති හා ඒ නිසා පුවත්පත් ජනමාධ්‍යවලට අලෙවි කරන්නට පුළුවන් එකක් බවට පත් වී තිබේ.

හේතුව කුමක් වුවත්, බාල වයස්කාර දැරියක් සොරකමට පෙළඹූ මෙම සිද්ධිය පසුපස ඇත්තේ දරුණු සමාජ අර්බුදයකි. අධික ජීවන වියදම, දුප්පත්කම, දෙමව්පියන් විසින් දරුවන් නොතකා හැරීම, පරිභෝජනවාදී ආශා, අධ්‍යාපන ගැටලු, සමාජ සාරධර්ම අර්බුදය ආදී පවත්නා සමාජ ක්‍රමය විසින් ඇති කර තිබෙන ගැටලු මේ සිද්ධියේ පසුබිම් කාරණායි. 

ජනමාධ්‍ය විසින් කාරණා ඉස්මතු කරන ආකාරය පටුය. නොගැඹුරුය. ප්‍රචාරාත්මක උවමනා හා වෙළඳ අරමුණු මත පදනම් වේ. එතුළින් යථාර්ථය සොයා යාම සඳහා දැන් වෙනත් මාධ්‍ය කලාවක් අවශ්‍යය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

5 comments:

  1. මට නම් මේ තුච්ච රට ගැන ලැජ්ජයි.............

    ReplyDelete
  2. මල්ටි හොරු රජා සමග සහවාසේ
    නැති බැරි එව්වන්ට ........????????????????????

    ReplyDelete
  3. This has been happening almost in every big school.From time to time pupils are forced to contribute money for various things in schools.The heads of schools resort to do these things as adequate funds are not provided by the state.I am sure this will continue in spite of the hullabaloo.

    ReplyDelete
  4. me vage sisuviyo inna rate jeevath vennath lajjai. meyageth bella kapala daanna one.

    ReplyDelete
  5. හය හතර නොදන්න බිළිදෙක් ලෝකෙට ඉපදෙනවා. එයා දන්නෙ බඩගිනි උණාම අඩන්න, අම්මගෙ තනෙන් කිරි උරන්න වගේ පුංචි කාරණා කීපයක් විතරයි.. එහෙව් දරුවා ටිකෙන් ටික ලොකු වෙද්දි හොරෙක්, දූෂකයකේ, මංකොල්ලකාරයෙක් කරන්න පවුල, ඉස්කෝලෙ, සමාජය බොහොම හේතු සාධක සපයනවා... වැරදිකරුවා පට්ට ගහන සමාජයේ ඇයි මෙහෙම වරදක් උනේ කියල ඇත්තම හේතු හොයන්න පෙළඹෙන්නෙ නැහැනෙ.. මතුපිටට මතුවෙන සිද්දිය තලු මර මර රස විඳිනවා... ඇත්ත හේතු හැංගිලා.. එහෙම නැත්නම් ඒ ගැන ගණන්‍ ගන්නෙ නැහැ...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.