2013-06-18

පාසල්වල ගවුම් වාටි ලිහීමේ, කලිසම් කකුල් පැලීමේ හා කොණ්ඩා කප්පාදු කිරීමේ ශික්ෂණය

පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම පාසලේ සුසිලා හේරත් ගුරු මහත්මියව බිම දන ගැස්සුවේ ආනන්ද‍ගේ දුවගේ ගවුමේ වාටිය ලිහුවා කියලානේ. 

සාමාන්‍යයෙන් පාසල් යන ළමයින්ගේ ඇඳුම් අපේ ඇඳුම් ව‍ගේ නොවෙයි නිතර කොට වෙනවා. එහෙම වෙන්නේ ඒ ළමයි උස යන නිසා. සමහර ළමයි ටිකක් කොටට අඳින්න කැමතියි. ඒ වුණත් මම දන්න තරමින් කිසිදු පාසල් බාලිකාවක් කලවා පෙනෙන කොට ගවුම් නම් පාසලට අඳින්නේ නැහැ.හැබැයි සමහර ගුරුවරියෝ නම් බුරිය පේන්න සෙක්සි විධියට සාරි ඇඳගෙන පාසල් එනවා.

නිල ඇඳුමක් වුණා ම ඒකේ දිග, පළල, කොලර්, සාක්කු, රැළි ආදිය ‍යොදන විධි තියෙනවා. ඒ විලාසිතාව වෙනස් කරමින් අලුත් විලාසිතා නිර්මානය කරන එක සුදුසු නැහැ. නිකම් හිතන්නෙකෝ පොලිස් රාළහාමිලා කොලර් උස්සගෙන, නර්ස් නෝනලා කොණ්ඩ වනා දාගෙන එහෙම හිටියොත් තත්වය කොහොමද කියලා.

හැබැයි ඉතින් ළමයි කියන්නේ ළමයි‍ නේ. උන්ට මේක කියලා පැහැදිලි කරලා දෙන්න අමාරුයි. දෙමව්පියන්ටත් වැඩිය තේරුමක් නැති වුණා ම තත්වය තවත් නරක අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අධ්‍යාපනය කියන්නේ මිලිටරි විනයකුත් නොවෙයිනේ. අධ්‍යාපනය කියන්නේ නිදහස්, නිර්මානශීලී පරිසරයක් තුළ සිදු විය යුතු ශික්ෂණයක්.

අද කාලෙ පාසල්වල නිල ඇඳුම්, ‍කොණ්ඩා ආදිය ගැන හරියට ප්‍රශ්න. පිරිමි ළමයින්ගේ කලිසම් පතුලේ පළල අඩුයි. කලිසම් ඇඟට හිරයි. ඉ‍ණෙන් එල්ලා හැලෙනවා. ගැහැනු ළමයින්ගේත් ඔය වගේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් විනය භාර සුචරිතවාදී ගුරුවරු හා ශිෂ්‍ය නායක නායිකාවෝ කලිසම් කකුල් පලනවා. ගවුම් වාටි ලිහනවා. කොණ්ඩ කපනවා. ළමයින්ට ශාරීරිකව හා මානසිකව විවිධ අඩන්තේට්ටම් කරනවා.

මේවා කරන ගුරුවරු වැඩිදෙනෙක් දන්නේ නැහැ ඇයි ළමයි මෙහෙම කරන්නේ කියලා. ඔවුන් හිතන්නේ ඒක ළමයින්ගේ නැහැදිච්චකම කියලා. 

ඔවුන්ට මතක නැහැ තමන්ගේ නව යොවුන් විය, ඒ වයසේදී තමන්ට තිබුණු අති ධාවනකාරී හැඟීම්, විලාසිතාවලට තිබුණු ආකර්ශනය ආදිය. නව යොවුන් වියේ ළමයි කැමතියි, ඔවුන්ට නිවසෙන්, පාසලෙන් විවෘත කර දෙන සීමාවට එහා ඇති ලෝකයේ අත්දැකීම් ලබන්න. ඔවුන් තුළ තමන්ගේ නිදහස සීමා කරන විනය පද්ධතිය ගැන විරෝධයකුත් තිබෙනවා. 

අනෙක් පැත්තෙන් ළමයින්ට විවේකය, විනෝදය, වින්දනය සඳහා අවස්ථා ප්‍රමාණවත් නො වී‍මේ ප්‍රශ්නයකුත් මෙතැන තිබෙනවා. මේ අසරණයෝ මුළු ළමා කාලය පුරා ම අර පන්තියෙන් මේ පන්තියට ටියුෂන් දැලක පැ‍ටලිලා යි ඉන්නේ. 

ඇතැම් ගුරුවරු නව යොවුන් වියේ දරුවන් දෙස බලන්නේ තමන්ගේ පරම සතුරන් දෙස බලන්නා වගේ. එයට හේතුව මානසික ප්‍රශ්නයක්. මේ අය තමන්ගේ නව යොවුන් වියේදී දැඩි පීඩනයක ජීවත් වූ අය වෙන්න පුළුවන්. ආර්ථික ආදී හේතු නිසා කොහොමත් ගුරුවරු වැඩි පිරිසක් ඉන්නේ දැඩි අසහනයක. 

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික තත්වය තේරුම් ගන්න අවශ්‍ය පරිණතකම හා සංවේදීභාවය බොහෝ ගුරුවරුන් තුළ නැහැ. ඇතැම් ගුරුවරුන්ට සිසුන් කියන්නේ ගව පට්ටියකට වැඩි දෙයක් නො වෙයි. ඉතින් අද පාසල් කියන්නේ වධකාගාර වැනි තැන්. ළමයින් හා ගුරුවරුන් පරම හතුරන් වගේ. එහෙම නැතිනම් ළමයින් හා ගුරුවරුන් අතර සම්බන්ධය හරියට මුදලාලිලා හා පාරිභෝගිකයන් අතර සම්බන්ධය වගේ. 

කොහොමින් කොහොම හරි අද වන වි‍ට පාසල තමයි ළමයින්ට වැඩියෙන් ම ශාරීරික හා මානසික වධ දෙන ළමා අපචාර මධ්‍යස්ථානය. වැඩේ කියන්නේ දැන් දෙමව්පියෝ විතරක් නො වෙයි ළමයි පවා හිතන්නේ මේක තමයි හරි වැඩේ කියලා.

පාසල් ඇතුළේ ආදරය නැවත පිහිටුවිය යුතුයි. ළමයින්ට පාසල කියන්නේ සොඳුරු අවකාශයක් විය යුතුයි. දැන් කාලෙ නම් පාසල කියන්නේ කොතනින් හරි ගුරුවරයෙක් තමන්ගේ ඇඟට කඩා පනියි කියලා බියෙන් සිටින ළමයින් පිරිසක් ගාල් කරපු තැනක්. 

අනෙක ලංකාවේ පාසල් පද්ධතිය කියන්නේ ම මළ විකාරයක්. ‍මධ්‍යම පංතික පවුල්වල අය තවමත් වික්ටෝරියා රැජිනගේ කාලේ හෙවත් කෝපි කාලේ අදහස් අනුව පිහිටුවන ලද, ගැහැනු, පිරිමි වශයෙන් ළමයින් වෙන් කර උගන්වන පාසල්වලට තමයි ළමයින් යවන්නේ.

ඒ විතරක් නෙවෙයි, ලංකාවේ පාසල්වල එක වසරේ ඉඳන් 13 වසර දක්වා ම ළමයි එකට ඉගෙන ගන්නවා. උසස් පෙළ පංතිවල ඉන්න ළමයින්ට ලැබිය යුතු නිදහස ඔවුන්ට දෙන්න මේ පාසල්වලට හැකියාවක් නැහැ. ඉතින් ගැටුම්. 

මම නම් කියන්නේ ලංකාවේ රජයේ පාසල් නිල ඇඳුම කියන එක ඇත්තෙන් ම අධ්‍යාපනයට බාධාවක්. ඒ ගැන පසුව ලියන්නම්.

මේ ලිපියත් කියවන්න: ගුරුවරිය දන ගැස්සූ පළාත් සභාකාරයා, දිවයිනේ වෛරී කතුවැකිකාරයා හා සාමාන්‍ය මිනිහා

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

38 comments:

  1. මා උසස් පෙල හැදෑරූ පාසලේ කොල්ලන් ගේ කොණ්ඩේ දිග හොයපු විනය භාර ගුරුවරයා තට්ට පොරක්!

    මේ "ටීචාලංකාරය" කියවා තියෙනවාද?

    http://mamaiarui.blogspot.com/2013/06/blog-post.html

    ?

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාගේ ගොන් පාර්ටුයි, පඩත්තල කතායි, වැදීබණයි අහල එපා වෙලා දැන්වත් අනුන්ගේ බ්ලොග් ගඳ ගස්සන් නැතුව වැසිකිලියක් පාවිච්චි කරහන්කෝ.

      Delete
    2. ඇයි බන් මු මෙතෙන්ටම ඇවිත් කැත කරන්නේ. සමාජවාදය දුර හින්දද ?

      Delete
    3. අනේ මේ ඇනෝලා ගේ ජීවිත කෙතරම් කාලකන්නි එවාද?

      ලිපිය කියවා තමන්ගේ අදහස් ලිවීම පසෙක ලා ඔවුන්ට සිදුව ඇත්තේ මගේ කමෙන්ටුව ගැන දුක් වීමටයි.

      ඇනෝ ලා ගේ කමෙන්ටු දෙකේ වේලාව අනුව පේන්නේ ඔවුන් මෙහි වෙනත් අදහසක් දක්වා නොමැති බවයි.

      Delete
    4. හොදට තියන තැනකට ඇවිත් බෙට්ටක් (සමහර වෙලාවට ලින්ක් එකක්) දාලාගියාම පෙන්නේ බෙට්ට තමයි බන්. මෙන්න මේ වගේ,
      http://maruwaxx.wordpress.com/2013/06/10/%E0%B6%B6%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%BB%E0%B7%9C/

      (ලින්ක් එක වැරදිනම් හරියට දා ගනින් )

      මේ එක නෙමෙයි සමාජවාදයට තව කොච්චර දුරද බන්!

      Delete
    5. බනිසා නේද කතා......

      Delete
    6. KAKKA GE TEACHALANKARA YE ATHTHE PUKA, JEE CHOO PADA JOKKU ADIYA GENE NE. METHANATA MOKATADA EMA KATHA.

      Delete
  2. ඕනෑම දේක සීමාවක් විනයක් තිබිය යුතුය.ඊයේ කරපු දේ අද කරන්න කියනවා නෙමෙයි.ඒත් මිතුරන් එක්ක හැසිරෙන විදියට දෙමව්පියන් ගුරුවරු එක්ක හැසිරෙන්න බැ.යම් කිසි විනය රාමුවක නොසිටිය හොත් තව ටික දවසකින් අම්මා තාත්තා ගෙදරින් පන්නයි.හමුදා විනයක් පාසල තුල ඇති කර යුතු නැ.එත් පාසලක් යනු පොදු ස්ථානයක්.එතන හැමෝටම එකම විදියට සැලකිය යුතුය.මන්ත්‍රීෙග් දරුවට එක විදියක් ගමේ දුප්පතාගේ දරුවට එක විදියක්.ඔය අවවාද දුප්පත් ළමයෙක්ට කිව්ව නම් ඒ ළමයා ඊළඟ දවසේ වාටිය දික් කර ගන්නවා.එත් ඇතැම් දරුවන් දෙමව්පියන්ගේ තත්වය ඔළුවේ තියාගෙන හැසිරිම රටේ හෙට දවසට ප්‍රශ්ණයක් නොවන තැන ඔබ සිටිනවා නම්. ? අනේ මන්දා.

    ReplyDelete
  3. "පාසලක් යනු පොදු ස්ථානයක්.එතන හැමෝටම එකම විදියට සැලකිය යුතුය.මන්ත්‍රීෙග් දරුවට එක විදියක් ගමේ දුප්පතාගේ දරුවට එක විදියක්."

    ඔව් හැමෝටම ආදරෙන් සෙනෙහසින් සැලකිය යුතුයි.

    ReplyDelete
  4. ටීචර් ට තිබුනේ මේ දරුවාගේ දෙමාපියන් ගෙන්වලා හෝ දරුවාට අවවාද කර මේ ඇඳුමේ ප්‍රශ්නය දැනුම් දෙන්න. ටීචර්ලාගේ සැර ඇඟට ගන්න මුට්ටි ශිෂ්‍ය පීඩකයෝ කරන්නෙ මේක දෙක කරන එක. මේ ශිෂ්‍ය නායක නායිකාවො කියන්නෙ පාසැල තුල ඉන්න නරකම පීඩකයො ටිකක්. මුන් ඇවිදින්නෙත් රජකම හම්බවෙලා වගේ. අනේ මුන් මේ හැම දේම කරන්නෙ අස්වීම් සහතිකේ එක්ක හම්බ වෙන විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ලැබෙන සහතික ටික වැඩි කරගෙන ඉහලට යන්න. මුන් ඉහලට යන්න පාවිච්චි කරන්නෙත් මුට්ටි අල්ලන එකම තමයි කරන්නෙ.

    ReplyDelete
  5. ගොඩක් දියුණු රටවල නම් ළමයින්ට ඕන එකක් ඇඳගෙන එන්න නිදහස තියෙනවා. කැම්පස් වගේ. මෙහේ එහෙම නෑ. මම ළියපු ළිපියෙත් ලිව්වේ මේකමයි. එහෙම වාටි ලෙහෙනවනම්, කොන්ඩා කපනවනම්, ඒවා නියම ළමා අපචාර. ප්‍රථමයෙන් දරුවට අවවාද කරන්න ඕන ආදරෙන්. දෙවනුව දෙමාපියන් ගෙන්වලා ඔවුන් දැණුවත් කරන්න ඕන. එහෙමත් හැදෙන්නේ නැත්නම් දරුවා පාසලෙන් අයින් කරන්න ඕන. නැතුව මේ ගුරුවරුන්ටයි, ශිෂ්‍ය නායක නයිකාවන්ටයි ඕවා කරන්න දෙන්න කිසිම අයිතියක් කිසිම කෙනෙකුට නෑ. මම දන්න තරමින් ශාරිරික දඬුවම් පවා නවත්තලා තියෙන්නේ.

    මේක මන්ත්‍රීවරුන්ට වගේම ගුරුවරුන්ටත් පාඩමක්...

    ReplyDelete
    Replies
    1. මේක මන්ත්‍රීවරුන්ට වගේම ගුරුවරුන්ටත් පාඩමක්... මාතලන්ගේ සැඟවුනු බුද්ධිය එළියට එන්නේ දැන් කලාතුරකින්.ඊට හේතුව ලෙස මම දකින්නේ පවතින ක්‍රමවේදය තුල ඇති කළකිරිම වෙන්න ඇති මං හිතේ.

      Delete
    2. වාටිය දිගු කරනවට මම විරුද්ධයි. කොටට අඳින එක ප්‍රශ්ණයක් නෙමෙයි. පැරා කියපු විදියට ටීචර්ලා ගැන දැන ගන්නම ඕන නම්. අර කතා උඩින්ම කියලා තියෙන ලින්ක් එක දිගේ පොඩ්ඩක් ගිහින් කියවන්න.

      Delete
  6. අජිත් ඔබේ මෙම ලිපිය ඉතා වැදගත් ලිපියක්. ශ්‍රී ලාංකික පාසැල යනු අප‍ රටේ පරිහානියේ සංකේතයයි.එමගින් බිහි කරන්නේ ගතානුගතික, නිවට ආත්මාර්ථකාමී, ප්‍රජාතන්ත්‍රවිරෝධී, දැනුම වෙනුවට වැඩවසම් කුණු කන්දල් ගොඩක් ඔලුවේ පුරෝගත් පිරිසක්.රටේ දේශපාලනයේ සහ පරිපාලනයේ ලොකු තැන්වල ඉන්නේ මේ පාසැල තුලින්ම බිහි කරපු සංස්කෘතික වශයෙන් දුප්පත් මිනිස්සු ටික තමයි. ලංකාවටම ලොකු සමාජ පිළිකාවක් හැදිලා තිබෙනවා. අපි සමාජයක් හැටියට කුණුවෙමින් ගඳ ගසමින් ජරාවට පත්වෙමින් සිටිනවා.

    ReplyDelete
  7. ඔබ නිවැරදියි අජිත්...මගේ බිරිඳ ගුරුවරියක්..ඒ වගේම ඇය ඉගැන්වූ පාසල තුලම පිහිටි ගුරු නිල නිවාසයක වසර පහක් දිවිගෙවූ අත්දැකීම් සහිතව මම මේ කියන්නෙ...

    දරුවන්ට ආදරෙන් සෙනෙහසින් කරුණු පහදල දෙනව නම් ඔවුන් ඕන දේකට නම්මා ගත හැකියි, යොමු කරගත හැකියි.හැබැයිවැදගත්ම කාරණය නම් ඔවුන්ගේ හිතේ ගුරුවරයා හෝ ගුරුතුමිය පිළිබඳව ගෞරවයක් තියෙන්න ඕන. ඒක නැතුවනම් ඒ වැඩේ කොහොමවත්ම කරන්න බෑ. ඊලඟට ඒ ගෞරවය ඇතිකරගැනීම ගුරුවරයගෙ/ ගුරුවරියගෙ වගකීමක්..ඒක බලහත්කාරයෙන් ගන්න කොහ්මවත්ම බෑ..

    ReplyDelete
  8. palath sabha manthri kenekge duwek nama aduma kota wenakan adinawa hitana amarui. (Adumata adum 10k ganna horakan karanwa ne )

    ReplyDelete
  9. කට්ටිය මේ ලිපිය අර පළා බබාගෙ ප්‍රශ්නෙත් එක්ක පටලවාගෙන තියෙන්නේ. පාසල් වල අද අධ්‍යාපනය නොවේ, වැඩිපුර තිබෙන්නේ කටපාඩම සහ පුස් සදාචාරය යි. පැරකුම් කියන කතාව ඇත්ත.

    අනික මේ සදාචාර මිනුම් දඬු කාලෙන් කාලෙට වෙනස් වෙන ඒවා.

    අපේ පාසලේ සමහර තැන් වල තිබෙනවා අසූ ගණන්වල ගත්තු සමූහ ඡායාරූප. මේවගේ කොණ්ඩ වවාගෙන ඉන්නෙ එල්විස් ප්‍රෙස්ලි වගේ. නමුත් අපි ඒ පින්තූර දැකපු කාලෙ කොණ්ඩය අඟලකඩ වඩා දික් වුණොත් කචල්.

    ඒ වගේම හැත්ත ගණන්වල පාසල් ගියපු පරම්පරාව ඇඳපු මිනි ගවුම් තරම් කොට ගවුම් අද අඳින්නේ නිරූපිකාවන් විතරයි.

    ReplyDelete
    Replies
    1. මා මේ ලඟදී පත්තරේක ගිය ලිපියක දැක්කා ගීතා කාන්ති ජයකොඩි පාසැල් ඇඳුමෙන්ගත්තු ෆොටෝ එකක්. මං හිතන්නේ 70 දශකයේ මැද හරියේ එකක් විය යුතුයි.

      ඇත්තටම මට පුදුම හිතුණා ගවුමේ කොට දැකලා!

      Delete
    2. ඒ මචෝ කැළණි පාළම නාට්ටියේ. දැන් ඒ කාළේ ඔය නාට්ටිය බලපු උන් ඔක්කෝම, පාරේ යන කෑලි. අහල පහල කෑළි රේප් කලානේ.. මතක නැද්ද.. ඒ කාළේ පත්තර පුරවලා තිබුනේ ඕවා වලින් නේ...

      Delete
    3. මේ මා තලන් කියන එකා කියන විදියට කැළනි පාලම බලලා ස්ත්‍රි දූෂණ සිදු උනා කියන නිගමනය මේකා පිස්සන් කොටුවේ ඉන්න කාලේ කරපු පර්යේෂනයක ප්‍රථිපලයක් වෙන්න ඇති. උඹ දාගෙන තියෙන නම හරියටම හරි. මා තලන්. උඹව දැන ගත්ත දාකට තැලුම් තෙල් බරට ඕන වෙයි....

      Delete
  10. මේ සිස්ටම් එක ඇතුලෙ ගුරු ගෝල සම්බන්ධතාව අහෝසිවෙලා බොහෝ කලක් ගතවෙනව. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන්නෙ ගනුදෙණුවක් විතරයි. ගනුදෙනුවකට එහා ගිය මානව සම්බන්ධයක්, ආදරයක් ගුරුවරයා සහ ළමයා අතර කිසිසේත් නැහැ. ගුරුවරයාට ළමයි පේන්නෙ මළයක්කු ටිකක් විදිහට. ළමයට ගුරුවරු පේන්නෙත් ඒ විදිහටමයි.
    අනික දැන් ගුරුවරු කියන්නෙ කිසිම විචාර බුද්ධියක් නැති, කියවීමක් නැති පොතේගුරුවාදියො ටිකක් විතරයි. (කලාතුරකින් කියවන කරන එකෙක් දෙන්නෙක් ඉන්නව)එහෙව් ගුරුවරු කොහොමද ළමා මනසක් තේරුම් ගන්නෙ. ළමා මනස කියන්නෙ බොහොම පරස්සමින් තේරුම්ගතයුතු වෙනමම හැදෑරිය යුතු විෂයපථයක්. ළමයා යනු ළමයෙකු මිස වැඩිහිටියෙකු නොවේ. එහෙත් දැන් ගුරුවරයා කරන්නෙ ළමා මනස තේරුම් ගන්නවා වෙනුවට ගුරුවරයා තුළ ඇති පීඩනය ළමයින් පිටින් යැවීමයි.

    අනිත් අතින් අපි මොනවා කිවුවත් මේ සමාජ ආර්තික ක්‍රමය තුළ ජීවිතය ගැටගහගැනීම සඳහා පොරබඳන මානසිකව ලෙඩ වූ මිනිසුන් ගෙන් කොටසක් වුනු, දිගින් දිගටම පීඩාවට පත්ව සිටින ගුරුවරයාටද, ඔහු ලඟ නොමැති, අපි ළමයාට දිය යුතුයයි කියන මානසික සහනය සහ අධ්‍යාපනය දියහැකිද කියන ගැටළුව මතුවෙනව.
    අනික පාසල් පද්ධතිය දේශපාලනීකරණය වීම. බෙට්ට හිරවුනත් දේශපාළුවකු පසුපස යන මිනිසුන් අතර වත්මන් ගුරුවරයා ප්‍රධාන තැනක් ගන්නව. මාරුව හදාගන්න, ප්‍රමෝෂන් එකක් ගන්න අරකටද, මේකටද, ගුරුවරයා යන්නෙ දේශපාලනඥය ලඟට මිස සිය වෘත්තීය සමිති ලඟට නොවෙයි. (අද වෘත්තීය සමිති වලින් කෙරෙන කාරිය වෙවම කතාකළ යුත්තකි.)දේශපාලනඥයෙකුගෙන් උදව් උපකාර ගත් ගුරුවරයා ඉන්පසු ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් බවට පත්වෙන එක වලක්වන්න බැහැ.

    මේ විදිහට බලද්දි මට හිතෙන්නෙ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් තොරව මේක සමාජ ගැටළුවක් ලෙස තේරුම් ගෙන මේ ඛේදවාචකය, මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කිරීම අපි හැමෝගෙම වගකීමක් සහ යුතුකමක් වෙනව කියලයි.

    ReplyDelete
  11. පසැල විතරක් නොවෙයි තාමත් බහුතරයක් සමාජයම ඉන්නෙ වික්ටොරියානු සංස්කෘතිය ඇතුලෙ. වැඩි දෙනෙක් අලුත් විලාසිතා ඇන්දට, අලුත් වාහනවල ගියාට තාම ඉන්නෙ 19වන ශතවර්ශයේ.
    අද පාසැල කියන්නෙ බහුතරයක් මෙවගේ වැඩිහිට්යො එකතුවෙලා ඉදිරි පරම්පරාවත් ඒ ගොඩටම දාගන්න තැනක්. මගේ පාසලේ මම ඉතාම ආසාවෙන් වැඩකරපු සංවිධානයකට උදව් කරන්න ලඟදි ගියම වැටහුනු දෙයක් තමයි දැන් ඉන්න ළමයි කැමති අපි කරපු දෙවල් (විද්යා දින, චිත්‍ර තරඟ, විවාද තරඟා කරන්න නොවෙයි. ඒ අයට අලුත්ම අදහස් ටියෙන්නෙ. කෙටි චිත්‍රපට, සංගීත වීඩියො වගේ දේවල වලට තමයි ඒ අයගෙ කැමැත්ත තියෙන්නෙ. අපි කරන්න ඔන ඒකට උදව් කරන එක මිසක් අපි කැමති දේ බලෙන් පටවන එක නොවෙයි.
    ඔහොම දඬුවම් කරන එක ගැන පොඩි කාලෙත් මම ගොඩක් විරුද්ධ වුනා. විශේෂ්යෙන්ම ශාරීරික දඬුවම්. මම දැන් ඉන්න රටේ නම් පහලම පන්තිවල උගන්වන අයට විශේෂ පුහුණුවක් තියෙනෙව ළමයගෙ දක්ශතා හඳුනාගන්න. ලංකාවනම ඉන්නෙ තවමත් සෑහෙන දුරින්.

    ReplyDelete
  12. පාසල් නිළ ඇඳුම ගැන විතරක්, මම හිතන්නෙ ලංකාව වගෙ රටක පාසල් වලට නිළ ඇඳුමක් තියෙන්නෙ ඕනෙ. එකෙන් අඩුම ගානෙ ලමයි එක මට්ටමක පෙනෙනවා. නැත්ත්නම් තියන එකම සුදු ඇඳුම හෝද හෝද අඳින ලමය දවස ගානෙම එකම පාට ඇන්දුම දෙක ඇඳොත් කපිල පේනව. ඒක ඒ ලමයත් අපහසුතාවයට පත්වෙනවා. අනික තියන එකා ෆුල් ස්ටයිල් දාල එනකොට නැති එකා නිකම්ම දෙකයි පනහට වැටෙනවා. එදා වෙල අමාරුවෙන් හොයන අම්මල තාත්තල කොහොමද ලමයින්ට පාට පාට ඇඳුන් දෙන්නෙ.
    මෙහෙ පාසල් වල නම් කිසිම නීතියක් නෑ ලමයින්ගෙ ඇඳුමට, නමුත් ලංකාවෙදි ඒක එච්චර ප්‍රායෝගික නෑ.

    හැබැයි, නිළ ඇඳුමක් නම එක නිල ඇඳුමක්, ආයි එක එකාට ඒකෙ කෑලි ඩිග් කරන්න කොට කරන්න පුලුවන්නම් එක නිළ ඇඳුමක් වෙන්නෙ නෑනෙ.

    - පසුගාමී ගෝත්‍රිකයා (උඹල මට කියන්නෙ එහෙමනේ

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි පසුගාමී ගෝත්‍රිකයා

      Delete
  13. mr.akit cn u explain y u r aginst th uniform. once when i was at scool wearung am bands in my hand my class teacher spoke to me n explqined why th governmebt has uven a uniform. asp him it is to create unifprmaty amongst childen.if nt for uniform rich will wear good cloths n th poor like us will wear weraheli. and also asp my umderstanding childen cant afford to wear five shirts n trousers a week. my dad only had one pair of uniform when he was schoolin if it was nt for th uniform he will jv to run in th nude. i cant undertand hw u cn say suxh a thung. true that th process is corruptd bt end of th a poor child gets to wear th same thing as th millionares child

    ReplyDelete
    Replies
    1. මම නිල ඇඳුමක් අනවශ්‍යයි කියනවා නොවෙයි. ලංකාවේ අද පවතින තත්වය තුළ නිල ඇඳුම ළමයින්ට වධයක්. ඒ ගැන පසුව ලිපියක ලියනවා.

      නිල ඇඳු‍මෙන් සමානාත්මතාව ඇති වෙනවා කියන එක මිථ්‍යාවක්.

      "if nt for uniform rich will wear good cloths n th poor like us will wear weraheli."

      මේ කතාව සම්පූර්ණ ඇත්තක්වත්, සම්පූර්ණ බොරුවක්වත් නොවෙයි. මිනිස්සුන් ඇඳුම් අඳින විධිය සම්පූර්ණයෙන් ම ආර්ථික තත්වය හා සමාන්තර වෙන්නේ නැහැ. සරළව කිව්වොත් ධනවතුන් අනිවාර්යයෙන් ම හොඳ ඇඳුම් අඳින බවත්, දුප්පතුන් අනිවාර්යයෙන් ම නරක ඇඳුම් අඳින බවත් කියන්න බැහැ.

      Delete
    2. let me talk wit an example, no matter how we cant expect 100% uniformity how ever if it was nt for a uniform wouldnt the gap be more,, i mean many people judge others by the way they look and its the same wit children,
      and lookin forward to see the u write on unforms, when u do plz explain wat u suggest to replace the uniform...i remember i used to get the uniform every year n once the unp government restricted it to the poorest ,,we hd to go to gramam sewaka and submit a letter to get the uniform and it turned normal when ranila went hm

      Delete
    3. පැරා ළමයි ගැන කතා කරමු නිල අන්දුම් වලින් හැම දේකම සමානාත්මතාව ඇති වෙන්නේ නැ. නමුත් එක උදවු වෙනවා සමාජයේ එක කොටසකට තමන්ට ස්ථාවර මට්ටමක් ඉන්න.

      Delete
    4. the concept about a "uniformity" in school itself is wrong!
      "uniformity" is something used in armies, where individuals should not think, and should only take orders form above. what schools should promote is "diversity"...

      school should be a place were children get trained to live in the mass society. but the mass society is not "uniform"...

      Delete
  14. above is qt mr. ajith. forgive me for th spleelings. this is sent via mob keypad which keys toggle frequently.

    ReplyDelete
  15. ගොඩාක් වැදගත් ලිපියක්,ඇත්තටම මටත් ඉස්කෝලේ මහා එපා කරපු තැනක් වේලා තියෙන්නේ ඔය පිස්සුව හින්දා තමයි. ගුරුවරු හිතාගෙන ඉන්නේ කලිසමයි කොන්ඩෙයි කැපුවම ඔක්කොම හරි කියලා (හැබැයි ඒගොල්ලෝ එන්නේ miss sri lanka යන්න වගේ) ඉගෙන ගන්න එකම මේ වයසට කරන්න බෑ මොකද අපිත් මිනිස්සුනේ...

    ReplyDelete
  16. we are always trying to polish up the outside. What use in polishing up the outside when there is no inside?
    -SWAMI VIVEKANANDA-

    “ ඇතුලත නැති විට පිටත ඔප දැමීමේ අර්ථයක් නැත “

    වධක රැළක් දකිනා ලෙස උදෑසන
    ගුරුවරුන් දරුවන් ද
    දරුවන් ගුරුවරුන් ද දකී

    පාතාලයේ මහ මැරයා පන්තියේ වාඩි වෙලා ඉන්නව කියල හිතන් ළමයින්ට උගන්වන ගුරුවරු ඉන්නවා දැකල තියෙනවා.

    “වැඩක් නෑ මිස් ඕකුන්ට උගන්වල“ උගන්වන ගුරුවරයාට අනිත් ගුරුවරු කියනව ඇහිල තියෙනවා.

    අපේ කාලෙට වඩා අද කාලේ ළමයි ස්වාධින වෙන්න හදනව දැනිල තියෙනවා.

    ගත වෙච්චි තරුණ කාලේ ගැන වද වෙමින් දරුවන්ගෙ තරුණ කාලෙට ඉරිසියා කරන අයව දැකල තියෙනවා.

    ගුරුවරුන්ව ගන්න නොගන්නා නාහෙට අහන්නැති ළමයින්ව බොහොම අඩුවෙන් දැකල තියෙනවා.

    ගුරුවරයාග් වරද ගැන බොහොම කෙළින් කතා කරන ළමයිව බොහොම අඩුවෙන් දැකල තියෙනවා.

    තමන්ගෙ දරුවට වෙච්චි අසාධාරනයක් නිසා කෝප වෙලා විදුහල්පතිට ගහන්න ආපු තාත්තල බොහො ම අඩුවෙන් දැකල තියෙනවා.

    තරාදියක දාලා බැලුවොත් දෙපැත්තේම වැරදි තියෙනවා.විටෙක එක පැත්තකට තවත් වෙලාවකට තවත් පැත්තකට.

    කොහොම වුනත් ගමේ ස්කෝලට ගමේ ගුරුවරුම අවුරුදු ගනන් උගන්වන්න ගත්තම තමයි ඔය ලෙඩ ඔක්කොම. ගමේ ගෙවල් වල තරහ මරහ උදේට ස්කෝලෙ එද්දිත් ස්කූල් බෑග් එකට දාගෙන එනවා.

    ගෞරවය බලෙන් ගන්න බැරි දෙයක් .ආදරය වගේම තමයි.කරන කියන වැඩ වලින් ගෞරවය ලබා ගන්න දන්නැති නම් මොනා කරන්න ද?

    ReplyDelete
  17. ලංකාවෙ පාසල්වල පිලිගත් විනය නිති රිති මාලාවක් තියෙනවා. අනාදිමත් කාලයක සිට ඒවායින් දරුවාගේ කොන්ඩය, අදුම, ටයිපටය සහ කණකර ආභරණ ගැන සහ නූතන්යේ වෙනත් තාක්ෂණ මෙවලම් ගැනත් සැලකිලිමත් වෙනවා. කොහොම වුණත් ඒ නිති මාලාවට ගරුකළ යුතුයි.

    අපේ පාසල් සමයෙත් දිග කලිසම්වල වාටි ගැලෙව්වා. කොණ්ඩය කොටට කැප්පෙව්වා..
    ඒත් ඒ දඬුවම එදා අපි වගේම අපේ දෙමව්පියනුත් පිළිගත්තා.

    මේ මන්ත්‍රිවරයා. තමන්ගේ හිතුවක්කාරකමය් දඩබ්බර කමයි බලපුළුවන්කාර කම පෙන්නන්න ගුරුවරිය ට දඩුවම් පැමිණ විම කිසිසේත් සමාව දිය නොහැකියි.හැබැයි මේ වන විට ඔහු ඉල්ලා අස්වෙලා ඒත් වැඩක් නෑ මේ සති අන්තයේ සමහර විට වයඹ විසුරුවා හරීවි. ඒ නිසා ඒක දඩුවමක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. කාලාමයෙනි යමක් ඇසූ පමණින් භාර නොගන්න..

      පරම්පරාවෙන් පැවත එන නිසාවත්……..
      එය එසේයයන ආරංචියෙන්වත් ……..
      ආගමික පොත් පත්වල තිබුණු පමණින්වත්…………..
      තර්කානුකූල නිසාවත්………
      එය පවත්නා න්යායය නිසාවත් ………………..
      මේ කාරණය කියා තිබෙන හැටි මැනවැයි සිතාවත් ……………….
      තමන් කලින් සිතූ අදහසට ගැලපුණු පමණින්වත් ……………………
      මේ පුද්ගලයා උසස් කෙනෙක්හෙයින් ඔහු කියන දේ පිලිගතයුතුයයි සිතාවත් ………………..
      මේ තැනැත්තා මගේ ආචාර්යයන්වහන්සේය කියාවත් …………………………

      යමක් භාර නොගන්න.

      Delete
  18. තමුසෙට පිස්සුද ඖයි. ඉස්කෝලෙදි වත් විනය බැලුවෙ නැත්තනම්. ඉස්සරහට ලංකාවක් නැතිවෙයි.

    ReplyDelete

  19. කතන්දර කාරයා ඉන්නේ උතුර දකුන මාරු වෙලා. ගීතා කාන්ති නිලිකමට ඇඳපු ගවුම මේ ප්‍රස්නෙත් එක්ක පටලවාගෙන. අනෙ මීමො , මාලනී ෆොන්සේකාගේ ඉස්කෝලෙ ගවුමේ කොට දැකල නැද්ද?

    දැක්කා නම් පුදුම හිතිලා තව දේවලුත් හිතෙයි.....

    සංකීර්ණ ප්‍රශ්න දිහා කතන්දර මානසිකත්වයෙන් බලන්න එපා මීමො....

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.