2015-08-02

මහේන්ද්‍රන්, අජිත් නිවාඩ් කබ්රාල් හා භාණ්ඩාගාර බැඳුම්කර ගැන අපේ අධ්‍යයනය

කබ්රාල් මහජන මුදලින් නැටූ නාඩගම්  
2011 වසරේදී, 2018 පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා පැවැති වෙන්දෙසියේදී ඊට සහභාගි වූ එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්, 2011 අප්‍රේල් මස 5 වන දින ලන්ඩන් මැරියට් හෝටලයේදීඑක ‍රාත්‍රී කෑම වේලක් වෙනුවෙන් පමණක් රුපියල් 674,842.69 ක් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහුට මහ බැංකුවෙන් නිකුත් කොට තිබුණු අංක 4862 9600 0000 0509 නිල ක්‍රෙඩිට් කාඩ්පතෙන් ගෙවා තිබේ.

2015 පෙබරවාරි 27දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රටට දැවැන්ත හානියක් සිදු වී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දිනෙක පැවසුවේ ය.

අජිත් නිවාඩ් කබ්රාල් යනු පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුව හරහා සිදු වූ දැවැන්ත මුල්‍ය අපහරණ රැසකට වගකිව යුත්තෙකි. ඔහු තමන් සමග විවාදයකට එන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහට අභියෝගයක් ද කළේ ය. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් සිදු වීම හොඳ දෙයකි. එහෙත්, එය සිදු විය යුත්තේ පාර්ලිමේන්තුව වැනි නිල තැනක මිස මාධ්‍ය පිළිකණුවල වැරදිකරුවන් සමග නො වේ.

මේ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැත. සාමාන්‍ය ජනතාව සූක්ෂ්ම ආර්ථික විද්‍යාව දන්නේ නැත. එබැවින් වංචාවක් සිදු වී ඇති බවට චෝදනා කිරීම හා එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම හැර මෙම ගනුදෙනුව ගැන ජනතාවට තේරෙන බසින් කියා දීමට කිසිවෙක් උත්සාහ ගන්නේ නැත.

භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවා ද?

2015 මාර්තු 16 දින දිනමිණ පුවත්පතට සංජේ මිගාර විසින් ලියන ලද ලිපියක භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ මෙසේ හඳුන්වා දී තිබේ.

සාමාන්‍යයෙන් වසර දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් සඳහා ණය මුදලක් රජයට ලබාගැනීමට අවශ්‍ය වූ විට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ. මේවා වෙන්දේසි ක්‍රමයට ප්‍රාථමික වෙළඳුන් හරහා නිකුත් කොට ද්විතියික වෙළෙඳපොළේ වෙළෙඳාම් කෙරේ.

මෙමඟින් ආර්ථිකයේ පොලී අනුපාතිකය හසුරුවමින් මුදල් සැපයුම පාලනය කළ හැකිය. එය ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීමට පිටිවහලකි.


භාණ්ඩාගාර බැඳුම්කර විවිධ කාලසීමාවන්ගෙන් කල් පිරෙයි. ඒවා වසර 2, 3, 4 ...........30 ආදී වශයෙන් විවිධ කාලසීමාවන්ගෙන් කල් පිරෙන විට ඒවා මිලදී ගත් ගැනුම්කරුවන්ට වට්ටම් සහිතව, කල් පිරීමේදී පරිණත මුදල් (මුහුණත වටිනාකම) ගෙවනු ලබයි.


රාජ්‍යයන් මඟින් නිකුත් කරන නිසා භාණ්ඩාගාර බැඳුම්කර අවදානමින් තොර විශ්වාසනීය ආයෝජනයකි. මූල්‍ය වෙළෙඳපළ තුළ තිබෙන අනෙකුත් බොහෝ ආයෝජනවලට සාපේක්ෂව සලකා බලන විට ඉහළ පොලී අනුපාතිකයක් ලබාගත හැකිය. පොලී මුදල් අර්ධ වාර්ෂිකව ගැනුම්කරුවන්ට ලබාගත හැකිවීම ද මෙහි ඇති වාසියකි.


භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළෙඳපළේ අලෙවි කළ හැකි බැවින් කෙටි කාලයකින් මුදල් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. මැදි කාලීනව හෝ දිගු කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජනයක් කළ හැකිය. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් හවුල් ආයෝජනයක් ලෙස බැඳුම්කර මිලදී ගත හැකිය.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද ප්‍රධාන කළමනාකරුවකු හරහා ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින්ට ද භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයන්ට ප්‍රවේශවීමේ අවස්ථාව ඇත. වර්තමානයේ විදේශ රටවල පවතින අඩු පොලී අනුපාතිකවලට වඩා ඉහළ පොලී අනුපාතිකයක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් ලැබේ. ඇතැම් විදේශ බැංකු ඉහළ ගාස්තු අයකරයි. එම ගාස්තු ඉන් ලැබෙන පොලී අනුපාතිකයටත් වඩා වැඩිය. බොහෝ විට විදේශයන්හි මුදල් තබාගැනීමෙන් ඒවාට නිසි ආරක්ෂිත බවක් නොලැබෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් එවැනි අවදානමක් නොලැබෙනු ඇත.


මීට අමතරව බදු සහන, අන්තර්ජාලය මඟින් ආයෝජන පරීක්ෂා කිරීමේ හැකියාව, හවුල් ආයෝජන සිදුකළ හැකිවීම, කල්පිරීමේදී මුළු මුදලම යළි විදේශයන්ට යැවිය හැකිවීම සහ ආයෝජකයන් වෙත වාචිකව ඔවුන්ගේ ගනුදෙනු සහ තැන්පතු සහතික කරමින් වාර්තා නිකුත් කරනු ලබන Lanka Secure හි ස්වයංක්‍රීය මධ්‍ය තැන්පතු පද්ධතිය (CDS) සේවය ලබා ගැනීම ආදී වාසි රාශියක් ගැනුම්කරුවන්ට හිමිවේ.


රටක සංවර්ධන මාවතේ සේවා අංශය පුළුල්ම අංශය බවට පත්වීම කැපී පෙනෙන විශේෂිත ලක්ෂණයකි. ඒ සඳහා මුල්‍ය වෙළඳපොළ තුළ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජන තවදුරටත් පුළුල්වීම අවශ්‍යව ඇත. ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම දේශීය සංවර්ධනය අපේක්ෂා කරන කාහටත් දායක විය හැකි මහඟු අවස්ථාවකි.


භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කරන්නේ කොහොම ද?


‘භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පිළිබඳ විස්තර වෙන්දේසි දිනයට දින දෙකකටවත් පෙර පුවත්පත්වල පල කරනු ලැබේ' යි ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වේ. එහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

භාණ්ඩාගාර බිල්පත් සඳහා, සාමාන්‍යයෙන් වෙන්දේසිය පිළිබඳ වූ පුවත්පත් වෙළෙඳ දැන්වීම සඳුදා දිනවල පල කරන අතර වෙන්දේසි බදාදා දිනවල පැවැත්වේ (එය රජයේ නිවාඩු දිනයක් නොවේ නම්). පූර්ණ ස්වයංකී‍්‍රය ඉලෙක්ට්‍රොනික ලංසු තැබීමේ පහසුකම හරහා ලංසු පිළිගනු ලැබේ.

රජයේ මුදල් අවශ්‍යතාවයන් පදනම් කරගෙන සෑම මසකම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි 3ක් 
4 ක් පවත්වන අතර භාණ්ඩාගාර බිල්පත් සතිපතා නිකුත් කරනු ලැබේ.

වෙන්දේසි දිනයේ පෙ.ව. 11.00 දක්වා කාලයේදී ප‍්‍රාථමික අලෙවිකරුවන්ට වෙන්දේසි සඳහා ලංසු 
ඉදිරිපත් කළ හැක. ලංසු ඉදිරිපත් කිරීමට වෙන් කර ඇති කාලය අවසන් වී පැය 2 ක් ඇතුලත පිළිගත් ලංසු ඉදිරිපත් කළ ලංසු තබන්නන් පිලිබඳව දැනුම් දෙනු ලැබේ. වෙන්දේසියේ ප‍්‍රතිඑල වෙළෙඳපොලට නිකුත් කිරීම සහ ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකු වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලැබේ.

ප‍්‍රාථමික වෙළෙඳපොලේ පිළිගන්නා ලද ලංසු පියවීම වෙන්දේසිය පවත්වනු ලැබූ දිනයේ සිට ව්‍යාපාරික කටයුතු සිදු කරන දින 2 කට පසුව සිදු කරනු ලැබේ.


මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය

සිදු වූයේ කුමක් ද?

2015 පෙබරවාරි 27දා බැඳුම්කර නිකුතුවෙහිදී සිදු වී තිබෙන්නේ මෙවැනි දෙයකි. රුපියල් බිලියනයක (රු.කෝටි සියයක) ණය මුදලක්‌ ලබාගැනීම සඳහා මෙම බැඳුම්කර නිකුතුව සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගිනි. රු. බිලියනයක ණය මුදල, වසර 30කින් කල් පිරෙන 9.35% සිට 9.75% දක්‌වා වන පොලියක්‌ සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත ලබාගන්නා බව මහ බැංකුව කලින් නිවේදනය කර තිබී ඇත.

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්ට කොටස් හිමිකාරිත්වය ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉහළ පොලී අනුපාතයක්‌ අදාළ බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර පසුව මහ බැංකුව විසින් ද ඊට අනුරූප ඉහළ පොලී බර තැබීමක්‌ නිකුත් කර ලබාගන්නා ණය ප්‍රමාණය ද රු. බිලියන 10 ක්‌ දක්‌වා වැඩි කර ඇති බවත් ඒ නිසා මේ ගනුදෙනුව සැකයට තුඩුදෙන්නක්‌ බවටත් චෝදනා එල්ල වී තිබේ.

රජයේ සුරැකුම්පත්වල පොළී පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියේ පොළී අනුපාතික දැක්වෙන පිටුවේ මාර්තු 02දාට අදාළව දැක්වෙන පරිදි මෙම ගනුදෙනුවේදී පොළිය ලෙස සටහන් වන්නේ 11.73%කි.

මෙම වෙබ් අඩවියේ පොළී අනුපාතික නිරීක්ෂණය කරන විට පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ වැඩි කලකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවල පොළී අනුපාතික හැම විට ම ඉහළ අගයක් ගෙන ඇති බවයි. වසර 30කින් කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් කිසිදු කලෙක 11.73%ට අඩු පොළී අනුපාතික ගෙවීමේ හැකියාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී නැත.

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාට කොටස් හිමි සමාගමට මෙම බැඳුම්කර ලබා දී තිබෙන්නේ ඒ වන විට වෙළඳපොළේ පැවති පොළී අනුපාතිකයට වඩා ඉහළ අගයකට බවට චෝදනා එල්ල වේ. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට නම් කිසිදු කලෙක ‘9.35% සිට 9.75% දක්‌වා' පොළියකට තිස් අවුරුද්දකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර නැත.

අජිත් නිවාඩ් කබ්රාල් 


උපුටා ගැනීම ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතෙනි. 
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස සිටියදී 2013 මැයි 30දා ද, 2013 ජුනි 13දා ද, 2013 ජුලි 30දා ද නිකුත් කර තිබෙන තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 12.50%ක් පොළී ගෙවා තිබේ. එම බැඳුම්කර නිකුත් කිරීම් තුනෙන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රු. බිලියන 18.5කි.

වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට ගෙවූ පොළිය ඉහළ බව කියන අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ දින 91න්, 182න් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වලට පවා 12%ක පමණ පොළී ගෙවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් වෙබ් පිටු නිදසුන් ය.

http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_3.asp?date=&Mode=2&Page=6
http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_3.asp?date=&Mode=2&Page=7

2012 ජුලි 07 දින මහ බැංකුවේ වසර 10කින් කල් පිරෙන රු. බිලියන 10ක භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 12.50%ක් පොළී ගෙවා ඇත.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දැන් පවසන්නේ 2015 පෙබරවාරි 27 දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රටට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6480ක් බවයි.

ඔහු ගණනය කරන ක්‍රමවේදය අනුව ගණන් බැලුවහොත්, ඔහු මහ බැංකු අධිපති ධුරය හෙබවූ කාලය තුළ වැඩි පොළියට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම නිසා සිදු වී තිබෙන පාඩුව ගණනය කළ නො හැකි තරම් සුවිසල් එකකි.

ඇත්ත ප්‍රශ්න

2015 පෙබරවාරි 27දා වෙන්දේසි කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ වසර 30කින් ‘9.35% සිට 9.75% දක්වා වන පොලියක්‌ සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත' රු. බිලියනයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බවයි. පසුව මෙය රු. බිලියන 10 දක්වා වැඩි කර තිබේ.

මෙහි තිබෙන මූලික ගැටලු වන්නේ මේවායි:
  • කෙටි කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමක් වෙනුවට මෙතරම් දිගු කාලීන බැඳුම්කර නිකුතුවක් කිරීමට තිබුණු අවශ්‍යතාව කුමක් ද?
  • මුලින් නිකුත් කිරීමට අපේක්ෂා කළ රු. බිලියන 1.5 වෙනුවට රු. බිලියන 10ක බැඳුම්කර නිකුත් කළේ ඇයි?
  • එම බැඳුම්කර මිළ දී ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා ද?
දිගු කාලීන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ඇත්තෙන් ම දූරදර්ශී ක්‍රියාවක් නො වේ. එමගින් සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටකට අනාගතයේදී පාඩු සිදු වේ. අනාගතයේදී පොළී අනුපාතික පහළ ගිය ද, මෙවැනි ඉහළ පොළියක් වසර තිහක් වැනි කාලයක් තිස්සේ ගෙවන්නට ලංකාවට සිදු වේ. මෙවැනි ණය ලබා ගැනීම් කරන්නේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතුවලදී පමණි. එම සංවර්ධන කාර්යයෙන් ලැබෙන ප්‍රතිලාභවලින් මේ පොළී ගෙවන්නට හැකි විය යුතු ය. එහෙත් කලක් තිස්සේ ම ලංකාවේ ආණ්ඩුව මෙවැනි ගිනි පොළී ණය ලබාගෙන කර තිබෙන්නේ එවැනි ඵලදායී ආයෝජන නො වේ. එදිනෙදා වියදම් පියවන්නට පවා විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළියට ණය ගැනීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සුලබ විය.

ලංකාවේ ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ කුමට ද? 2015 වසරේ අයවැය පරතරය රු. බිලියන 499කි. එය සමස්ත වියදමෙන් 23.5%කි. මෙම අයවැය පරතරය පියවා ගන්නට සැලසුම් කර තිබෙන්නේ දේශීය හා විදේශීය ණයවලිනි.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මෙසේ දේශීයව ණය ලබා ගන්නා ප්‍රධාන මාර්ගයකි. 2013 මැයි 30දා සිට මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ මෙහෙයවීමෙන් වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පහක් සිදු වී තිබේ.

කලින් ඉදිරිපත් කරන ලද වටිනාකමට වඩා බැඳුම්කර නිකුත් කළ අවස්ථා දෙකක් ද තිබේ. ඉන් එක් අවස්ථාවකදී කලින් දැනුම් දෙන ලද ප්‍රමාණයට වඩා 50%ක් වැඩිපුර බැඳුම්කර නිකුත් කරන ලදී. ඒ 2013 මැයි 30දා ය. රු. බිලියන දෙකක් වෙනුවෙන් මිළ ගණන් කැඳවා බිලියන තුනක් ණයට ගෙන තිබේ. 2015 පෙබරවාරි 27 බැඳුම්කර නිකුතුවේදී රු. බිලියනයක් හෝ 1.5ක් ඉදිරිපත් කර බිලියන 10ක් ම අලෙවි කිරීම සුවිශේෂ තත්වයකි. එහෙත් මෙවැනි සිදුවීම් කලින් ද වාර්තා වී තිබේ. ඒවා ගැන ද විමර්ශන කළ යුතු ය.

මුලින් ඉදිරිපත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙන්නේ පෙබරවාරි 26 දින මුදල් ඇමති, මහාමාර්ග ඇමති, භාණ්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති ඇතුළ පිරිසක් සහභාගි වූ සාකච්ඡාවකදී බවට වාර්තා පළ වී තිබේ. කලින් නිවේදනය කළ ප්‍රමාණය මෙන් දහගුණයකින් වැඩි භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීම ආචාරධාර්මික ක්‍රියාවක් නො වේ. එකවර එතරම් විශාල මුදල් ප්‍රමාණයක් ඉහළ පොළියකට ලබා ගන්නවා වෙනුවට අඩු පොළියට කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් මෙම මුල්‍ය සම්පාදනය කර ගත හැකිව තිබුණු බව මේ පිළිබඳ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් සෑම් සමරසිංහ සහ දුෂ්‍යන්ත මෙන්ඩිස් පවසනවා. එසේම, මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සිදු වන විට ඉන්දියාව ලංකාවේ මුල්‍ය අර්බුදය මගහරවා ගන්නට රුපියල් බිලියන 198ක මුදල් හුවමාරුවක් කරන්නට සැරසෙමින් සිටියදී බව ද ඔවුහු පෙන්වා දෙති.

ණය හිමියන් වසර 8.5 කාලයකින් රු. බිලියන දහය පොළියෙන් පමණක් අය කර ගන්නා බව ද, ශ්‍රී ලංකාව රු. බිලියන 30ක් පමණ පොළිය ලෙස පමණක් ගෙවනු ඇති බව ද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දුන් හ. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව පොළී අනුපාතික පහළ දැමීම සඳහා කටයුතු කරමින් සිටින අතරතුර මෙවැනි ඉහළ පොළියකට ණය ලබා ගැනීමෙන් රජයට දැවැන්ත පාඩුවක් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට දැවැන්ත ලාභයක් ලැබී ඇති බව ඔවුහු පෙන්වා දෙති. තරගකාරී වෙළඳපොළකදී ලැබෙන මෙවන් අවස්ථාවකින් උපරිම වාසි ලබා ගැනීමට පෞද්ගලික අංශයේ සමාගමක් කටයුතු කිරීම පුදුම විය යුතු තත්වයක් නො වේ.

මතභේදයට තුඩු දුන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එතරම් විශාල මුදල් ප්‍රමාණයක් ණයට දීමට සූදානම් කර ගත්තේ ඇයි ද යන ප්‍රශ්නය මතු වී තිබේ. රජය ණයට ගැනීමට අපේක්ෂා කළ මුදල මෙන් දහගුණයක් ණයට ගන්නට යන බව ඔවුන් දැන සිටියා ද? එසේ දැන සිටියා නම්, ඔවුන්ට එම අභ්‍යන්තර තොරතුර සැපයුවේ කවුරු ද?

මහ බැංකුව යනු අති පාරිශුද්ධ තැනක් නො වේ. පසුගිය දර්ඝ කාලයක් තිස්සේ මෙහි මුල්‍ය ගනුදෙනු සිදු වුණේ අන්ධකාරයේ ය. අභ්‍යන්තර තොරතුරු සැපයීම පිළිබඳ විශේෂඥයන් මෙහි සිටිය හැකි ය. ඇතැම් විට ඔවුන්ට අර්ජුන මහේන්ද්‍රන් කරදරයක් වී තිබෙනවා වෙන්නටත් පුළුවන. ඔහුව පන්නා ගැනීමට මෙතරම් අවශ්‍යතාවක් තිබෙන්නේ ඒ නිසා වන්නට ද පුළුවන.

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පසුගිය දිනෙක සිලෝන් ටුඩේ පුවත්පතට පැවසුවේ අජිත් නිවාඩ් කබ්රාල් බැඳුම්කර නිකුත් කිරීම්වලදී ආචාරධර්ම විරෝධී ලෙස තමන් විසින් ම පාලනය කරන ලද සේවක අර්ථසාධක අරමුදල ඔස්සේ 9.75% වැනි අඩු අගයකට බැඳුම්කර වෙනුවෙන් මිළ ගණන් ඉදිරිපත් කර පොළී අනුපාතික පහළ මට්ටමේ තබා ගනිමින් සේවක අර්ථසාධක අරමුදලට පාඩු සිදු කළ බව පැවසී ය. ඔහු පවසන්නේ තමන් කළේ තරගකාරී මිළ ගණන් කැඳවීමක් බවයි.

අජිත් නිවාඩ් කබ්රාල් භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරන්නේ සිය හාම්පුතා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරණයේ කොටසක් ලෙස බව පැහැදිලි ය. ඒ දේශපාලන ප්‍රචාරණයේ තවත් ලක්ෂණයක් වන ජාතිවාදයෙන් ද කබ්රාල් තමන්ගේ විවේචනය තෙම්පරාදු කරයි. ඒ අර්ජුන මහේන්ද්‍රන් ලාංකික පුරවැසියකු නො වන  බව කියමිනි. පසුගිය කාලයේ ලංකාවේ ආර්ථිකය අනියමින් හැසිරවූ බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ දෙබෑයන් ඇමරිකාවේ පුරවැසියන් බව ඔහුට අමතක වී තිබේ.


එසේම, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අතර සම්බන්ධය ගැන කතා කරන විට, එකී සමාගම හා අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොයුරිය අතර තිබුණු සම්බන්ධය ගැන කතා නො කිරීම අඩුවකි. ඇය එහි අධ්‍යක්ෂිකාවක වූ අතර එම සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස බලපත්‍රය ලැබුණේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ ය. 

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය විසින් අවසානයේදී ලංකාවේ ආර්ථිකයේ මෙතෙක් සාමාන්‍ය ජනතාවගෙන් වසන් කර තිබුණු අඳුරු කලාපයක් විවෘත කර තිබේ. එහි ඇති සාධනීය තත්වයක් වන්නේ මින් ඉදිරියට මාධ්‍ය හා සිවිල් සමාජය මුල්‍ය වෙළඳපොළ හා රජයේ ණය ගැනීම් ගැන වඩා අවධානයකින් කටයුතු කිරීමයි. ඉදිරියේදී මෙහි සෙල්ලම් දාන්නටත් රටේ අනාගතය උගසට තබා තම තමන්ගේ අනාගතයන් පමණක් සුරක්ෂිත කර ගන්නටත් කිසිවෙකුට ඉඩ දිය යුතු නැත.

ශ්‍රී ලංකා මහ බැංකුව ගැන පුළුල් විමර්ශනයක් කළ යුතුව තිබේ. එය අර්ජුන මහේන්ද්‍රන් යුගයට පමණක් සීමා කළ යුතු නැත. අජිත් නිවාඩ් කබ්රාල්  යුගය යනු ඉතා ගැඹුරින් විමර්ශනය කළ යුතු අවධියකි. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අගෝස්තු 17 මහමැතිවරණයෙන් පත් වන ආණ්ඩුව විසින් ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

33 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කරුණාකර ශිෂ්ට භාෂාවෙන් අදහස් පළ කිරීමට පුරුදු වන්න. ඇනොනිමස්කමට මුවා වී චණ්ඩිකම් පාන්නන්ට අප බිය වන්නේ නැත.

      සංවාදයකට සහභාගි වන්නට අවශ්‍ය නම් අපහාස කිරීමෙන් වළකින්න.

      එසේ නොමැතිනම් ඉතා සරළව ඔබේ අදහස් පළ කිරීම මකා දමන්නට අපට හැකි බව තේරුම් ගන්න.

      Delete
    2. පැරා මාර පොරක් කියා තවමත් සිතන කියවන්නනි. කරුණාකර කමෙන්ට් ෆීඩ් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මේ බලධරයා විසින් කපා හරින කමෙන්ට් එහෙමටම අවුල් ඒවාද නැද්ද, පරාට උවමනා දේ කියන කමෙන්ට් වල ඊට වඩා "නරක වචන" කියවී නැද්ද කියා ඔබටත් බලා ගත හැකි වනු ඇත.

      Delete
    3. මම දැකපු දෙයක් තමයි අපි යූඑන්පී නායකයෙක්ගේ වරදක් කියනකොට අහනවා උඹලා සන්දානයේද කියලා, සන්දානයේ නායකයෙක්ගේ වැරැද්දක් පෙන්වා දෙනකොට මිනිස්සු අහනවා උඹලා යූඑන්පීද කියලා, ඔය දෙපැත්තේම නායකයන්ගේ වැරදි කියනකොට අහනවා උඹලා ජේවීපීද කියලා, සමහරු කියනවා මුන්ට ප්‍රතිපත්තියක් නැහැ කියලා, මම කියනවා අපිට ප්‍රතිපත්තියක් තිබෙනවා ඒ ප්‍රතිපත්තිය තමයි මොන පක්‍ෂයකින් ආවත් හොර මැර වංචා කරන දූෂණය සහ නාස්තිය කරන නීතියේ සාධාරණයට බාධාකරන උගත්කමක් නැති තක්කඩි ප්‍රතික්‍ෂේප කිරීම, අපට ඕනේ හොඳින් නීතිය ක්‍රියාත්මක වන දූෂණ වංචා නැති නාස්තිය නැති රටක් ඒ සදහා උගත් බුද්ධිමත් අවංක නායකයෝ ටිකක් තෝරාගැනීමයි, ඒක තමයි අපේ ප්‍රතිපත්තිය, ප්‍රතිපත්තියක් නැත්තේ දේශපාලකයන්ට කඩේ යන එවුන්ටයි

      Delete
    4. පැරා ගේ ලිපිය සරල බසින් ලියූ ඉතා හොඳ විස්තරයක් ලෙස දකිමි. පහත කොටස වැදගත් ය.
      //මෙහි තිබෙන මූලික ගැටලු වන්නේ මේවායි:
      1. කෙටි කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමක් වෙනුවට මෙතරම් දිගු කාලීන බැඳුම්කර නිකුතුවක් කිරීමට තිබුණු අවශ්‍යතාව කුමක් ද?
      2. මුලින් නිකුත් කිරීමට අපේක්ෂා කළ රු. බිලියන 1.5 වෙනුවට රු. බිලියන 10ක බැඳුම්කර නිකුත් කළේ ඇයි?
      3. එම බැඳුම්කර මිළ දී ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා ද?//

      කලින් ද ටිකක් ඉල්ලා වැඩිපුර ගත්තා නම් ක්‍රමය නීත්‍යනුකූල බව පෙනේ. මේ වෙලේ රාජ්‍ය ආදායම් අය නො කර වැඩිපුර රාජ්‍ය වියදම් කර මැතිවරණ වාසි ලබා ගැනීම රජයේ අරමුණ බව පැහැදිලි ය. මූලික ම ප්‍රශ්නය 3 කරුණ යි.

      Delete
  2. "ඇය එහි අධ්‍යක්ෂිකාවක වූ අතර එම සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස බලපත්‍රය ලැබුණේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ ය. "

    ඉතින් බලපත්‍ර දෙන එක වැරදිද?

    රනිල් ගේ අය්යා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න හරියට පුරවලා ඇප්ලිකේෂන් එකක් බාර දුන්නොත් යහපාලන ආණ්ඩුවෙන් ඒක රිජෙක්ට් කරනවද?

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂලාගේ කාලේ ‘හරියට පුරවලා ඇප්ලිකේෂන් එකක් බාර දුන්' පමණින් බලපත්‍ර ලැබුණා ද නැද්ද යන්න නො දන්නේ කවුරුද?

      ඔබ ඒ ගැන නො දන්නේ නම් බිස්නස් කරන අයගෙන් අසා බලන්න.

      යහපාලනය යනු ‘හරියට පුරවලා ඇප්ලිකේෂන් එකක් බාර දුන්' පමණින් බලපත්‍ර දීම නො වේ. රජයක් තිබෙන්නේ ඇප්ලිකේෂන් බලා පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට නො වේ. ඒ ගැන අධ්‍යයනය කිරීම කියා දෙයක් ද තිබේ.

      Delete
    2. මහත්තයො ලෝකෙ හුඟක් දියුණු රටවල වරාය, ගුවන්තොටුපල, කර්මාන්ත පුරය, ඒ හා බැඳුන විශාල මාර්ග පද්ධති ඉදිකර තිබෙනවා. එයිනුත් මුලින්ම ඉදිකරන්නෙ පාරවල් ටික. Dubai, Hong Kong, Glasgow, Montreal මෙකී නොකී රටවල කර්මාන්ත පුරය හා ඒ හා සමගාමීව නගර සංවර්ධනය, නිවාස ව්‍යාපෘති, සෞඛ්‍ය පහසුකම්, සිනමා ශාලා පවා ඉදිකරලා තියෙනවා. තම දේශීය නිශ්පාදන අඩු වියදමකින් ප්‍රවාහණය කිරීම සහ අපනයනය කිරීම සඳහා විශාල container යා හැකි මාර්ග පද්ධතියක් අවශ්‍ය කරනවා. විදේශ රටවලින් අමුද්‍රව්‍ය ගෙන්වා (උදා: Vehicle Assembling factories වැනි ආයතන) කර්මාන්ත වලට බෙදා හැරීම සිදුකරන්න වරාය ළඟපාතක තිබීම වැදගත් වෙනවා. ඔබතුමා ඔය විවේචනය කරන සියළුම ඉදිකිරීම් ඉදිරි දැක්මක් (vision එකක්) ඇතිව රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්, රැකී රක්ෂා ප්‍රශ්නයට ඉතාම හොඳ විසඳුමක් වෙනුවෙන් කරන ලද ව්‍යාපෘති. ඔබතුමාලා වගේ බ්‍රේස්ලට් ආන්ඩුවක් පත්වුන නිසයි ඔය පලාත පාලුවට ගිහින් අද මිනිස්සු පාරෙ ගම්මිරිස් වේලන්නෙ. ඒ සියළු ව්‍යාපෘති විනාශ වෙන්න ඇරලා නිකන් බයිලා ගහන්ඩ එපා මහත්තයො.

      Delete
    3. https://m.youtube.com/watch?v=sqMFjAdiGdM

      Delete
  3. පැරා මාර පොරක් කියා තවමත් සිතන කියවන්නනි. කරුණාකර කමෙන්ට් ෆීඩ් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මේ බලධරයා විසින් කපා හරින කමෙන්ට් එහෙමටම අවුල් ඒවාද නැද්ද, පරාට උවමනා දේ කියන කමෙන්ට් වල ඊට වඩා "නරක වචන" කියවී නැද්ද කියා ඔබටත් බලා ගත හැකි වනු ඇත.

    ReplyDelete
  4. අර්ජුන්ගේ බෑනා ට්‍රේෂරි බිල්ස් ගත්තේ අතේ සල්ලි වලින් නෙවෙයි ලංකා බැංකුවෙන් ඊට අඩු පොලියට හම්බ උණු නයකින් කියන එක කිව්වේ නැත්තේ සමහර විට කටේ මොනවා හරි හිර වෙලා වෙන්න ඇති?

    ReplyDelete
    Replies
    1. දැන් ඔබ කියන විධියට ලංකා බැංකුව කෙළින් ම ඉදිරිපත් වී මේ මුදල් ආණ්ඩුවට ණයට දුන්නා නම් නිවැරදි ද?

      ආණ්ඩුව විවෘත දේශීය මුල්‍ය වෙළඳපොළක බැඳුම්කර වෙන්දේසි කර තිබේ. එම ක්‍රියාවලියෙහි ගැටලු වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය පිළිබඳ තීරණය කළ ආකාරය නිවැරදි ද, අභ්‍යන්තර තොරතුරු පිටතට ගොස් තිබේ ද යන කරුණු තුළයි.

      ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මුදල් ණයට දුන්නේ ඇයි ද යන්න වෙන ම ප්‍රශ්නයකි. එහිදී විමසිය යුතුව තිබෙන්නේ ණය ලබා දුන් පදනම කුමක් ද, ණය ලබා නො දීමට හේතු වන කරුණු තිබුණා ද යන්නයි.

      මේ සමස්ත ක්‍රියාවලිය ධනවාදයේ ලාභ ලැබීමේ අරමුණුවලින් ඉවත් කර සලකා බැලිය නො හැකි ය. මෙහිදී ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය මහින්ද රාජපක්ෂ සමය හා සැසඳූ කල වඩා විනිවිද පෙනේ. අපට මේවා ගැන සංවාද කරන්නට හැකි වී තිබෙන්නේ ඒ නිසා ය. එයින් මුල්‍ය ධනවාදයේ තිබෙන කෘෘරත්වය ද නිරූපණය වේ.

      Delete
  5. Great effort trying to explain this in simple language. Well done. Slam on bayyas.

    ReplyDelete
  6. රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .

    ReplyDelete
    Replies
    1. ඒ නිසා අපි මහින්දට අහු වෙමු කියලද කියන්නේ?

      Delete
  7. Now you are canvassing nakedly for central bank plunderers! You are really vililajja nethi guy! Your clean leader has found money for the election campaign by destroying our national bank! Why Mr, your clean president Maithree advised Ranil to send Arjuna home? You seem to be Hathpole gagannava! Until today I thought you had a principle in life. I am sadly mistaken!

    ReplyDelete
    Replies
    1. As a principle I work hard t to change the Rajapaksa regime with the the plundering system it has established. I don't care Ranil will be his successor. We shall fight against him later. Mahinda is proven rascal. His system is shit. Mahendran fiasco is also part of the Rajapaksa system which is deep rooted in this country.

      I have no argument that capitalism is plunder.

      You hide behind the bushes and appearing anonymous cry that Ranil's capitalism is bad but Mahinda's is good. No. This is example to prove that capitalism is brutal because of its primary aim of ushering profit over all the other things.

      Delete
  8. ඇත්තටම ඉතිං තම්නගේ එකා බේරාගන්න ඕනම කෙනෙක් කඩේ යනව නේ. ඒකනේ සාමාන්‍ය සිද්ධිය. මෙතනත් පැරා ෆුල් ගේම දෙන්නේ මෙන්න මෙහෙම කියන්නයි.
    ‘අපේ එකා කළෙත් වරදක් තමයි. නමුත් අනෙක් පැත්තේ එකත් මේ වගේම වැරදි කරලා තියෙනවානේ. එහෙම බලද්දි මේක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙවෙයි නේ අයියෝ‘ කියා කියන්නයි.

    ReplyDelete
    Replies
    1. මහින්ද පැන්නුවට පස්සෙ අපි එයාව අල්ලගන්නවා. අංක එක Mahinda must go home.

      ධනවාදියෝ කියන්නේ හොරු තමයි. ඒත්, මහින්ද කියන්නේ හොරෙක් විතරක් නෙමෙයි.

      Delete
  9. කබ්රාල් රාජපක්ශ සුසංයෝගය ගොඩක්ම ගසා කෑවේ විදේශ මුදල් ණයට ගැනීමේදීය. ලෝක බැංකුවෙන් සියයට එකට ඩොලර් ණය ලබා නොගෙන බටහිරට සිංහලෙන් බැන වැදී චීනෙන් සියයට අටට ණය ගත්තාම වෙන පාඩුව හිතලා බලන්න. රුපියල් ණය වල පොලිය ගෙවන්න භාණ්ඩාගාරයට සල්ලි අච්චු ගහන්න පුලුවන්. ඒ උණාට ඩොලර් ණය ගෙවන්නේ ගෑනු මැද පෙරදිග බැල මෙහෙවර කරල එවන සල්ලි වලින්. අනික සියයට එකක් දෙකක් නෙමෙයි සියයට හතක්ම වැඩියෙන් ගෙවලා. කඩා වැටෙන්න තිබුන ෆිනෑන්ස් කොම්පැනි බැංකු වලට ලොකු මුදල් වලට ගන්න බල කරලා ගහන්න හදපු ලොකු ගේම කරගන්න බැරිඋනේ ජනවාරි 8 නිසා. අනික පිරමීඩ ජවාරම හරහා ලංකාවේ ඩොලර් කිසිම භාණ්ඩයක් රටට නොලැබී පිට රට පටවල ලක්ශ ගාණක් වන ලංකාවෙ මිනිස්සුන්ගේ සල්ලි ගසා කාපු මිනිහා ඒ ගැන පරීක්ශන පවත්වන මහ බැංකුවේ අධිපති කරපු එක ගැන ගොඩක් දෙනෙක් දන්නව ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ! අපි නම් සංවර්දනය කියන්නේ හොරා හොරා හොරා හොරා හොරා හොරා කියා එක දිගට මැතිරීම යි.

      අපේ රනිල් මහත්තයා අර කැලණියෙද කොහෙද හදපු ගුවන් පාලම මොකටද කියලා අහපු එක්කෙනා නේ. මිනිස්සු විනාඩි 15ක් 20ක් පරක්කු වුනාම මොකද කියලා අහනවා. ඔන්න යූ ටුබයේ තියෙනවා !

      ඔබ තුමා කොහොමත් කටින් බතල කොළ හිටවන්න දක්‍ෂයා නේ..

      ජනතාවගේ අතේ මිටේ මුදල් ගැවසීම වැඩි කොරනවා කියල තමයි ඔය කවුරු කවුරුත් බලයට ආවෙ.. අන්තිමෙදී ජන්තාවගෙ පොකට් එකට තට්ටු කොරලයි කවුරුත් පල්ලම් බැස්සෙ..

      මෙන්න පුළුවන් නම් කරනවා නම් වැඩක්.. "රට ගැන නොහිතා බඩ ගැන හිතපියව්" කියලා කියන රනිල්ගේ මූලිකත්වයෙන් ගේන්න බලන්න පාර්ලිමේන්තුවට මන්ත්‍රී-ඇමති වැටුප්.දීමනා අඩු කිරීමේ යෝජනාවක්.. !

      එමගින් කොච්චර ජාතික ධනස්කන්‍ධයක් ඉතුරු කර ගන්න පුළුවන්ද කියල ඔබතුමාට හිතා ගන්න පුළුවන් නේ..

      Delete
  10. මහින්ද රාජපක්ෂ රජය යුද්ධය නිමාකර යටිතල පහසුකම් දියුනුකල නිසා වොක්ස්වාගන් සමාගම මෙරට ආටයා්ජන සිදුකිරීමට කටයුකු කරමාන් පවතී. රන්න පොනිලා එහි ගෞරවය තමාට පවරාගැනීමට කටයුතු කරයි.
    කොළඹදී වෙඩිතැබීමක් සිදුකර එහි වගකීම මහින්දට පවරා ඒ හරහා මහින්ද විරෝධයක් ඇති කිරීමටද ඔවුන් කටයුතු කරයි. මහින්ද ජනප්‍රියත්වයේ ඉහලටම නැඟි කල පවා එක්සත් ජාතික පක්ෂය ජයගත් ප්‍රදේශයක මෙවැනි දේ කිරීමෙන් කොළඹ චන්ද කොහොමත් නොලැබෙන අතර අනෙක් පලාත්වලද මහින්දට අවාසි වනබව තේරුම් නොගැනීමට තරම් මහින්ද අඳබාලයෙක්ද හිටං

    ReplyDelete
    Replies
    1. මහින්දගේ කොහොම වුනත් උබේ අදබාල බව නම් පේනවා ලියපු ටිකෙන්. හොරුන්ට කඩේ යන්න එපා. ගු කාපන්. උබ හිතන්නේ VB ප්‍රෝග්‍රෑම් එකක් ලියාගන්න පුළුවන් වුනාම, ගොන් ආතල් දීල බ්ලොග් එකට හිට්ස් ටිකක් වැටුනම උබ මහා ලොකු දේශපාලන විශ්ලේෂකයෙක් වෙනවා කියලද ? ඔය වගේ තව මීගොනෙක් ඉන්නවා ප්‍රියන්ත හේවගේ කියලා.

      Delete
    2. ඔන්න ජගත් ඔබගේ මිතුරෙක්. කියන දෙයක්වත් තේරුම් ගන්න පුළුවන් එවුන් ද බලන්න මහින්දට අන්ධ විදියට කඩේ යන්නෙ?

      Delete
    3. එක්සත් ජාතික පක්ෂය තමන්ට අවාසි සහගත නිසා බ්ලූමැන්ඩල් සිද්ධිය හඹා යාම මඟහරිනබව පෙනීයයි.

      Delete
  11. //රු. බිලියනයක ණය මුදල, වසර 30කින් කල් පිරෙන 9.35% සිට 9.75% දක්‌වා වන පොලියක්‌ සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත ලබාගන්නා බව මහ බැංකුව කලින් නිවේදනය කර තිබී ඇත.//
    පැරා, මේ කියල තියෙන දේ වැරදියි නේද? කොහෙද කියල තියෙන්නේ මහ බැංකුව 9.35% සිට 9.75% දක්‌වා වන පොලියක්‌ දෙනවා කියල . මොන දැන්වීමේද?

    ReplyDelete
  12. මේ බව සඳහන් වන මාධ්‍ය වාර්තා කීපයක් තිබේ.

    http://www.hirunews.lk/sinhala/print-sinhala/105075

    http://sinhala.asianmirror.lk/local-news/item/10728-2015-03-10-12-06-49

    ReplyDelete
  13. මේ රටේ මාද්‍ය කියන්නෙත් ඔය කව්රුහරි කියපු දෙයක් ලියන එක නේද. මගේ පවුද්ගලිකව මාද්‍ය වාර්තා කියෙව්වම හිතෙන දෙයක් තමයි මේ රටේ මාද්‍යකාරයෝ කොයි තරම් ගණන් දුර්වලයිද කියන එක. මම අහන්නේ මහ බැංකුව විසින් 9.35% සිට 9.75% දක්‌වා වන පොලියක්‌ ගෙවනවයි කියල දාපු දැන්වීමක් කව්රුහරි දැකල තියෙනවද?
    මේ දැන්වීම හැර වෙනත් දැන්වීම් මහ බැංකුව ප්‍රසිද්ද කරලා තියෙනවද?
    http://www.cbsl.gov.lk/pics_n_docs/02_prs/_docs/notices/notice_20150225e.pdf

    ReplyDelete
  14. [ 2015 පෙබරවාරි 27දා වෙන්දේසි කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ වසර 30කින් ‘9.35% සිට 9.75% දක්වා වන පොලියක්‌ සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත' රු. බිලියනයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බවයි. පසුව මෙය රු. බිලියන 10 දක්වා වැඩි කර තිබේ. ]

    දැන් තමුන්නැහේම මෙන්න මෙහෙම කියනවා, වසර 30 ක් සඳහා බිලියනයක් 9.35% සිට 9.75% ක පොළියට ගන්න යනවා කියල කියපු කතාවක් ගැන. නමුත් බිළියන 10 ගන්නේ 11.73% ක පොළියකට. ඇයි බිලියන 10 ම අර 9.35~9.75% පොළියට ගන්න බැරි වුනේ.

    මෙතන තිබෙන ගැටළුව අඩු පොළියට ලන්සු ඉදිරිපත් වී තිබියදී වැඩි පොළියට ගැනීම සහ එසේ ගැනීම සඳහා එම සමාගම ලංකා බැංකුවේ මුදල් ඉතා අඩු පොළියට ලබා ගැනීමයි.
    ලංකා බැංකුව පවා බැඳුම්කර සඳහා ලන්සු තබා තිබුනද ඉහළින් ආ නියෝග හමුවේ ඔවුන්ගේ ලන්සුව හකුලාගෙන වැඩි පොළියට ලන්සු තැබූ අර්ජුනගේ හිතවත් සමාගමට අඩු පොළියට ණයක් දීමට සිදු වීමයි මෙහි ඇති ප්‍රධාන ගැටළුව.

    2012, 2013 කියන්නේ ණය සඳහා පොළී වැඩිම කාලයක්. ඔය කාලේ රට තුළ පවා තිබුනේ ඉතා අධික පොළී අනුපාත.
    2012/13 කාලයේ 23% වැනි අගයක තිබු පෞද්ගලික ණය පොළිය 2014 අවසාන කාලය වනවිට 9% පමණ දක්වා පහත බැසීමෙන්ම එය තේරුම් ගත හැකියි.

    කබ්රාල් ගේ කාලේ 12% ටද ගත්තේ 13% ටද ගත්තේ කියන එක කොහොමද ගැටළුවක් වෙන්නේ, කබ්රාල් ගේ අහවල් එක ගැන කතා කරනවානම් කතා කරන්න ඕනේ ඊට වඩා අඩු ලන්සු පැමිණි අවස්ථාවක ඔහු වැඩි පොළියට බැඳුම්කර ලබා ගත්තානම් පමණයි.
    නමුත් එවැනි කිසිවක් කොහේවත් සඳහන් වෙලා නැහැ. අවම වශයෙන් ඔබ පවා එවැන්නක් පවසා නැහැ. ඒ එහෙම දෙයක් සිදුවී නොමැති නිසා.

    ඔබ මේ ප්‍රචාරය කරන්නේ ගණන් හෝ බැංකු ක්‍රම සම්බන්ධව ඔබගේ නොදන්නා කමද,
    එසේත් නැතිනම් ලංකාවේ සිටින බහුතරයක් වූ ගණන් බැරි මිනිසුන් බොරුවෙන් හෝ රවටා මෙම සිද්ධිය වෙනතක හැරවීමටද.
    ඔබ නියැළී සිටින්නේ කබ්රාල් දෙසට බොරුවට ඇඟිල්ල දිගු කර මෙම ප්‍රශ්නය තනුක කර දමා ඔබ සරණ යන හොර නඩයට ජන්ද ලබා ගැනීමේ කුඨ සහ නින්දිත ව්‍යාපාරයකය.

    ReplyDelete
    Replies
    1. මේ රටේ මාද්‍ය කියන්නෙත් ඔය කව්රුහරි කියපු දෙයක් ලියන එක නේද. මගේ පවුද්ගලිකව මාද්‍ය වාර්තා කියෙව්වම හිතෙන දෙයක් තමයි මේ රටේ මාද්‍යකාරයෝ කොයි තරම් ගණන් දුර්වලයිද කියන එක. මම අහන්නේ මහ බැංකුව විසින් 9.35% සිට 9.75% දක්‌වා වන පොලියක්‌ ගෙවනවයි කියල දාපු දැන්වීමක් කව්රුහරි දැකල තියෙනවද?
      මේ දැන්වීම හැර වෙනත් දැන්වීම් මහ බැංකුව ප්‍රසිද්ද කරලා තියෙනවද?
      http://www.cbsl.gov.lk/pics_n_docs/02_prs/_docs/notices/notice_20150225e.pdf
      //මෙතන තිබෙන ගැටළුව අඩු පොළියට ලන්සු ඉදිරිපත් වී තිබියදී වැඩි පොළියට ගැනීම සහ එසේ ගැනීම සඳහා එම සමාගම ලංකා බැංකුවේ මුදල් ඉතා අඩු පොළියට ලබා ගැනීමයි.
      ලංකා බැංකුව පවා බැඳුම්කර සඳහා ලන්සු තබා තිබුනද ඉහළින් ආ නියෝග හමුවේ ඔවුන්ගේ ලන්සුව හකුලාගෙන වැඩි පොළියට ලන්සු තැබූ අර්ජුනගේ හිතවත් සමාගමට අඩු පොළියට ණයක් දීමට සිදු වීමයි මෙහි ඇති ප්‍රධාන ගැටළුව.//
      කොහෙද එහෙම වෙලා තියෙන්නේ. ලැබිච්ච අඩුම පොලිය තියෙන ලන්සු තමයි පිළිගෙන තියන්නේ. කබ්රාල්ගේ කාලේ 2014 බිලියන 2 ගන්න පොලිය 11.75. බිලියන 10 ගත්තනම් කොහොම හිටියිද.

      Delete
    2. great. Para what do you say on this?

      Delete
  15. මෙහෙමයි, වසර 30ක් වගේ කාලයක් නෙවෙයි සමහර රටවල වසර 100කින් කල් පිරෙන්නත් බැඳුම්කර නිකුත් කරනවා.කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එතකොට ආයෝජනය කරන මුදල පොළියෙන්ම අවුරුදු 10න් හම්බවෙනවා කියලා, ඒත් මුදලේ වර්තමාන අගය කියන තැනදි ඒක ඇත්තක් වෙන්නේ නෑ. කෙටි කාලීන බිල්පත් නිකුත්කරලා කරනවද දිගු කාලීනව බැඳුම්කර නිකුත් කරනවද කියන එක ප්‍රතිපත්තිමය තීරණයක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.