2013-08-20

ෆොන්ටෙරරිස්ම්: ජාතිකවාදී බහු ජාතික සමාගම් හා පාරිභෝගිකයන්ගේ හිමිකම්

ෆොන්ටෙරා සමාගමේ කිරිවල DCD (ඩයිසයින්ඩයිමයිඩ්) අඩංගු බවට ඇති වූ ප්‍රශ්නය දේශපාලනිකව විමසා බැලීම රසවත් ය.  එහි පැතිකඩ කීපයක් තිබේ.

ගෝලීය ධනවාදයේ ස්වයං ප්‍රකාශිත ආරක්ෂිකාවක් වන ලාංකික සම්භවයක් ඇති ඇමරිකානු සිංහල කාන්තාවක් වන අරුණි ශපීරෝ සිය බ්ලොග් අඩවියේ ෆොන්ටෙරා කිරිපිටි අර්බුදය ගැන සාකච්ඡා කරන ලිපියේ සඳහන් කරන කරුණක් වන්නේ කිරිපිටිවල DCD අඩංගු යයි කියන අය එම අඩංගුවේ ප්‍රතිශතය හා එය කෙතරම් දුරට සිරුරට අහිතකර ද යන්න සඳහන් නො කරන බවයි.

එසේම, ඇය මෙසේ ද තර්ක කරයි. "අවිනිශ්චිත ලෝකයක කිසිත් අවදානමක් නැතිව යමක් නිෂ්පාදනයට හැකි යැයි අයෙක් සිතන්නේ නම් ඔහු මුලා වූවෙකි. අපි කන බොන කිරි, මස් හා එළවළු යනාදී සියල්ල ලෝක ස්වභාවයෙන් ද මිනිස් ස්වභාවයෙන් ද අනතුරු උපදින හැකියාව සහමුලින් තුරන් කරන්නට සමත් වු ජගතෙක් ඉතිහාසේ ද වර්තමානයේ ද නොසිටියි."

අපි එය පිළිගනිමු. එහෙත්, තමන් මිළ දී ගන්නා නිෂ්පාදනය හා සම්බන්ධව උපරිම තත්වාරක්ෂාවක්  ඉල්ලා සිටීම පාරිභෝගිකයන් පැත්තෙන් සර්ව සාධාරණ අයිතියකි. ඒ ඔස්සේ සිය නිෂ්පාදනවල තත්වය පිළිබඳ දැඩි සේ සැලකිලිමත් වීමට නිෂ්පාදකයන්ට සිදු වේ.

වෙළඳපොළ තරගකාරිත්වය ධනවාදය තුළදී අධික ලාභ ලැබීමේ අරමුණු තරමක් දුරට හෝ නියාමනය කරන ක්‍රමවේදයකි. ෆොන්ටෙරා වැනි බහුජාතික සමාගම් උත්සාහ කරන්නේ තරගකාරී, සාපේක්ෂව සුළු පරිමාණ නිෂ්පාදකයන් විනාශ කර දමා හෝ අවශෝෂණය කරගෙන කතිපයාධිකාරයන් නිර්මානය කර ගන්නට ය. කතිපයාධිකාරයන් අධික ලාභයට මඟ සකසයි.

ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි යි අරුණි ශපීරෝ පෙන්වා දෙයි. එහිදී මගේ නම් හිතට එන්නේ ඉතින් අපට පාන් ද කියා ය. මන්ද, ගොවියන් වූ පළියට නවසීලන්තයේ ගොවීන් ලංකාවේ ගොවීන්ගේ හෝ පාරිභෝගික වැඩකරන ජනයාගේ හෝ සහෝදරයින් නො වන නිසා ය. ෆොන්ටෙරා විසින් නියෝජනය කරන්නේ සෙසු රටවල පාරිභෝගිකයන් සූරා කා තම පැවැත්ම තහවුරු කර ගැනීමේ ලා එරට ධනවත් ගොවීන්ට තිබෙන උවමනාවයි.

ඔවුන් අරුණි ශපීරෝ ජීවත් වන ඇමෙරිකාවේ වෙළඳ‍පොළට සපයන නිෂ්පාදනවල ගුණාත්මකභාවය ගැන දක්වන සැලකිල්ල ලංකා‍ව වැනි තුන්වන ලෝකයේ රටවලට සපයන නිෂ්පාදන කෙරෙහි දක්වන්නේ නැත. තුන්වන‍ ලෝකයේ මිනිස්සු දිළිඳු හා නූගත් නිසා ඔවුන් දෙන ඕනෑම දහ ජරාවක් ඔවුන්ගේ පච ප්‍රචාරවලට රැවටෙමින් ගිල දමනු ඇතැයි ෆොන්ටෙරා, නෙස්ලේ වැනි බහුජාතික සමාගම් බලාපොරොත්තු වෙති.

ලංකාව ෆොන්ටෙරා කිරිවල ගුණාත්මකභාවය පිළිබඳ මතු කළ ප්‍රශ්න පසුපස කුමන්ත්‍රණකාරී කටයුතු තිබෙන්නට පුළුවන. ජාතිවාදීන්ට මුදල් දෙන දේශීය ව්‍යාපාරිකයන් ඔවුන් ලවා සිය වෙළඳ තරගකරුවන්ට ප්‍රහාර එල්ල කරවා ගැනීම මෑත කාලීනව ලංකාවේ සුලබව දක්නට ලැබිණි. කුමන්ත්‍රණකාරී අරමුණු ඇතිව වැරදි ප්‍රචාර ගෙන යාම පැත්තක තිබියදී ජාතිවාදීන් ලවා තරගකාරී මුස්ලිම් කඩවලට පහර දීම ගැනවත් පසුගිය කාලයේ පරීක්ෂණ කෙරුණේ නැත.

ධනවාදය ජාතිකවාදී ය. ඉහළම මට්ටමේ දියුණු ධනේශ්වර රටවල් පවා උත්සාහ කරන්නේ වෙනත් රටවල ජනතාව සූරා කා ආධිපත්‍යය තහවුරු කර ගන්නට හා තමන්ගේ ජනතාව පමණක් සුඛිත මුදිත කරන්නට ය. නිෂ්පාදන ක්‍රියාවලිය හා වෙළඳපොළ පමණක් ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් ගෝලීයකරණය කරන්නට උත්සාහ කළත්, ලාභ ලැබීමේ අරමුණ නිසා ජාතිකවාදචය අභිභවා ඉදිරියට යන්නට ධනේශ්වර ක්‍රමය අසමත් ය. 

ලෝක වෙළඳ සංවිධානය අසාර්ථක වූයේ දිළිඳු ජාතික රාජ්‍යවලින් එල්ල වූ අභියෝග නිසා ම නො ව දියුණු  ධනේශ්වර රා‍ජ්‍යවල පටු ජාතිකවාදී අරමුණු නිසා ය. දියුණු ධනේශ්වර රාජ්‍ය ලෝක වෙළඳ සංවිධානය හරහා උත්සාහ ක‍ළේ සෙසු ජාතීන් යටත් කරගෙන සිය ජාතීන් ශක්තිමත් කර ගන්නට මිස ජාතික සීමාවන් අතික්‍රමණය කරමින් ධනේශ්වර ක්‍රමය ඉදිරියට ගෙන යන්නට නො වේ. ධනවාදයේ මූලික ලක්ෂණයක් වූ ලාභ ඉපයීමේ හා උපයන ලාභය සීමිත පිරිසක් විසින් භුක්ති විඳීමේ අසීමිත ආශාව ධනවාදයේ ඉදිරි ගමන වළක්වන එකක් බව පැහැදිලි ය. ධනවාදය ජාතිකවාදයේ ගොදුරක් බවට පත් වීම ධනේශ්වර ක්‍රමයේ අසාර්ථකත්වයේ සංකේතීය ලක්ෂණයකි.

ෆොන්ටෙරා ප්‍රශ්නය ධනවාදී ජාතිකවාදයේ අභ්‍යන්තර ගැටුමකි. එහි පාර්ශ්වකරුවෝ තරගකාරී බහු ජාතික සමාගම් හා ඔවුන්ගේ තර්ජනයට ලක් වන දේශීය කිරි සමාගම් ය. මේ ගැටුම මැද පාරිභෝගික වැඩ කරන ජනයින් වන අප කළ යුතුව තිබෙන්නේ ඉහළ ගුණාත්මකභාවය හා පහළ මිළ පිළිබඳ අපේ අවධාරණය තවත් ශක්තිමත් කිරීමයි. 

ෆොන්ටෙරා අවුල සමග කිරිපිටි වෙළඳ දැන්වීම් තාවකාලිකව නතර කර තිබේ. කිරිපිටි‍ වනාහි බොහෝ දුරට ප්‍රෝඩාකාරී වෙළඳ දැන්වීම් මත රඳා පවතින තරගකාරී වෙළඳපළකි. කුමාර් සංගක්කාර වැනි ජනප්‍රිය පුද්‍ගලයන් ලවා බොරු කියමින් කරන වෙළඳාම වෙනුවට ඇත්ත කෙරෙහි ජනතා අවධානය යොමු කර ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවකි. උදා වූ අවස්ථාව නැවත දේශීය දියර කිරි‍ වෙත පාරිභෝගිකයා යොමු කර ගැනීම සඳහාත්, ග්‍රාමීය සුළු නිෂ්පාදනවලට නව වෙළඳපොළ නිර්මානය කර ගැනීම සඳහාත් උපයෝගී කර ගත හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

9 comments:

  1. අවදානමක් නැතුව කිසිවක් නිෂ්පාදනය කළ නොහැකි බව නෙමේ ප්‍රශ්නෙ. ලොකු වෙළෙඳපොළක් වන රුසියාව සහ චීනයෙන් ප්‍රතික්ෂේප වුනු කිරිපිටි තොගයක් තුන්වන ලෝකෙ රටවලට ඩම්ප් කිරීමයි.

    ReplyDelete
  2. අජිත් සහෝදරයා,
    මේ සයිට් එකේ දකුණු පැත්තේ දාලා තියෙන්නේ Amazon එකෙයි godaddy එකෙයි ඇඩ් දෙකක්ද? මේ ගුගල් ඇඩ් ද ? මේක ගත්තේ කොහොමද?
    පොඩ්ඩක් පැහැදිලි කරනවද සහෝදරයා?

    රාජු

    ReplyDelete
    Replies
    1. ඇමසන් ඇඩ්ස් එහි ඇෆිලියේටි කෙනෙක් ලස ලියාපදිංචි වී ලබා ගත හැකියි. ගෝඩැඩි ඇඩ් ද ඇෆිලියේට් ඇඩ්

      Delete
    2. ස්තුතියි සහෝදරයා. bidvertiser.com වෙබ්අඩවියත් සිංහල භාෂාවෙන් ලියන වෙබ්අඩවි වලට ඇඩ්ස් ලබා දෙනවා. කැමති නං එය උත්සහ කර අලන්න.

      රාජු

      Delete
  3. ෆොන්ටේරා සමාගම ලංකාවේ බෙදා හැරිය කිරිපිටිවල DCD නොතිබුන බවත්, ICT ආයතනය කළ පරීක්ෂණ වැරදි බවත් එම සමාගම පවසයි. එම ප්‍රකාශය සත්‍ය වුවද, අසත්‍ය වුවද, ICT පරීක්ෂණ අනුව ඕස්ට්‍රේලියාවෙන් එන Maliban කිරිවලද DCD තිබෙනවාලු. නමුත් ඕස්ට්‍රේලියාවේ වසර 100කින්වත් DCD පාවිච්චි කර නැතිලු. ඒ අනුව යම් තැනක අපි වලිගය පාගා ගෙන ඇති බවක් පෙනෙන්නේය.

    අනිත් අතින් අපේ දේශීය කිරි ගැන කතා කරන්නන් අතර Laugfs ලොක්කාත් සිටියේය. Shell සමාගමට විරුද්ධව මහා දේශප්‍රේමී ව්‍යාපාරයක් ගෙන ගිය මේ පුද්ගලයා දැන් විදේශීය සමාගමට නොදෙවෙනි ලෙස දේශීය පාරිභෝගිකයා සුරා කන්නේ නිර්ලජ්ජිත විලසිනි. ඔවුන්ගේ ඊනියා දේශීය සංකල්පය යටතේ කිරිවලට වෙන්නෙත් මේ ටිකමය.

    වැදගත් වන්නේ සමාගමක් දේශීයද, විදේශීයද යන්නට වඩා එය කෙතරම් ගුණගරුකද යන්නය. එතනදී නම් මේ දෙගොල්ලන් අතර කසිම වෙනසක් නැත්තේමය. ඔබ සැමට සුභ අනාගතයක්!

    ReplyDelete
  4. aruni shapiro is the dumbest blogger i have ever seen, when i challaged her views on the commement section her responce was not on facts but on my education, and the replies i put to her comment was never published, some people never grow up no matter how many letters they get before th name

    ReplyDelete
  5. ඔය අරුණි මහලොකුවට කිරි පිටි වෙනුවෙන් පෙනී හිටියට ඇමරිකාවේ පිටිකළ කිරි තියෙන්නේ හරිම අඩුවෙන් [කොෆි වයිට්නර් නම් තියෙනවා]. ඇමරිකාව සහ අනෙකුත් බටහිර රටවල් වගේම ඕස්ට්‍රේලියාව සහ අපිට කිරි පිටි එවන නවසීලන්තය පවා බොන්නේ දියර කිරි. ඒ රටවල ජීවත්වෙන මිනිස්සු හැමවිටම උත්සාහ ගන්නේ සිවභාවික දේවල් පරිභෝජනය කරන්න. ඒ රටවල ඕරගනික් [organic] [කෘතීම කෘෂිරසායන නොයොදා නිපදවු] පළතුරු සහ එළවළු පරිභෝජනය කරන්න. ඔර්ගනික් අහාර අසුරා තිබෙන රාක්ක සුපිරි වෙළඳ සැල් වල සෑහෙන්න තියෙනවා. ඒවා මිළෙන් වැඩි වුනත් මිනිස්සු ඒවා මිළඳී ගන්නවා.

    ඒ රටවල මිනිස්සු අඳුරෙන් එළියට යද්දි අපි එළියෙන් අඳුරට යනවා..!

    යැංකි මැඩම් ගැන මගේ කියවීම:
    යැංකි මැඩම් කියන්නේ ඉස්සර බොහෝ ගරු කළ බ්ලොගර් කෙනෙක්. අද ඇය නෙල්ලි කැලේ බුරියගේ චරිතය රඟපානවා දකින කොට මටනම් ඇතිවෙන්නේ දුකක්. අද ඇයගේ බ්ලොග් අඬවියේ ඇයට ප්‍රතිවිරෝධී ලෙස ප්‍රතිචාර දක්වන අයට ඇය පිළිතුරු දෙන්නේ "මම තමයි ජගතා මම තමයි උගතා, තමුසේ දන්න කෙහෙල්මල" වගේ ටෝන් එකකින්.

    බ්ලොග් ලියන මගේ අතත්‍යය මිතුරෙක් මාත් එක්ක කිව්වා වගේ, "ඔහොම ඇටිටියුඩ් එකකින් නම් ඇය ප්‍රතිචාර දක්වන්නේ, අහවල් එහෙකටද ඇය සිංහලෙන් ලියන්නේ..? කෙළින්ම ඉංග්‍රීසියෙන් ලිව්වම ඉවරයිනේ..?" [අවුල මේකනේ ඉන්ග්‍රීසියෙන් එයා ලිව්වට කවුද ඒවා කියවන්නේ..? කෙළින්ම විකිපිඩීයා කියෙව්වම අහරවයිනේ].

    ලොකු ටැංකියක පොඩි මාළුවෙක් වීම නිසා පොඩි ටැංකියක ලොකු මාළුවෙක් වෙන්න දගලනවා. ඒකට පොඩ්ඩක් හරි අභියෝග කරපු ගමන් ෆැන්ටසිය කඩන් වැටෙනවා, ඔන්න ඉතින් මැඩම්ට තදවෙනවා. එහෙම හිතෙන කොටනම් ඇයට අපේ අනුකම්පාව හිමි විය යුතුයි.

    තමන්ගේ දැනුමට නිසි වටිනාකමක් තමන් ජීවත් වෙන රටෙන් නොලැබෙන කොට [ඒ රටේ ඇයට වඩා දක්ෂ මිනිසුන් බොහෝ ඉන්නවා], හම දුඹුරු වීම නිසා ඇයට ලැබිය යුතු වරප්‍රසාද නොලැබී යනවිට ඇය පලි ගන්න හදන්නේ උපන් රටෙන්, උපන් රටේ මිනිස්සුන්ගෙන්.



    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.