2013-07-31

ලංකාවේ පිරිමි දක්ෂතා ඇති ගැහැනුන්ට බිය ඇයි? (ජානකීගේ සිට ශිරානි දක්වා)

මා මෙහි පහත යළි පළ කරන්නේ 2008 ජනවාරි මස පළ කරන ලද ලිපියකි. මට එය නැවත පළ කරන්නට සිතුණේ ජානකී සූරියආරච්චි පිළිබඳ ලියන ලද පසුගිය සටහනට ලැබුණු ප්‍රතිචාර කියවීමේදී ය.

ජානකී සූරියආරච්චි පමණක් නොව සුනේත්‍රා රාජකරුණානායක වැනි ලේඛිකාවන් ද ලංකාවේ විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා පිරිමින්ගේ නිර්දය ප්‍රහාරයට ලක් වූහ. ඇය අවුරුදු පතා පොත් ලියනවා ය, භාෂාව හොඳ නැති ය වැනි විගඩම් මිස හරයක් ඇති විචාරයක් ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් කිරීමට සුචරිත ගම්ලත් දක්වා කිසිදු විචාරකයෙක් සමත් වූයේ නැත. තමන්ගේ බැනිල්ලට පදනමක් අවශ්‍ය නිසා අන්තිමේදී බොහෝ දෙනෙක් එල්ලුණේ ‍ගුණදාස අමරසේකරගේ කරේ ය. ඔහු කී දෙයක් වන්නේ ඇගේ පොදු පුරුෂයා ව්‍යාජයක් ය කියා ය. ඒ කියන්නේ යථාර්ථවාදී නො වනවා ය කියා ය.

අමරසේකර දන්නා යථාර්ථවාදයේ අග්‍ර ඵලය ඔහුගේ ගමනක මුල, මැද, අග නම් තුන් ඈදුතු නවකතාවයි. මට නම් එය නවකතාවක ව්‍යාජයෙන් ලියන ලද වංශ කතාවකි.

සුචරිත ගම්ලත් නම් කීවේ මෙවැනි දේ ය: "ගිය සැරේ සුනේත්‍රා රාජකරුණානායක කියල කෙනෙක්‌ගෙ පොදු පුරුෂයා කියල පොතකට තෑගි දුන්න. ඒක එහෙම පිටින්ම පපඩම් නව කතාවක්‌. නීරස නාටාමි භාෂාවෙන් ලියල තියෙන ඒ කතාව දැකල සුමිත්‍රා රාහුබද්ධ කියල කෙනෙක්‌ නාටාමි භාෂාවෙන් ඒ ජාතියෙම කතාවක්‌ ගොතල සම්මානෙකුත් ගත්ත. මේ වගේ පොත් ලියල පොත් කියවන මිනිස්‌සුන්ගෙ කාලය විනාශ කරන එක විශාල අපරාධයක්‌. හොඳ පොත් කියල මේ පපඩම් නවකතාවලට සම්මාන දෙන සාහිත්‍ය මණ්‌ඩලවල ඉන්න අයත් ඒ අපරාධයේ හවුල්කාරයෝ."

පිරිමින්ගේ දුර්වල පොත්වලට සම්මාන දෙන විට ‍මේ විචාරකයෝ මේ තරම් කිපුණේ නැති බව විමසා බැලුවොත් පෙනේ. මෙම ලිපියේ අරමුණ සාහිත්‍ය විචාරය නො වේ.

ලංකාවේ පිරිමි ස්ත්‍රී බලයට බිය ඇයිදැයි විමසීම සඳහා 2008 වසරේ පළ කරන ලද මෙම ලිපිය යළි පළ කරමි. 

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman


ඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි.

පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී.

මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.'

කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද?

නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි.

මේ යුගයේදී ලොව පුරා පැතිර ගිය වසංගත හේතුවෙන් විශාල ජනගහණයක් මිය ගිය අතර, යම් ජෛව විද්‍යාත්මක ඔරොත්තු දීමේ හැකියාවක් හේතුවෙන් ස්ත්‍රී ගහණය පුරුෂ ගහණයට වඩා වැඩි වන තත්වයක් දක්නට ලැබුණු බව චිත්‍රපටය පවසයි. යුද ගැටුම් හේතුවෙන් පිරිමින් වැඩිපුර මිය යාම ද මෙයට එකතු වූ තවත් තත්වයකි. අවිවාහක, ස්වාධීන ගැහැණුන් සුලබ වීම මෙම යුගයෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ තත්වයකි.

නවීන වෛද්‍ය විද්‍යාව දියුණුවට පත් ව නොතිබුණු, සොබා දහමේ අභියෝග හමුවේ මිනිස් අසරණකම වඩා ඉස්මතු ව පෙනුණු මෙම යුගයෙහිදී සම්ප්‍රදායික ඖෂධ පිළිබඳ දැනුම, සුව කිරීමේ හැකියාව, වින්නඹු ශිල්ප ඥානය ආදී බලයන් සහිත වූ කාන්තාවන්ට සමාජයේ බිය මුසු ගෞරවයක් තිබිණි.

පීතෘමූලිකත්වයේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ලා ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රයත්නයන් හමුවේ මායාකාරිය පිළිබඳූ අර්ථකථනය තුළට මෙම ‛බලවත්‛ ගැහැණුන් ඇතුළත් කරන ලදී. ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ, බුද්ධිමත්, අභියෝගාත්මක ගැහැණු ද මේ වර්ගයට අයත් වූහ. ඇතැම් විටෙක සාක්ෂරතාව පවා යක්ෂයාගෙන් ලද ලක්ෂණයක් ලෙස සැලකිනි.

මායාකාරියන් හඳුනාගැනීම සඳහා inquisition හෙවත් පරීක්ෂක සභාව නම් වූ ක්‍රමවේදයක් භාවිතා කරන ලදී. පිරිමින් විසින් කෲර වධ බන්ධනයට ලක් කරමින් ගැහැණුන් ප්‍රශ්න කරන ලද අතර එම කෘරත්වය හමුවේ බොහෝ ගැහැණු පාපොච්චාරණ කළහ. ලිඛිත සාධක අනුව මෙම පාපොච්චාරණ බොහොමයක් එක හා සමාන ය. යුරෝපා ක්‍රිස්තියානිත්වය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ සංහාරයට ලක් වූ මිලියන ගණනාවක් ජනයා අතරින් 85%ක් පමණ ස්ත්‍රීන් බව කියැවේ.

‛මායාකාරිය‛ යනු අඳුර සමග සම්බන්ධ වූ ස්ත්‍රී බලයකි. ස්ත්‍රී බලයට එරෙහි වසර 5000ක මත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ මායා ශිල්ප (witchcraft) අපරාධ ලෙස නම් කර ඒවා හා සම්බන්ධ ගැහැණුන් අපරිමිත වධ බන්ධනයට ලක් කර ඝාතනය කිරීමේ හැකියාව තිබිණි. එම වධයට පැමිණවීම් සහ ඝාතන එදා සාමූහික වින්දන මාර්ගයක් වී තිබුණු බවක් ද පෙනේ.

මායාකාරියන් සංහාරය ස්ත්‍රී බලයට පුරුෂ මූලික සමාජයේ ඇති බිය සංකේතවත් කරයි.

මෙම ලිපියෙහි අරමුණ බටහිර ඉතිහාසයේ ඓතිහාසික කළු පැල්ලමක් වන මෙම මායාකාරියන් විනාශ කිරීම හෙවත් ස්ත්‍රී බලය පිටුදැකීම සිංහල සමාජයේ තත්වයන් සමග සන්සන්දනය කිරීමයි.

පැරණි සිංහල සමාජයේදී සම්ප්‍රදායික ඖෂධ දැනුම, වින්නඹු ශිල්පය හා යකැදුරුකම් වැනි විශේෂ හැකියාවන් සහිත වූ ගැහැණුන් පිටු දකිනු ලැබූ බවට ඓතිහාසික සාධක දක්නට නොමැත. ඒ වෙනුවට ඔවුනට සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත, සුවිශේෂ ස්ථානයක් ලබා දී තිබුණ බව දැකිය හැකි ය.

මායාකාරියන් පිළිබඳව පැරණි සිංහල සාහිත්‍යයෙහි මඳ වශයෙන් සඳහන් වේ. මහාවංශයෙහි එන කුවේණි චරිතය එවැන්නකි. යක්ෂ ගැහැණියක වන ඇය තම්බපණ්ණි වැල්ලට ගොඩබට විජය කුමරු හමුවට බැල්ලක එවීම සහ බැල්ල පසුපස ගිය කුමාරවරුන් සත්සියයක් පොකුණක සඟවා තැබීම වැනි මායාවන් කළ බව දැක්වේ.

‛මායාකාරිය' නම් වූ බටහිර භාෂාත්මක ගොඩනැගීම පැරණි සිංහල සාහිත්‍යයෙහි වර නැගෙන්නේ ‛යක්ෂණිය' නම් වූ වෙනස් ස්වරූපයකිනි. ඇයට බටහිර සමාජයේ මායාකාරියට තරම් ‛මිනිස්භාවයක්' නොමැති අතර ඇය වඩා ප්‍රබන්ධාත්මක, පරිකල්පනීය චරිතයක ලක්ෂණ පෙන්නුම් කරයි. පැරණි සාහිත්‍යයෙහි යක්ෂණියන් ගැන සඳහන් වන්නේ යක්ෂයන්ට වඩා අඩුවෙන් ය.

සිංහල සමාජයේ යක්ෂ සංකල්පය බටහිර යක්ෂ සංකල්පයෙන් හාත්පසින් ම වෙනස් එකක් වන බැවින් සිංහල යක්ෂණිය බටහිර යක්ෂයා සහ මායාකාරිය පිළිබඳ ප්‍රවාදයන් සමග සන්සන්දනය කිරීම පදනම් විරහිත ක්‍රියාවකි.

එහෙත්, බාහිර සංස්කෘතීන්ගේ බලපෑමට වැඩිපුර ලක් වූ ජන සාහිත්‍යයෙහි එන මායාකාරිය සහ මන්තරකාරිය ආදී චරිත නම් සෑහෙන දුරට බටහිර සංකල්පවල බලපෑමට ලක් වී ඇති බව පෙනේ. නූතන සිංහල සාහිත්‍යය තුළ මායාකාරිය පිළිබඳ සංකල්පය ප්‍රචලිත වීමට බටහිර සාහිත්‍ය පරිවර්තන සහ විශේෂයෙන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. ඒ. දිසානායක විසින් නිර්මානය කරන ලද බටකොළ ආච්ච් චරිතය පදනම් වූ බව පෙනේ.

බටකොළ ආච්චි නම් චිත්‍ර කතා චරිතය 1960 දශකයේ මුල් වකවානුවේ සිට අද දක්වාම ‛මිහිර‛ ළමා පුවත්පත හරහා ළමයින් අතර ජනප්‍රිය වී තිබේ. මිට අග ගිනි දළුවක් ඇති ඉදලක නැගී අහසින් ගමන් බිමන් යන, බූසි කෙස්සක් සහිත, දළ සළු ඇඳි, මහළු ගැහැණියක වන බටකොළ ආච්චි චරිතය ඉතා පැහැදිලිව ම බටහිර සුරංගනා කතා ආභාසයෙන් නිර්මානය කරන ලද්දකි.

බටහිර ආභාසයෙන් සිංහල සමාජයෙහි ප්‍රචලිත වූ මායාකාරිය පිළිබඳ ප්‍රබන්ධාර්ථය ඉක්මවා යමින් භෞතික සමාජයේ මායාකාරී ස්ත්‍රීන් පිළිබඳ සාකච්ඡා කරන සාහිත්‍යමය ප්‍රවේශයක් අපට මුලින්ම හමු වන්නේ දේශීය සාහිත්‍යය තුළ නොව යටත් විජිත ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රවර්ගයෙහි ලා සැලකිය හැකි ලෙනාඩ් වුල්ෆ්ගේ Village in the Jungle තුළයි. පසු කලෙක මෙය ඒ. පී. ගුනරත්න විසින් ‛බැද්දේගම' නමින් පරිවර්තනය කරන ලදුව සිංහල සාහිත්‍යයට එක් වේ.

වුල්ෆ්ගේ නවකතාවෙහි බැද්දේගම ගම්වැසියන් හින්නිහාමි නම් ස්ත්‍රිය මායාකාරියක ලෙස සලකා ගල් ගසා මැරීමේ සිද්ධිය සිංහල සමාජ ඉතිහාසයෙහි ස්ථානගත කරන්නේ කෙසේ ද යන්න මතභේදයට තුඩු දුන් කාරණාවකි.

එවන් තත්වයක් ඇත්තටම සිංහල සමාජයෙහි තිබුණා ද, නැතිනම් බටහිර චින්තන රාමුවෙහි හිඳ ලාංකීය සමාජය දෙස කුරුළු ඇසකින් උඩින් බැලූ යටත් විජිත සිවිල් නිලධාරියකු වන ලෙනාඩ් වුල්ෆ් මෙම සාහිත්‍යමය ගොඩනැගීම හරහා වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට යත්න දැරුවේ ද යන්න තව දුරටත් සංවාදයට ලක් විය යුතු ය. වුල්ෆ් යුරෝපා සමාජයේ පුරාතන සහ මධ්‍යතන යුගවල යථාර්ථයන් බැද්දේගම නම් වූ ආසියාතික ප්‍රාථමික ගම්මානයක පසුබිමෙහි තබා ප්‍රතිනිර්මානය කිරීමට උත්සාහ කළේ ද යන්න මෙහිදී අවධානයට යොමු විය යුතු ය.

මායාකාරියන් පිළිබඳ ඉතිහාසය කෙසේ වෙතත්, ලංකාව බටහිරකරණයට වැඩිපුර ගොදුරු වූ මෑත සමයෙහිදී ස්ත්‍රී බලයට බිය වීම යන කාරණය පිළිබඳව නම් අපගේ අවධානය මීට වඩ යොමු විය යුතුව ඇති බව පෙනේ.

මේ සඳහා සලකා බැලිය හැකි නිදසුන් දෙකක් ගෙනහැර පාමින් මෙම සටහන සමාප්ත කරමි. නිදහසින් පසු යුගයේ ලංකාවේ රාජ්‍ය නායකත්වය හෙබවූ පුද්ගලයන් එකොළොස් දෙනා අතරින් දෙදෙනෙක් කාන්තාවෝ් ය. ඒ සිරිමා බංඩාරනායක සහ ඇගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය. ඔවුනට බලයට පැමිණීමට පසුබිම සැකසෙන්නේ දේශපාලන නායකයන් වූ තම ස්වාමිපුරුෂයන් ඝාතනයට ලක් වීම ඔස්සේ ය. කෙසේ වෙතත්, ඔවුහු රාජ්‍ය බලය හෙබවූ සමයෙහිදී අතිශය බලවත් තත්වයක පසු වූ හ.

බලය අයථා ලෙස පාවිච්චි කිරීම සහ අඩු වැඩි මට්ටමින් දූෂණ ක්‍රියාවන්හි යෙදීම මෙම රාජ්‍ය නායකයන් එකොළොස්දෙනා තුළ ම දැකිය හැකි ය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා සහ බලයේ සිටියදී ම ඝාතනයට ලක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බංඩාරනායක, ආර්. ප්‍රේමදාස යන රාජ්‍ය නායකයන් දෙදෙනා අත් හළ විට, සෙසු පිරිමි රාජ්‍ය නායකයන් හය දෙනා බලයෙන් පහ වූ පසු අත් නොවිඳි සුවිශේෂ තත්වයන්ට ස්ත්‍රී රාජ්‍ය නායිකාවන් මුහුණ දීම මෙහිදී අප විග්‍රහ කරන්නේ කෙසේ ද?

1977 න් පසු හිටපු අගමැති සිරිමා බංඩාරනායකගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කරන ලදී. 2006දී චන්ද්‍රිකා බංඩාරනායක බලයෙන් ඉවත් කෙරුන පසු මුහුණ දෙන තත්වයන් පිළිබඳ නැවත ලිවීම අවශ්‍ය යයි නොසිතමු. මෙහිදී ඇය වටා නිර්මානය වූ ප්‍රබන්ධ හා යම් යම් යථාර්ථයන් ඒකරාශී කර වික්ටර් අයිවන් විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ‛චෞර රැජින' කෘතිය මෙරට ඉතිහාසයේ හොඳම අලෙවියක් තිබූ පොත් ගොන්නට එක් වීම ද අපගේ අවධානයට ලක් විය යුතු කරුණකි.

අප මතු කරන ප්‍රශ්නය වන්නේ ලංකාව දැඩි විපර්යාසකරණයකට ලක් කළ ජේ. ආර් ජයවර්ධන ඇතුළු සෙසු කිසිදු පුරුෂ රාජ්‍ය නායකයෙකු මෙවැනි තත්වයකට මුහුණ නොදුන්නේ ඇයි ද යන්නයි. ස්ත්‍රී බලයට ලාංකීය සමාජය බිය ද?

පසුව එකතු කරමි: රාජපක්ෂ පවුල් පාලනය ශිරානි බංඩාරනායක හිටපු අග විනිසුරුවරියට එළව එළවා පහර දෙන්නට හේතුව ද මෙවැනි ම නො වේ ද? 

තත්වය එසේ වුවත්, ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

19 comments:

  1. පව් කෙල්ල ඇඩුවද? කමක් නෑ පැරා 5% ක කමිශන් එකක් වත් ගන්න බලහන්..... නැත්තන් බස් වල පොත් උස්සන් ගිහින් ඉස්කෝල ගානෙ විකුණලා ලාබයක් තියේ යැ.....

    ReplyDelete
  2. අමරසේකර ගේ "ගමනක..." සීරීස් එකේ පොත් නමයක් තියෙනවා. තුන් ඈඳුතු කතව ලිව්වේ වික්‍රමසිංහ.

    මං 2010 දී විසිදුනු එකෙන් ගමනක පොත් සැට් එක ගත්තා.

    අ.පො.ස....!

    ReplyDelete
  3. අනාගතයේ දිනක චෞර රජා නමින් පොතක් ලියවෙන්නට necessary and sufficient condition එකක් වන්නේ අද ඉන්නා insider කෙනෙක් හෙට පරම සතුරෙක් බවට පත්වීමයි.

    ReplyDelete
    Replies
    1. අනේ කකා, ගෑනු ගැන කතා කරන්න කලින් තමුන් හරි හමං ගැනියෙක් අරං හිටියොත් නරකද? ඈ ? කකාටත් වඩා හෙන නාකි ගෑනියෙක් බැදගෙන, ඒ උන්දැට බයේ ගෙදර උයන පිහන වැඩ කරන ගමන්, ඒ ගෑනිගේ පිහිටෙන් රටත් ගිහිං මෙතන එනවා පොර ටෝක් දෙන්න.

      Delete
    2. APE MAHA KAKKA THUMATA EHEMA KIYANAA EPA, EKA EYAGE PUDGALIKA JEEWITHAYANE.

      Delete
    3. අඩෝ කවුද ඩෝ අපේ කක්කා කථා ශුරීන්ට අනං මනං කියන්නේ ? (සබාවේ තදින් සිනා)

      Delete
    4. Adoooooooooo Kathandara aiyta mokuth kynna enna epa eka ekage pawdgalika jivitha walata mokuth nokiya wedak bala ganin

      Delete
  4. පැරා තනි තනි සිද්ධි ගොඩක් අරගෙන ...ඒක ජෙනරලයිස් කරන්න හදනවා....ලකාවේ කාන්තාවට පිලිගැනීමක් නෑ..නතනම් ඇර ග්ලාස් සීලිං කතාව..කිව්වම අර උන් හා අපි බේදය ඇති කරලා කණඩායමක් හදා ගන්න ලේසියි..මං කිව්වේ පැරාට නෙවෙයි...ස්ත්‍රෛවාදීනට

    ඒත් මට නං ලාංකාවේ ඇතුලේ කාන්තාවට මථවාදී තලයේදී,තම තමුන්ගේ ප්‍රේෆෙශනල් ජීවීතයේදී එහෙම විශේශ අකටයුත්තක් වෙනවයි කියලා හිතන්න අමාරුයි...ඇත්තටම ඒකේ අනෙක් පැත්තන් නං සිද්ද වෙන්වා...මොකද සමහර දක්ශ පිරිමි ඉන්නවා හිලක් නැති හින්දා තැනක් ගන්න වැරි වෙච්චි..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ වලදී හිලට ලකුණු හම්බ වෙනවා.ස්ත්‍රියක් හා පුරුෂයෙක් හිටියොත් තෝරාගන්න්නෙ ස්ත්‍රිය

      Delete
    2. ස්ත්‍රියකට, තමා ස්ත්‍රියක් වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද?

      - නලින් ද සිල්වා ගුනරත්න

      Delete
  5. http://sthreevaadaya.blogspot.com/2013/02/blog-post.html

    අපි නොදන්න ස්ත්‍රීන්න්න්න්න්න්න්න්න්

    ReplyDelete
  6. ඔයිට වඩා හොද නැද්ද සමාජ වාදෙ ස්ත්‍රියට ඇති තැන ගැන කතාකරොත්...

    ReplyDelete
  7. ස්ත්‍රීත්වය ආභරණයක් ලෙස හා ආයුධයක් ලෙස භාවිතා කිරීම දැකගත හැකියි.ස්ත්‍රිය වෙන් කොට සැලකීමට පුරාන නීතිදායකයන් කටයුතු කළේ මේ තත්වය වටහා ගෙන විය හැකියි.චන්ද්‍රිකාම වුනත් ස්ත්‍රීත්වය අලෙවි කරනවා.උදාහරණයක් ලෙස බලන්න අපි ප්‍රේමදාසට මිනීමරුව කියනවා.හැබැයි නිවෙස් වල සිටින තරුණ තරුණියන් පැහැරගෙන ගොස් මරා දැමීමේ ක්‍රමය මුලින්ම හදුන්වා දුන්නෙ සිරිමා.කවුරුවත් සිරිමට මිනීමරු චෝදනාව කරන්නෙ නෑ,එයා ස්ත්‍රීත්වය ආභරණයක් හා ආයුධයක් කරගත් නිසා.ඉරාකයෙන් මර්ධන ක්‍රම ඉගෙන ඒවා මෙහි භාවිතා කළ බව ලක්ෂ්මන් ජයකොඩි ප්‍රකාශ කළා.ඒකම උදාහරණයක් ස්ත්‍රියට ඇති තැන ගැණ කියන්න.
    එච්චර උදාහරණ ඕනෙ නෑ.ගෑනු කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන්නෙ ගෑනුකම ඉස්සරහට දාගෙන.මොකද ගෑනි එක්ක ගහගන්නයැ.මොනව හරි කීවොත් බොරු පැමිණිල්ලක් දමාවි කියල හැමෝම බයයි.

    සිනමා ක්ෂේත්‍රයෙ ,මාධ්‍ය ක්ෂේත්‍ර පෞද්ගලික අංශයෙ කාන්තාවන් ඉස්සරහට යන්නෙම ගෑනුකම විකුණමින්.මම නම් හිතන්නෙ ගෑනු කම සතු මෙම බලය නිසා අසාධාරන වෙන්නෙ පිරිමින්ටයි

    ReplyDelete
  8. පැරා මාක්ස්වාදයෙන් අන්ධවී ඇති නිසා ස්ත්‍රිය පීඩිතයාය ,පුරුෂයා පීඩකයාය යන මතය අදහන නිසා හෝ කලින් ලිපියකට මතවාදී නිදහසට කරුණු කියා බොරු ප්‍රබුද්ධත්වය තහවුරු කර ගැනීමට මෙසේ කතා කරනවා විය හැක.පැරාගේ මතවාදී දරිද්‍රතාව මෙයින්ද පෙනේ.
    ස්ටාලින් මාක්ස්ගේ පොත් විශ්වාස කර කාන්තාවන් කායික මානසිකව පිරිමින් කරන්නට යාම හා පවුල නීතියෙන් තහනම් කිරීම මට මතක 1928 දී කියාය.මුළු රුසියාවම අර්බුදයකට වැටුනි.මාක්ස්ගේ මනෝ විකාර බිම් මට්ටමට ගෙන ඒමෙන් මේ හානිය සිදු විය.පුද්ගලයා යනු සමාජ ක්‍රමය විසින් මෙහෙයවෙන පරඩැලක්ය යන මාක්ස්වාදී මිත්‍යා අන්ධකාරය නිසා මාක්ස්වාදීන් ලඟද නොපෙනෙන දුරද නොපෙනෙන අන්ධයන් වී ඇත.සමාජය වෙනස් වන්නේ නිරන්තර ගැටුම් නිසා නොවේ.ස්වාභාවිඅක් සමාජ සංසිද්ධිය නම් සංයෝජනයයි ගැටුම නොවේ.දැනුම විවිධ වීමෙන් නිශ්පාදන උපක්‍රම විවිධ වේ.නිශ්පාදන මාර්ගවල හිමිකාරීතවය නොව නිශ්පාදන උපක්‍රමවල විවිධත්වය මත සමාජය වෙනස් වේ.මෙහි නිශ්පාදනය යනු භාන්ඩ හාසේවා පමනක්ම නොවේ.නිශ්පාදන උපක්‍රම වෙනස් වන විට එම උපක්‍රම වල විවිධ කොටස් සඳහා සුදුසු අය විවිධ විය හැක.උදාහරනාය්ක් ලෙස කාර්යාලීය රැකියා සඳහා කාන්තාවන් රුචි වීම දැකිය හැක.දඩයම් කරන අහුලන් කන යුගයේ සුරක්ෂිතතාඅව් වැනි කරුනු වලට මූලිකත්වය දිය යුතු වූ නිසා කාන්තාව වෙන් කර තබන ලදී.මෙය සැලසුම් සහගත කුමන්ත්‍රනයක් නොවේ .අවශ්‍යතාවයට අනුව හැඩ ඝැසීමකි.මේ ගැන මෙහෙම කතා කළ නොහැක.දීර්ඝව කරුණු පැහැද්ලි කළ යුත්තකි.කෙසේ හෝ මාක්ස් ආගමිකයන් වැටී ඇති මුලාව එනම් ස්ත්‍රී පුරුෂ හැසිරීම් දේව යක්ෂ ගැටුමට ඌනනය කර තම පුංචි මොළවලට ගැලපෙන චූන් එක ගන්නටත් කුල හීනමානය වැනි ලාමක කරුණු මත කැරළි ගසන අදබාලයන් ට බස් ගිනි තබන්නට ,තුන්ඩු කෑලි වලින් කඩ වසන්නට,මිනී මරා මිනිය දනිහෙන් පහල ගෙන යන්නටත් මාක්ස් වැනි බල්ලෙකුගේ බිරිල්ල ඉල්ලුමට සැපයුමට හොදින් සෑහේ.

    ReplyDelete
  9. මුවාට නැතිව ඇයි මේ මුව හමට තලන්නේ?

    ඔය ආඩපාලි කියන්න කලින් අර ජානකීගේ පොත් විකුණන්න දාපු පෝස්ට් එකේ සුජීව දාපු කමෙන්ට් එක ගැන වචනයක් කියලා ඉන්නකෝ.

    ReplyDelete
  10. අඩෝ ගොන් වමේ ටෝක් දෙන්න එපාඩෝ. ගෑනු පිරිමින්ව නටවන එකයි ඩෝ වෙන්නෙ. මං ඉදිරිපත් කරපු "නංගියා සංකල්පය" දන්නෙ නෑ වගේ කට්ටිය බොරුව නේද දාන්නෙ?
    - පානදුරේ ගුනේ

    ReplyDelete
    Replies
    1. නංගියා සංකල්පය ඒ මොකක්ද?

      Delete
  11. Go back to your kitchen women and try to cook something nice ! We Lankan men are not like white people who are afraid of their women ! Try to do something useful with your life and don't get involved in stuff which you can't do ! Be a woman and remember this is Sri Lankan society and try to adapt to this than grabbing all the garbage from Western countries ! At least be happy the fact that we don't treat you like Arabs !

    ReplyDelete
  12. චෞර රැජිණයි, ශි.බ කේස් එකයි ඔය ලාච්චුවට නොගැලපෙන දේවල්. ශි.බ. ට බය වුනේ නඩු තීන්දුවකින් පලාත් සභාවලට නොදිය යුතුයි කියලා හිතුනු බලයක් ලබා දෙන්න ගිය නිසයි. ජී ඇල් ලොක්කාගේ නිර්දේශෙට පත් කලාට කලක ඉඳන්ම එයාට තිබ්බෙ එහෙම ලිබරල් දැක්මක් කියලා දැක්කාම ඇති වුන භීතිය නිසයි ඒක එහෙම වුනේ. මේ රජුගේ 'දක්ශතාවය' නම් බයක් දැනුනු ගමන් ඊට ප්‍රතිචාර දැක්වීම සහ ඒ ප්‍රතිචාරය හුදු මිනිමැරිමක් නොවීමත්. සතුරා එක්කෝ තමන්ගේ පැත්තට ගැනීමට හෝ, සතුරා කොන් කිරීමටත් ඇති සමත් කම මකියාවෙල්ලි පවා විස්මයට පත්කරවන සුලුයි. සමහර වෙලවාට එකක් ගැන දිගටම කතා කරන්න දී මිනිස්සු වල්මත් කිරීමද ඔහුගේ උපක්‍රමයකි.

    චෞරගේ තත්ත්වය සහමුලින්ම වෙනස්ය. ඇය ඇත්තෙන්ම ඇය වන්නේ ජීව විද්‍යාත්මකව පමනි, අනිත් හැම අතකින්ම ඇය ඔහු කෙනෙකි. ඇය තමන්ගේ බෝම්බ ඇස මෙන්ම මිය ගිය සැමියාගේ මල සිරුර මෙන්ම මිනිමරුවන්ද තමන්ගේ වාසියට හරවාගත් බොරුවට, සුරාවට කිසිම බියක් නොදැක්වූ කපටි පුරුශයාට ආවේනික ගති ඇත්තියකි ( ඇගේ සැමියාගේ මිනීමරුවන් කලින් කලට ජවිපෙ, යූඇන්පී, මෙන්ම ඇමරිකන් එම්බසියද ලෙස විටින් විට වෙනස් කළ කෙනෙකි ඈ ).

    ගම්ලත් ගෙන් හොඳ නමක් ඇසූ කෙනෙකුන් නම් මා දන්නේ නෑ.
    ගැඇනු දිහා " මෙයා ට අහවල් එක කරන්න පුළුවන්ද බැරිද" කියන ඇහෙන් බලන අයට කොහොමත් ගෑනුන් බුද්ධිය මෙහෙයවා යමක් කිරීම විඳ දරා ගන්න අසීරුය. හේතු නොදක්වාම පපඩම් වැනි වචන පාවිච්චි කරයි.

    දෙයියනේ ස්වයංජාත කියන ප්‍රලාපයට ස්වර්න පුස්තකේ දුන්න රටක නේද අපි ඉන්නේ කියලා හිතෙන කොට නම් ඉතින් මේවා මොනවද කියලා හිතෙනවා. නවකතා බලන එවුන් ඔය විචාර බෝයිස් ලාව සතයක් අගයන්නේ නැත.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.