2014-11-07

තන්හා රතී රඟා: පීඩිතයන්ට සන්නද්ධ අරගලය ඔස්සේ විමුක්තිය සලස්වා ගත හැකි ද?

මේ ලියන පූර්විකාව මේ රසවින්දනයට පරිබාහිර එකක්. අද කාලෙ විචාර ලිවීම කෙරෙන්නේ වාසියට. ඒ කියන්නේ එක්කෝ සල්ලිවලට, නැතිනම් යාලුකමට, එහෙමත් නැතිනම් පස්සෙ වැඩක් ගන්න සම්බන්ධකම් එකතු කර තබා ගන්න.  අපි පෙනී සිටින දෙය තමයි, අපි විඳ ගත් රසය ගැන අපි කතා කරන්න ඕනෑ කියන එක. මේක ලියන්නෙ තනිකරම ඒ වෙනුවෙන්. අපි කෘති කියවන්නෙ නරඹන්නේ පිං චාන්ස්වලින් නොවෙයි. මතුගම ජානකී හෝල් එකෙන් පවුල පිටින් ටිකට් අරන් බලලායි මෙය ලියන්නේ. එහෙම කියන්න වෙලා තිබෙන්නේ වර්තමාන විචාර කලාවේ ස්වභාවය නිසායි.

චිත්‍රපට ගැන ලියන විචාර කියෙව්වා ම හිතෙන තව කාරණයක් තමයි, ඒවා ලියන්නේ එක්කෝ චිත්‍රපටය උස්සන්න, නැතිනම් තමන් ඉස්සෙන්න. සමහර විචාර හරියට ගුණ දොස් විවේචන වගෙයි. මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕනැ සිනමාකරුවාගේ ප්‍රකාශනය ගැනයි. ප්‍රකාශන ශෛලිය ගැන කතා කරන්න වෙන්නේ ඒ ප්‍රකාශනය පදනම් කරගෙනයි. කැමරාකරණය හොඳයි, සංගීතය නරකයි, සංස්කරණය සාමාන්‍යයි, රඟපෑම් මාරයි ආදී කරුණු සහිත ‘විචාරයක්' ලියනවාට වඩා තමන් වින්ද රසය ගැන ලියන එක හා කෘතිය විසින් තමන්ගේ මනසේ කලම්බනය කළ අදහස් පද්ධතිය ගැන ලියන එක වැදගත් ය කියා මම හිතනවා. සමහර විට විචාරය කියන්නේත් එය ම වෙන්න ඇති.

නො සිතූ මොහොතක ඔබ අතට ගිනි අවියක් පත් වුවහොත් ඔබ කුමක් කරනවා ද?

ඔබ අබියස විකල්ප කීපයක් තිබේ. එකක් එය විසි කර දැමීමයි. නැතිනම්, ඔබට එය පොලිසියට භාර දෙන්නට පුළුවන. නැතිනම් ඔබට එය සඟවා ගන්නට පුළුවන. ඒ ඔබ දුබල වන තැනකදී ඔබට ශක්තිය ලබා ගැනීම පිණිස ය. අවි යනු බලයයි.

පීඩිත පංතියේ මිනිසුන් අතට හදිසියේ ගිනි අවියක් ලැබුණොත් සිදු විය හැකි දේ ගැන නිලේන්ද්‍ර දේශප්‍රිය කදිම සිනමා වියමනක් කර තිබේ.

ගිනි අවිය හමු වන්නේ උද්‍යාන කම්කරුවෙක්, ත්‍රිරෝද රියදුරෙක් හා සරසවි සිසුවෙක් යන තිදෙනාට ය.

ඔවුන්ට ගිනි අවිය හමු වන්නේ පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ ය. කිරිබත් කා යුද ජයග්‍රහණය සැමරූ තරුණයෝ තිදෙනෙක් ඉන් අනතුරුව අත්පත් කර ගත් භූමියේ සංචාරයක යති.

ඒ භූමිය ජනශුන්‍ය ය. එබිම ජීවත් වූ මිනිස්සු චිත්‍රපටයේ නැත. ඒ ඇයි? චිත්‍රපටයේ සෑහෙන කාලයක් තුළ අපි උතුරේ සැරිසරමු. එහෙත් අපට දෙමළ මිනිසුන් හමු වන්නේ නැත. සිටින්නේ අත්පත් කර ගත් පෙදෙස් නැරඹීමට යන හා ජයග්‍රහණයේ සතුට සමරන සිංහලයෝ ය. අල්ලා ගත් භූමිය ආරක්ෂා කරන සිංහල සොල්දාදුවෝ ය. දෙමළ ජාතිකවාදීන්ගේ ඇසින් බලා කිවහොත් ආක්‍රමණිකයෝ ය. සිනමාකරුවා උතුරේ වැසියා අතහැර දමා දකුණෙන් යන සංචාරකයන් පමණක් සිය විෂය පථය කරගෙන ඇත්තේ හිතා මතා ය. ඔහු ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කරන්නේ ජාතික ප්‍රශ්නය නොව පශ්චාත් යුද කාලීන ලංකාවේ සිංහලයන්ගේ ප්‍රශ්නයයි. 

චිත්‍රපටයේ අපට හමු වන පූර්ණ දෙමළ ගැහැනිය වන්නේ මනෝරානි සරවනමුත්තු නම් වන සුරාජ් නම් සරසවි සිසුවාගේ මවයි. ස්වරණා මල්ලවාරච්චි රඟපාන මෙම චරිතයට මුලක් නැත. අය චිත්‍රපටය මැද ඇඩ් එකක් දැම්මා වැනි කොටසකි.  සිනමාකරුවාගේ ප්‍රකාශනය වන්නේ පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයා යනු හිස්කමක් ය යන්න ද?

චලෙයිහි වැල්ලේ සැඟවී තිබුණු පිස්තෝලයක් හිටි හැටියේ එක් තරුණයකු අතට පත් වේ. ඔහු එය දකින්නේ සිය අලුත් පෙම්වතිය සමග පෙම් බස් දොඩමින් සිටින අතරතුර ය. ත්‍රි රෝද රියදුරකු වන පෙම්වතාට ප්‍රේමයට වඩා අවිය වැදගත් වෙයි. නිර්ප්‍රභූ මිනිසුන්ට අවිය යනු බලයයි. බලය හමුවේ ප්‍රේමය මුහුණ දෙන අර්බුදය එතැන් සිට සිනමා සිත්තම පුරා ම විවරණය වෙයි. එය හරියට මිනිසාට වඩා වැදගත් වන්නේ ප්‍රේමය ද බලය ද කරුණ සම්බන්ධයෙන් විවාදයක් වැනි ය. මිනිස්සු ස්ත්‍රීන්ට ප්‍රේම කරන අන්දමින් ම බලය හා පෙමින් වෙළෙති.

මේ පිස්තෝලයට කුමක් කරන්නේ ද යන සාකච්ඡාවේදී ශිෂ්‍යයාත්, ත්‍රිරෝද රථ රියදුරාත් සිටින්නේ එක ස්ථාවරයක ය. ඒ කෙසේ හෝ එය කොළඹට රැගෙන යා යුතු ය යන ස්ථාවරයේ ය. එය භයානක සර්පයකු බව වැටහීමක් ඇත්තේ කම්කරුවාට පමණි. ශිෂ්‍යයෝ සාමාන්‍යෙයන් ගත් කල සුළු ධනේශ්වර අදහස් ඇති පිරිසකි. බලය වෙනුවෙන් කෙටි මං සෙවීමේ නැඹුරුව ශිෂ්‍යයන් අතර සුලබ ය. 1971 හා 1989 කැරැලිවල නායකත්වය ගත්තේ ශිෂ්‍යයෝ ය. සරසවි ජීවිතය හමාර කර වෘත්තිකයන් බවට පත් වන බොහෝ පශ්චාත් ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු අතීතකාමයක නෂ්ටාවශේෂ පමණි.

ත්‍රිරෝද රියදුරෝ වනාහි පැරණි ටැක්සි රියදුරන්ගේ ම පරිණාමයක් වුව ද ඔවුහු එදාට වඩා පුළුල් සමාජ කණ්ඩායමකි. ඔවුහු සමාජ කණ්ඩායමක් ලෙස ගත් කල ලුම්පන් ලක්ෂණවලින් යුක්ත ය. ඔවුහු එක්තරා ආකාරයක කූට වෙළෙන්දෝ පිරිසකි. කල දුටු කල වල ඉස ගන්නා නරුම ලක්ෂණ එම සමාජ කණ්ඩායම අතර සුලබ ය. සාමාන්‍ය සමාජ පිළි ගැනීම අනුව ගත් කල ත්‍රිරෝද රියදුරා යනු විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක් නො වේ. ඔහුගේ රිය පැදවීම ද එබඳු ය. දේශපාලනිකව ගත්ත ද   ඔවුන් සැම විට ම සිට ගන්නේ බලවත් පාර්ශ්වය සමග ය.

එහෙත්, දයා රාජපක්ෂ විසින් නිර්මානය කරන ලද චරිතයක් වූ බකට් හැරීගේ කාලයේ සිට ම ත්‍රිරෝද රියදුරන් වීරෝදාර චන්ඩින් ලෙස අර්ථකථනය කිරීමේ මාකට් ව්‍යාපෘතියක් ද තිබේ. සද්දෙට රේඩියෝ දමාගෙන ගමන් බිමන් යන, බොහෝ විට වැඩි කාලයක් නිකරුණේ කාලය ගත කරන මේ සමාජ කණ්ඩායම ජනමාධ්‍යවලට හොඳ වෙළඳපොළකි. දේශපාලකයන්ට ද ඔවුහු ප්‍රයෝජනවත් ය. තන්හා රතී රඟා චිත්‍රපටයේ ත්‍රිරෝද රියදුරාගේ චරිතය ද නිර්මානය කර තිබෙන්නේ මේ මාධ්‍ය වීරත්වය හිතෙහි තබාගෙන ය. ඔහුට ගිනි අවිය අවශ්‍ය වන්නේ බලවත් ඥාතියකුගේ අසාධාරණයට එරෙහිව සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන්නට ය.

සරසවි ශිෂ්‍යයාට ගිනි අවිය අවශ්‍ය වන්නේ ප්‍රේමය හේතුවෙන් ඔහු පීඩාවට පත් කරන මැරවරයකු හමුවේ තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගන්නට ය.

මේ දෙදෙනා ම සිය අරමුණු හඹා යති. පීඩකයන් තමන් ඉදිරියේ දන ගස්වති. එහෙත්, ඔවුහු මිනී නො මරති. ඔවුන්ට අවි අවශ්‍ය සතුරා පරදවන්නට නො ව ප්‍රතිරෝධයට පමණි.

මේ ප්‍රතිරෝධයේ ඊළඟ අදියර වඩා දරුණු මර්දනයක් විය හැකි ය. කම්කරුවා මැදිහත් වන්නේ මේ සටන්කරුවන්ට පහසුකම් සැපයීම වෙනුවෙනි. හරියට කැරැලිකරුවන්ට කෑම හා නවාතැන් දෙනවා වැනි ය. පශ්චාත් යුද සමයේ ජීවිතය පතුලට ම යුද්ධය කිඳා බැස තිබේ. කම්කරුවාගේ ළමයින්ගේ ක්‍රීඩාව ද යුද්ධයයි. සඟවා ඇති ගිනි අවිය ළමයකු අත පත් වන්නේ එහිදී ය. මෙහිදී සිනමාකරුවා නාගයකුගේ සංකේතයක් භාවිතා කරයි. පිස්තෝලයේ මිට ද නයකුගේ සම වැනි රටාවකින් යුක්ත ය.

ගිනි අවි සෙල්ලම කෙළවර වන්නේ ජීවිත රැසක විනාශයෙනි. අපේ වීරයෝ තිදෙනා සිංහල කොටි ලෙස දස වසරකට සිරගත වෙති. ඔවුන්ගේ සිහින විනාශ වෙයි. අවි ගත්තෝ අවියෙන් නසිති යන පැරණි ආප්තෝපදේශය සිහියට එනමුත් චිත්‍රපටය ඊට වඩා ගැඹුරු සංවාද විෂයක් වෙත අප රැගෙන යයි. පීඩිතයාට අවි බලයෙන් විමුක්තිය සලස්වා ගත හැකි ද?

මෙම චිත්‍රපටයේ වීරයා බවට පත් කර තිබෙන කම්කරුවා පරමාදර්ශී කම්කරු චරිතයකි. ඔහු සිය දරුවන්ට හා බිරිඳට මහත් සේ ආදරය කරන, ඔවුන් වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන, මිත්‍රශීලී, සමාජශීලී, ආත්ම පරිත්‍යාගශීලී, ආගමික භක්තියෙන් ද අනූන, මඳ පමණ මත්පැන් බොන, අවශ්‍ය නම් හොඳට බොන්නත් පුළුවන්, මිතුරන් පාවා නො දෙන, අත්හැර නො දමන, තුන් කල් දකින නුවණින් යුත් මිනිස් පරමාදර්ශයකි. කම්කරු පංතිය එවැනි මාර එකක් ද යන්න මම නො දනිමි.

කෙසේ වෙතත්, මෙම ගිනි අවිය නිසා වැඩිපුර ම බැට කන්නේ මෙම යුද විරෝධියා ය. පොලිසිය හා මාධ්‍ය විසින් ඔහු සිංහල කොටියකු බවට පත් කර තිබේ.

අපි නැවතත් මූලික ප්‍රශ්නයට පිවිසෙමු. මෙම චිත්‍රපටයේ අවි අතට ගන්නේ කුඩා වුවත්, සංවිධිත කණ්ඩායමක් විසිනි. අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැගී සිටීමේ අවශ්‍යතාව පිළිබඳ ඉවක් විසින් ඔවුන් මෙහෙයවනු ලැබේ. යුද්ධයේදී ඔවුන් සිටින්නේ රාජ්‍යය සමගයි. එහෙත්, රාජ්‍යය තමන්ගේ ගැලවුම්කරුවා නො වන බව ඔවුහු දනිති. ඔවුහු හදවතින් රාජ්‍ය විරෝධියෝ ය.

ඔවුන්ගේ කැරැල්ල ලත් තැනම ලොප් වන්නේ ඔවුන්ගේ ජීවිත ද විනාශ කර දමමිනි. සිර දඬුවම විඳ ආපසු පැමිණෙන අතරමගදී ඔවුන්ට කිරිච්චියක් හමු වේ. එවර එය හැකි තරම් ඈතට විසි කර දැමීම ගැන ඔවුන් අතර විවාදයක් නැත. ඔවුන් පාඩමක් ඉගෙන ගෙන හමාර ය. සිනමාකරුවා අපට පාඩමක් උගන්වයි. පීඩිතයිනි, තොපට ගිනි අවියෙන් විමුක්තිය සලස්වා ගත නො හැකි ය.

සමස්තයක් ලෙස චිත්‍රපටය පුරා ම දිවෙන දෘෂ්ටිවාදය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා සමාන්තර එකකි. චිත්‍රපටය අවසානයේ සිනමාකරුවා අපට දෙන පණිවුඩය ජවිපෙ නායකයකු මෑතදී සිය වදනින් ම කීවේ ය.

තන්හා රතී රඟා චිත්‍රපටය අප වැදගත් සංවාද විෂයක් වෙත නිරාවරණය කරයි. පීඩිතයන්ට සන්නද්ධ අරගලය ඔස්සේ විමුක්තිය සලස්වා ගත හැකි ද? 

- අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

25 comments:

  1. මම මේ ච්ත්‍රපටිය බලලා නෑ. පැරාගේ විග්‍රහය අනුව, මේක ටිකා...ක් God Must be Crazy විතර කියන චිත්‍රපටියෙන් ආභාශය අරන් වගෙයි !! ඒකේ තියෙන්නේ, අප්‍රිකාවේ ගෝත්‍රික මිනිහෙකුට Coca Cola බෝතලයක් හම්බ වෙනවා. මිනිහගේ රන්චුවේ හැමෝටම මේ බෝතලේ ඕන වෙනවා. ඒක ගෝත්‍රය ඇතුලේ ප්‍රශ්න ගොඩකට මුල් වෙනවා. අන්තිමට මිනිහා ලෝකේ "කෙරවලට" ගිහිල්ලා බෝතලේ විසිකරනවා.

    ReplyDelete
  2. නියම විග්‍රහයක් පැරා. ලන්කාවට ගිහාම බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවන්න පටන්ගත්තාම මාත් එහෙම තමයි හිතන් හිටියේ. ඒත් පැරා විග්‍රහයක් කියල මුළු චිත්‍රපටියම මෙතන දිග ඇරලා නේ. බලන්න ආසාවක් නැහැ දැන් :/

      Delete
  3. පැරා සෝ එක දැකලා තියෙන්නේ පැරාගේ අත්දැකීම් ඔස්සේ.. මම නම් දැක්කෙ වෙනත් විදියකට. ඒක වෙනම ලියන්නම්..

    ReplyDelete
  4. /මෙම චිත්‍රපටයේ වීරයා බවට පත් කර තිබෙන කම්කරුවා පරමාදර්ශී කම්කරු චරිතයකි. ඔහු සිය දරුවන්ට හා බිරිඳට මහත් සේ ආදරය කරන, ඔවුන් වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන, මිත්‍රශීලී, සමාජශීලී, ආත්ම පරිත්‍යාගශීලී, ආගමික භක්තියෙන් ද අනූන, මඳ පමණ මත්පැන් බොන, අවශ්‍ය නම් හොඳට බොන්නත් පුළුවන්, මිතුරන් පාවා නො දෙන, අත්හැර නො දමන, තුන් කල් දකින නුවණින් යුත් මිනිස් පරමාදර්ශයකි./

    නුඹ නුඹ ගැන සිතාගෙන සිටින්නේත් මේ ආකාරයටම නොවේද?


    / කම්කරු පංතිය එවැනි මාර එකක් ද යන්න මම නො දනිමි./
    නුඹ ගැන අනෙක් අය සිතන්නේ ඉහත අකාරයටයි.දැන් බොරුවට කියන්න එපා අනිත් අය හිතන විදිය මට වැඩක් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ මම එහෙම කියන්නේ නැහැ. ඒත්, චිත්‍රපට විචාරයක් ලිව්වා කියලා ඇයි ඔය තරම් වෛරයෙන් ප්‍රතිචාර දක්වන්නේ?

      මනස සන්සුන් කර ගන්න. නිකම් ලෙඩ වෙන්න එපා.

      Delete
    2. /නෑ මම එහෙම කියන්නේ නැහැ./
      පට්ටයි.

      /ඒත්, චිත්‍රපට විචාරයක් ලිව්වා කියලා ඇයි ඔය තරම් වෛරයෙන් ප්‍රතිචාර දක්වන්නේ?/
      වෛරයක් නෑ. ඔබව ප්‍රශ්න කිරීම වෛරක්කාරයන්ගේ වැඩක් යැයි නුඹ සිතන්නේ ඇයි?

      /මනස සන්සුන් කර ගන්න. නිකම් ලෙඩ වෙන්න එපා. /
      හා.

      Delete
    3. පැරාව ප්‍රශ්න කරන්නේ පැරාගේ වෛරක්කාරයෝ තමයි. ගෙම්බන්ට ගල් ගහන ළමයි ගෙම්බන්ගේ වෛරක්කාරයින් නෙවෙයි කියලද කියන්නෙ?

      Delete
    4. පැරා වගේ අහිංසක, පරමාදර්ශී, උපේක්ෂාශීලී, රහසින්වත් පව් නොකරන ළමයකුට ගහන එවුන්ගේ අත්වල හොරිම හැදෙන්න ඕනෑ.

      Delete
    5. තොට බනින්නේ තෝ මට බැනල මම හම්බ කරන සාත්තරෙටත් බැනල මාත් එක්ක ඉන්න ගෑනි ගැන බොරු කතා කමෙන්ට් වල දාන්න දෙන හින්ද යකෝ. ඉරිසියාකරයා තෝ මක බෑවිලා පලයං.

      Delete
    6. හොරා වගේ කමෙන්ට් එකක් කපලා

      Delete
  5. පැරා මේක විචාරයක්ද, නැත්නම් චිත්‍රපටයේ සාරාංශයක්ද?

    ReplyDelete
  6. සෙනසුරු මාරුව පැරාට අපලයි වගේ

    ReplyDelete
  7. //////චිත්‍රපටය අවසානයේ සිනමාකරුවා අපට දෙන පණිවුඩය ජවිපෙ නායකයකු මෑතදී සිය වදනින් ම කීවේ ය.////////////

    ඒ මොකක්ද පැරා?

    ReplyDelete
    Replies
    1. සන්නද්ධ අරගලය අදට වලංගු නැති බව. පාවිච්චි කරපු වචන මතක නැහැ.

      Delete
    2. හරි. මට තේරුනා පැරා. තෑන්ක්ස්!!

      Delete
    3. පැරාට අනුව සන්නද්ධ අරගලය අදටත් වලංගුද? නැත්නම් පැරා ඉන්නෙත් ජවිපෙ ස්ථාවරයේමද?

      Delete
    4. ඒ ගැන සංවාදයක් අවශ්‍ය ය.

      Delete
    5. පැරා කරන සංවාද පුහ් අපි දැක්කනේ කොර වෙලා චොර වෙලා නා ගත්ත හැටි.

      Delete
    6. හරි. මට තේරුනා පැරා. තෑන්ක්ස්!!

      Delete
    7. ලංකාවේ අපි කොහෙද යකෝ අරගල කරන්නේ...තවම තියෙන්නේ සුද්දව දැක්කහම නැගිටෙවෙන යටත්විජිත මානසිකත්වයක්. තව විදියකට කිව්වොත් "ආගන්තුක සත්කාරයටම උපන්" - බොක්කෙ තියෙන දෙයත් ඇදලා දෙන ජාතියක්.. උන්ට ගානක් නැහැ රට විනාස උනාට..ඉතිං පැරා කරපන්කො මුන් එක්ක අරගල...

      Delete
  8. අද ගිලටිනයට අහුවුනු 'ඇත්ත' පුවත්පත.

    මේ ලින්ක් එකේ ගියාම අද ඇත්ත පත්තරේ තියෙනවා. මේ පත්තරේ අද එලියට යන්න නොදී නවත්තලා. ඇත්ත ඔෆිස් එක සීල් කරලා. ඒ තිස්ස විතාරනට අභියෝග කරලා ලියපු ලිපියක් නිසා. මේ පත්තරේ පස්වෙනි පිටුවේ තියෙනවා තන්හා රතී රඟා ගැන ලියනගේ අමරකීර්ති ලියු සටහනක්.

    ReplyDelete
  9. http://politicalnewslk.blogspot.com/2014/11/blog-post.html

    ReplyDelete
  10. Film First -> We Make - You BakeNovember 9, 2014 at 8:28 AM

    පැරා බලපු නෑඹුල් සෝ එක මේක වෙන්ටැති . අයිස් චොක්ස් එහෙම කෑ..වෙයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.