2016-05-17

අපි හැමෝම තකතීරුවො - අන්න ඒක නිසා තමයි - කෙස් පැලෙනා මොළකාරයො - අතළොස්සක් ඕන අපට

W3Lanka බ්ලොගය පවත්වාගෙන යන්නේ එහි රචකයාට ඇති මාර රීඩිං එක හා මාර අදහස් සමාජය වෙත දානය කිරීමට නො වේ. ඇත්තම කියනවා නම් එහෙම ලොකු මගුලක් මේ ලියන මා ළඟ නැත.

අශෝක හඳගමගේ චිත්‍ර‍පටය පිළිබඳ අප ලියූ සටහනත් එවැනි ය. එය ලිව්වේ වරලත් විචාරකයන්, කියවන්නන් හා සිතන්නන් ගැන මගේ රසවින්දනය නම් සටහන ලියූ දිනවල ම ය. එය රාවයට යැවූ දිනය පරීක්ෂා කර බැලුවෙමි. ඒ මැයි 2දා ය. බොරු නම් ජනරංජනගෙන් අහන්න.

ඒ නිසා පහත පළ වන සටහනේ මුල් වාක්‍යය ම වැරදි ය. මං එච්චර සිරා නැත. දෙවන වාක්‍යයේ ඇත්තේ මා කෙරෙහි වෛරය හා මගේ පැවැත්ම නිසා ඇති වී තිබෙන අසහනයයි. තුන්වන වාක්‍යයේ ඇත්තේ මා විසින් කරගෙන යන සංවාදයක් නිසා ඇති වී තිබෙන වේදනාවයි. හතරවන වාක්‍යය අමු බොරුවකි. කෙසේ වෙතත්, හඳගමගේ ඇගේ ඇස අග චිත්‍ර‍පටය ගැන මා ලියූ රසවින්දනයේ අදහසක් ලෙස ඇනොනිමස්ව පළ වුණත්, එම සටහන වැදගත් නිසා මෙහි යළි පළ කරමි. එහි බොහෝ කරුණු ගැන මට ලොකු ප්‍ර‍ශ්නයක් නැත. මගේ අදහස් සටහන තුළ ම රතු අකුරෙන් තබමි.

අජිත් පැරකුම් ජයසිංහ කල්පයක් පෙරුම් පුරා හඳයාගේ අභිනව සිනමාව පිළිබඳ ස්වකීය පැරාමය කියවීම පළ කර ඇත. සකල විධ ලෝක ධාතුවේ සෑම සියලු ගැටලුවකට ම පිළිතුරු සපයන ජයසිංහයන්ගේ මහා ආඛ්‍යානය විසින් ම එහි විසංයෝජනයක් ද ඉල්ලා සිටිනු ලැබේ. අජිත් පැරකුම් ජයසිංහ සුපුරුදු ලෙස තම මහා ආඛ්‍යානය අවසන් කරන්නේ වමට ආඬපාලියක් පැවසීමෙනි. ඉන් නො නවතින ජයසිංහයන් මනෝවිශ්ලේෂණය පිළිබඳ ද දැවැන්ත විනිශ්චයක් ලබා දෙයි.

අජිත් පැරකුම් ජයසිංහට අනුව හඳයා “ඇගේ ඇස අග” තුළින් වාමාංශිකයන්ට ද මනෝවිශ්ලේෂකයන්ට ද ටොෆි කවා ඇත. ඩේන්ටී, එඩ්නා, ඩයනා, යා-සොන්කෝ (මොනවද යකෝ ඒ ටොපි ජාතිය?) ඈ නේක ටොෆී නිෂ්පාදයන් සිටින රටක තමා ද “ඇගේ ඇස අග” නමින් ටොෆි නිෂ්පාදනයක් එළි දක්වන්නට තරම් හඳයාට මඤ්ඤං යැයි අපි නො සිතමු. ජයසිංහයන් වාමාංශිකයන් පිළිබඳ පවසන මුග්ධ ප්‍රකාශ අප විසින් දිගු කලක් තිස්සේ විචාරණයට ලක් කරනු ලැබ ඇත. එනිසා මෙම ආලෝචනය මඟින් අපි ජයසිංහයන් මනෝවිශ්ලේෂණයත් ඒ හා සබැඳි ලකානියානු මාර්ක්ස්වාදයත් ප්‍රංශ ව්‍යුහවාදයත් පිළිබඳ ප්‍රකට කරවන අස්ථානීය අනවබෝධයන් කීපයක් පිළිබඳ සම්පරීක්ෂා කරමු. (ඔච්චර බර වචන ඕනෑ නැත. මං ඕවා ගැන සිරාවට හදාරන්නේ නැත. යම් යම් දේ කියවලා නම් ඇත. ඒවා මතක තබා ගැනීමට මෙමරියේ ඉඩ වෙන් කර නැත.)

ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය හෝ එයට යම් ආකාරයකින් විසංවාදී වූ යුංගේ ඉලෙක්ට්‍රා සංකීර්ණය හෝ එකී ද්විත්වය ව සමතික්‍රමණය කළ ලකාන්ගේ සංකේතීය පියා හෝ අජිත් පැරකුම් ජයසිංහ පවසන ආකාරයේ සීනි බෝල සංකල්පයන් නො වේ. ඒවා දාර්ශනික වශයෙන් සුනිශ්චිත සංකල්පයන් ය. (එකඟ ය. එහෙත්, සංකල්ප යනු මොනවා ද? සංකල්ප යනු සත්‍යයන් නො වේ. සත්‍යය වටහා ගැනීමට දරන ලද ප්‍ර‍යත්නයකි. අවසානයේදී සත්‍යය ද සංකල්පයක් විය හැකි ය. සත්‍යය කියනවාට වඩා සත්‍යයන් කියා කියන එක වඩා නිවැරදි වන්නට ද පුළුවන.

Concepts are the constituents of thoughts. Consequently, they are crucial to such psychological processes as categorization, inference, memory, learning, and decision-making. This much is relatively uncontroversial. But the nature of concepts—the kind of things concepts are—and the constraints that govern a theory of concepts have been the subject of much debate. This is due, at least in part, to the fact that disputes about concepts often reflect deeply opposing approaches to the study of the mind, to language, and even to philosophy itself. (මූලාශ්‍ර‍ය මෙතැනින්)


පරිවර්තනය: සංකල්ප යනු මොනවා ද? ප්‍ර‍තිඵලයක් ලෙස, ඒවා වර්ග කිරීම, මැදිහත් වීම, මතකය, ඉගෙනීම හා තීරණ ගැනීම වැනි මානසික ක්‍රියාවලි සඳහා වැදගත් වේ. ඒ දක්වා ඒවා සාපේක්ෂව මතභේදයන්ගෙන් තොර ය. එහෙත්, සංකල්පවල ස්වභාවය හා සංකල්ප න්‍යායක් පාලනය කරනු ලබන සීමා විවාදයට හේතු වේ.එසේ වන්නේ, අඩු තරමේ පාර්ශ්විකව හෝ සංකල්ප පිළිබඳ මතභේදවලින් බොහෝ විට නිරූපණය වන්නේ මනස පිළිබඳ හැදෑරීම, භාෂාව හා දර්ශනය වෙත පවා ප්‍රවේශ වීමේදී දක්නට ලැබෙන ගැඹුරින් ම පරස්පර වන ස්වභවයක් ය යන කරුණ මත ය.


සංකල්ප ලෝකය සමස්තයක් ලෙස ගැනීම කිසිවකුට කළ නො හැකි දෙයකි. කළ හැක්කේ සංකල්ප පිළිබඳ විවෘත මනසකින් යුක්ත වීම පමණි. යමෙකුට කිසියම් සංකල්පයක් ගැන වැඩිපුර හැදෑරිය හැකි ය. එය සත්‍යය ලෙස පිළිගැනීම යනු පෞද්ගලික දෙයකි. එහෙත්, එය අනෙකා මත පටවන්නට යාම ආගමික ප්‍ර‍චණ්ඩත්වයකි. අපේ දේශපාලනය තුළ අපි එයට එරෙහිව අරගලයක නියැලී සිටිමු. අප නිදහස් චින්තනය දිරිගන්වන්නේ ඒ නිසා ය.)


ළදරුවෙකු තම මව සමඟ ද ළදැරියක තම පියා සමඟ ද ලිංගික සම්බන්ධතාවයට දක්වන “ආශාව” අවිඥානික ව ගතිකාවරෝධනයකට ලක් කර ගැනීම නිසා එකී ළදරුවාගේ හෝ ළදැරියගේ හෝ මනස තුළ ජනනය වන මනෝගතීන් හා භාවයන් ඥානනය කිරීම සඳහා ෆ්‍රොයිඩ් ඊඩිපස් සංකීර්ණය සංකල්පගත කළේ ය. එහි දී ඔහු සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේ ඊඩිපස් නාට්‍යාඛ්‍යායනයේ එක් චරිතයක නාමකරණය භාවිතා කර ඇත. යුං විසින් සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේ එන සොපොක්ලීස්ගේ ම ඉලෙක්ට්‍රා නාට්‍යාඛ්‍යායනයේ එක් චරිතයක නාමකරණය භාවිතා කර සංකල්පගත කරන ලද ඉලෙක්ට්‍රා සංකීර්ණය හෙවත් ළදැරියක තම පියා සඳහා තම මව සමඟ කරන මනෝලිංගික තරඟය, ෆ්‍රොයිඩ් විසින් ඊඩිපස් සංකීරණය මඟින් ස්ත්‍රී පුරුෂ ද්විලිංගයට ම සාර්වත්‍ර කරන ලදී.

ෆ්‍රොයිඩ් පවසන “ආශාව” යනු මානව ජීවිතයේ වැදගත් ම ගාමක බලය යි. මෙකී “ආශාව” යනු කුමක් ද යන්න විග්‍රහ කරන ලකාන් පවසන්නේ එය හුදු කැමැත්තක් පමණක් නො ව “අහිමි වීම” පිළිබඳ සංවේදනයක් බව ය. ලකාන්ට අනුව මෙම “ආශාව” මානව ජීවිතයේ විවිධ අවධිවල දී විවිධ වස්තු හා සංකල්ප වෙත යොමු වේ. “ආශාව” මෙලෙස යොමු වන වස්තු හා සංකල්පවල සංඝටකයන්ගේ සාර්වත්‍ර කුලකය ලකාන් විසින් “මහා අනෙකා” හෙවත් “සංකේතීය සරණිය” ලෙස සංකල්පගත කෙරිණි (ලකාන් මේ සඳහා යොදා ගන්නා symbolic යන වදන ඔහු යොදන්නේ විශේෂණාර්ථයෙන් නො ව නාමාර්ථයෙන් ය). ෆ්‍රොයිඩ්ට අනුව ළදරුවා හෝ ළදැරිය හෝ තම “ආශාව” අවරෝධනය කර ගන්නේ වන්ධ්‍යකරණයට ලක් වීමට ඇති බිය නිසා වු ව ද ලකාන්ට අනුව එකී “ආශාව” අවරෝධනය කර ගනු ලබන්නේ මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට ළදරුවා හෝ ළදැරිය හෝ අන්තර්ග්‍රහණය වීමේ දී එකී මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළ පවතින හාෂාත්මක සන්නිවේදනයත් අන්තර්පුද්ගල සම්බන්ධතාත් දෘෂ්ටිවාදීමය රීතීනුත් නීතියට අවනත වීමත් යන සංඝටකයන් සමඟ අනුගත වීමක් ලෙස ය. එනම් මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය තුළට අන්තර්ග්‍රහණය වන ළදරුවා හෝ ළදැරිය හෝ එකී භාෂාත්මක ලෝකය තුළ ව්‍යභිචාරවාරණිත දෘෂ්ටිවාදමය රීතීන්ට හා නීතීන්ට අනුගත වීමක් ලෙස තම මව හෝ පියා හෝ කෙරෙහි පවතින මනෝලිංගික ආශාව අහිමි කර ගනී. මෙලෙස ළදරුවෙකු තම මව කෙරෙහි හෝ ළදැරියක තම පියා කෙරෙහි හෝ දක්වන “ආශාව” අත්හැරීමේ දී ඒ සඳහා විකල්පය ලෙස තෝරාගනු ලබන හැඟවුම්කාරකය කුමක් ද යන්න ලකාන් සංකල්පගත කළේ ය. ලකාන් එකී හැඟවුම්කාරකය “පීතෘ නාමය” ලෙස සංකල්පගත කළේ ය. එනම් මව පිළිබඳ ආශාව අහිමි වීම හැඟවුම්කරණය ලකානියානු “පීතෘ නාමය” යි. මෙනයින් අපට පෙනී යනුයේ ලකානියානු “පීතෘ නාමය” යනු සංකේතයක් බව ය. එනම් “පීතෘ නාමය” යන්නට “සංකේතීය පියා” යන්න පර්යාය වේ. “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” මේ අනුව පුරුෂ වීම ම අවශ්‍ය නැත. එය අහිමි කරනු ලැබූ ආශාවට අනුගත ව පුරුෂ හෝ ස්ත්‍රී හෝ විය හැකි ය. සැබවින් ම “පීතෘ නාමය” හෙවත් “සංකේතීය පියා” යනු ලකානියානු ශාස්ත්‍රීය සම්ප්‍රදානයේ එන සංකේතීය, විත්තරූපීය හා යථාමය යන ත්‍රිවිධ සංකල්පයන්ගෙන් එකක් පමණි. පූර්ව භාෂාත්මක අවධියේ දී මව තම මහා අනෙකා බවට පත් වුව ද, භාෂාත්මක අවධියේ දී පියා තම මහා අනෙකා වන්නා සේ ම මානව ජීවිතයේ පසු අවධිවල දී විවිධ බලාධිකාරීත්වයන් හා සමාජායතනයන් තම මහා අනෙකා බවට පත් වන බව ප්‍රංශ ව්‍යුහාත්මක මාර්ක්ස්වාදීහු න්‍යායසූත්‍රගත කළහ (මහා අනෙකා හෙවත් සංකේතීය සරණිය පිළිබඳ ජීවමාන නිදර්ශන අප මෙහි ලා නො දක්වනුයේ ජයසිංහයන් අමනාප විය හැකි බැවිනි). (මෙතැනදී මට නම් මේ න්‍යායික සංකල්ප ගැන කියන්නට තිබෙන්නේ වචන තුනකි. ඉතින් අපට මොකද? සංකල්ප ගැන මීට ඉහතදී මම කරුණු ඉදිරිපත් කළෙමි.)

“සංකේතීය පියා” යනු අජිත් පැරකුම් ජයසිංහ පවසන හෝ සිතන හෝ ආකාරයේ ටොෆියක් නො වේ. ජයසිංහයෝ මෙසේ පවසති:

//පළමුවැන්න චිත්‍ර‍පටයේ වියපත් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට පෙම් බඳින සිසුවියගේ පියා ගැන ඇය ලවා කියවන කතාවයි. ඒ අනුව ඇය සොයන්නේ පියා ය කියන්නට ද සංකේතීය පියා ගැන කතා කරන්නට කැමති අයට ඒ ගැන කතා කරන්නට ද දැන් අවස්ථාව තිබේ.//

//ඇය එක් අවස්ථාවක සිය පියා සහභාගි වන රූපවාහිනී වැඩසටහනක් නරඹමින් සිටියි. අවශ්‍ය නම් ඇය ද සංකේතීය පියා සොයමින් සිටින බව කිව හැකි ය.//

පියා අහිමි වූ තරුණියක වියපත් පුරුෂයෙකුට මනෝලිංගික ආසක්තතාවයක් පෑ පමණින් හෝ තවත් දැරියක තම පියා රූපවාහිනියේ නැරඹූ පමණින් හෝ අජිත් පැරකුම් ජයසිංහ නිගමනය කරනුයේ ඇය සංකේතීය පියා සොයන බව ය. ඒ කියනා ඊනියා “සංකේතීය පියා” ලකානියානු සංකේතීය පියෙකු නො ව පැරාමය සංකේත පියෙකු විය යුතු ය. ජයසිංහයන් තම මහා ආඛ්‍යානය සිංහල බසින් ලියා ඇත්තේ ස්ලාවෝ ජිජැක්ගේ වාසනාවකට ය. මක් නිසා ද යත් යම් හෙයකින් ජයසිංහයන්ගේ ලිපිය අන්තර්ජාතික බසකින් ලියැ වී විශිෂ්ට ම සමකාලීන ලකානියානු අර්ථකථනවේදියා වන ස්ලාවෝ ජිජැක් විසින් කියැවිණි නම් ජිජැක් වස කා ස්ලෝවේනියාවේ ශාන්ත මේරි කඳු මුදුනින් පැන සිය දිවි නසා ගනු නියත ය. (ලංකාවේ ජිජැක්වාදීන් කියන කරන දේවල් දන්නවා නම් ජිපැක් එතැනින් පැන බොහෝ කල් ය. ජිජැක් එතනින් පැන්නත් අපට නම් අසන්නට තිබෙන්නේ ඉතින් අපට පාන් ද කියා ය. ඉතිහාසය තුළ තව ඕනෑ තරම් දාර්ශනිකයන් බිහි වනු ඇත. හරියට සංගක්කාර විශ්‍රාම ගියා ය කියා ලංකාවේ ක්‍රිකට් නැති වෙන්නේ නැහැ වගේ ය.)

අජිත් පැරකුම් ජයසිංහට මාර්ක්ස්වාදයේ ව්‍යාකරණය නො තේරෙන නිසා ඔහු මාර්ක්ස්වාදීන් වන අපට සදයෝපහාස නඟන සේ ම, අජිත් පැරකුම් ජයසිංහට මනෝ විශ්ලේෂණයේ ව්‍යාකරණය ද නො තේරෙන නිසා ඔහු සර්පයාට ද සදයෝපහාස නඟයි. සත්‍ය ලෙස ම ජයසිංහයන් සදයෝපහාස නඟාගත යුක්තේ තමන්ට ම ය. පැරකුම් ජයසිංහයන්ට මඤ්ඤං වුණාට සමන් කුමාරයන්ට මඤ්ඤං නැත. (ව්‍යාකරණය ගැන හොඳම වාග් විද්‍යාත්මක සංකල්පයක් සිදත් සඟරාවේ තිබේ. එහි තිබෙන වහරනු සෙරෙන් සපයා යන්නෙහි අරුත විමසා බලන්න. ව්‍යාකරණය හැදෙන්නේ ව්‍යවහාරයෙන් ය. ලාංකීය සිංහල මාක්ස්වාදයේ මෙන් ම සිංහල මනෝ විශ්ලේෂණයේ ද ව්‍යාකරණය සෑදී ඇත්තේ ව්‍යවහාරික ලෝකයෙන් නො වේ. මනසිනි. මේවා විඥානවාදී ආගම් වන්නේ ඒ නිසා ය.)

දෘෂ්ටිවාද ප්‍රචාරණයට කලාකරුවන් කලාකෘති බිහි කළ යුතු නැත. වරක් ලෙනින් ම පවසා ඇත්තේ කලාව සම්බන්ධයෙන් නම් සෝවියට් නිල කලාකරුවන් කියවීමට වඩා ධනවාදී පුෂ්කින් කියවීම මනා බව ය. ප්‍රතිභාසම්පන්න කවියෙකු වූ මයාකොවුස්කි හුදෙක් විප්ලවයේ කවියා පමණක් වූයේ ද දෘෂ්ටිවාද ප්‍රචාරණයට කලාව භාවිතා කිරීමට යාම නිසා ය. සමාජ-දේශපාලන විප්ලවයේ දී කලාකරුවාගේ කාර්යභාරය මාර්ක්ස්වාදී අපට නම් පැහැදිලි ය. එනම් මානව ජීවිතය නිදහසේ සුපුෂ්පිත වන්නට බාධා කරන ඊනියා සමාජ සම්බන්ධතාවල අඵලත්වය ඉස්මතු කර ඒවා ප්‍රශ්න කරනු ලබන තැනට රසික ජනයාගේ ආනන්දයත් ප්‍රඥාවත් පුබුදුවාලීම ය. එලෙස අවදි වන ජනතාව මුළු ගන්වා විප්ලවීය වෙනස කිරීම දේශපාලන කාර්යයකි. (මෙය ඉතා අරුත්බර ප්‍ර‍කාශයකි. එ් මත පදනම්ව ගත්තත්, ඊනියා න්‍යායික සංකල්ප වන්දනා කිරීම යනු මිනිස් ජීවිතය නිදහසේ සුපුෂ්පිත වන්නට බාධාවකි. අප කරන්නේ ඔබ ඔය කියන ඊනියා සමාජ සම්බන්ධතාවල අඵලත්වය ඉස්මතු කර ඒවා ප්‍ර‍ශ්න කරන එක තමා ය. ඉතින් තරහා ඇයි? පැරාට රසික (සූරියආරච්චි?) වන්නට බැරි ද?)

පතී හෑත්තෑව දශකය පුරාවට ඉටු කළේ ද හඳයා පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ඉටු කළේ ද කලාකරුවාගේ එකී කාර්යභාරය ය. විශිෂ්ට කලාකෘතිවලින් අවදි වන මාණවමාණවිකාවන්ගේ විප්ලවීය විභවය විප්ලවීය යථාර්ථයක් බවට පරිවර්තනය කරනු පිණිස අවැසි වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟනු වෙනුවට අජිත් පැරකුම් ජයසිංහ කරමින් සිටින්නේ ධනපති පංතිය සමඟ සංවාස වී එහි ප්‍රමෝදයෙන් උද්දීපනය වී වාම විප්ලවීය දේශපාලනයට ගැරහීම ය. (පට්ට ම දාර්ශනික අවුල තිබෙන්නේ මෙහි ය. ඔය කියන මානව මානවිකාවෝ, විප්ලවීය විභවය, විප්ලවීය යථාර්ථය, වාම විප්ලවීය දේශපාලන ව්‍යාපාරය, ධනපති පංතිය සමඟ සංවාස වීම ආදිය ගැන කරන්නට පුළුවන් හොඳම දෙය ඩික්ෂනරියක් ලියන එක ය. මන්ද, ඕවා වර්තමානයේදී භාෂාත්මක සංකල්ප පමණක් බවට පත්ව ඇති නිසා ය. මේ වචන උසුරුවීමේ ලාංකික රජු වන සුචරිත ගම්ලත් නම් අවසානයේදී ඩික්ෂනරි වැඩේ කළේ ය.)

තරුණ ශිෂ්‍යාව වියපත් ආචාර්යවරයාට මනෝලිංගික ආසක්තතාවයක් පෑමත් එමඟින් අවසානයේ වන වියවුලත් පිළිබඳ නො දන්නා “සංකේතීය පියෙක්” අල්ලාගෙන නන්දොඩවන අජිත් පැරකුම් ජයසිංහට අවසානයේ දී එම වියවුල එසේ වූයේ ඇයි යන වැදගත් ම ප්‍රශ්නයට පිළිතුර මඟ හැරේ. ජයසිංහයෙනි, මානව ජීවිතය නිදහසේ සුෂුෂ්පිත ව වැඩෙන්නට බාධා කරන ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන් බිඳ දැමීමකින් තොර ව ළඟා කරගත හැකි විමුක්තියක් නොමැත. එකී ප්‍රතිගාමී දෘෂ්ටිවාදයන්ගේ ආරක්ෂකයා ද ප්‍රවර්ධකයා ද වන ධනපති පාලක පංතියට කොන්දේසි විරහිත ව පහර දී සුනු විසුනු නො කර ඔවුන් හා සංවාස වී ඔවුන්ගේ වසුරු බුදිමින් නන්දෙඩවීමෙන් ඔබ ද අප ද බලාපොරොත්තු වන සාර සමාජය යථාකරණය කර ගත නො හැකි ය. (මෙතනදී මට ගූ ගසා ඉන්පසු පොඩි සම්මානයක් ද දී තිබේ. ඒ අර ‘ඔබ ද අප ද බලාපොරොත්තු වන සාර සමාජය' කෑල්ලෙනි. තැන්කියු! තැන්කියු!)

අජිත් පැරකුම් ජයසිංහ කන්දක් විළි ලා වැදූ මුෂික පැටියා වන ඔහුගේ “ඇගේ ඇස අග” කියවීම නම් අජූව ය. මීට දශක එකහමාරකට පමණ පෙර එක් සොඳුරු සැඳෑවක කොළඔ නගරයේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ වේදිකාව මත සිට විද්වත් සභාවක් අමතා ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ අතිදීප්තිමත් තාරකාව වන රෝහිත හාෂණ සහෝදරයා ප්‍රසන්නගේ ඉර මැදියම පිළිබඳ කළ අර්ථවත් හා රසවත් විචාරය මට සිහි වේ. සමාජ-දේශපලෙනමය කලා විචාරය වූ කලී එවැන්නක් නො වේ ද? අජිත් පැරකුම් ජයසිංහයෙනි, තෙපි මේ සා කාලයක් කවර නම් නයක් උගත්තෙහි ද? (මෙහි තිබෙන අර අති දීප්තිමත් තාරකා කෑල්ල ප්‍ර‍සන්නගේ පුරහඳ කළුවර ගැන ඔය වගේ සම්මන්ත්‍ර‍ණයකදී කළ මාර දේශනයක් ගැන කතාවක් කියන්නම්. ඔහු ඒ විචාරය කළේ චිත්‍ර‍පටය බලන්නේ නැතිව ය. ඒ විචාරයට ප්‍ර‍සන්නත් කැමති වූ බව කියූ ඔහු ඔහුට සිදු වූ වැරදීමක් අසු වීම අහම්බෙන් මිස් වුණ හැටි ගැන කියූ කතාවෙන් අපි මාර ආතල් එකක් ගත්තෙමු. රෝහිත භාෂණ දක්ෂ පුද්ගලයකු බව මම මීට කලින් ද සඳහන් කර ඇත. එහෙත්, ඔවුන්ට සාමාන්‍ය සොඳුරු මිනිසුන් ලෙස ඉන්නට නො දී අදහන්නට යාමෙන් විනාශ වන්නනේ ඔවුන් ම ය. මං හිතන්නේ ලංකාවේ අය අදහන ෆොරින් දාර්ශනිකයෝත් ඔය වගේ විය හැකි ය. ඒ අතින් කැමරාවට විරිත්තන අයින්ස්ටයින් වැනි මිනිස්සු නම් සැබෑ ම මිනිස්සු ය. වීරයා මැරිලා ගොඩක් කල් ය.)

අවසානයේදී මෙම කමෙන්ට්කරු මගේ රසවින්දනය අජූව බව කියා සිය තීන්දුව දී තිබේ. අජූව වුණත්, නැතත්, ඒ මගේ රසවින්දනයයි. ඒ ගැන ඔබේ විනිශ්චයන් මට අදාළ නැත. මගේ රසවින්දනය වෙනස් වනවා නම් වන්නේ මගෙන් ම ය. 

අපි හැමෝම තකතීරුවො
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයො
අතළොස්සක් ඕන අපට
(හිට්ලර්ගේ ඇමති මණ්ඩලය - පරිවර්තනය විජිත ගුණරත්න)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

32 comments:

  1. බුදු අම්මෝ.... මොනවද මේ ලියල තියෙන්නෙ? මොකක් උනත් සම්භාව්‍ය යමක් වෙන්නැති අපට නොතේරුනාට....

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැදගත් දේවල් තේරෙන්නේ බුද්ධිමතුන්ට විතරයි.

      Delete
  2. ලියන "ප" යන්නක් තේරෙන්න ලියුවා නම් අගේයි!

    ReplyDelete
  3. මට නම් නිකං "පාලි සංසිකෘත" වගේ මෙලෝ දෙයක් තේරුනේ නෑ!

    ReplyDelete
  4. WTF? Ajith? Are you gone insane? I tried hard but could not understand anything. An utter waste of time. Shame on you.

    ReplyDelete
  5. විස්කිරිඤ්ඤ වදන්, මඤ්ඤොක්කා වැකි සහ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මාතෘකාවක් ප්‍රඥාවෙන් කියවා විඥාණය මඤ්ඤං කරගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. - මීට
      පුඤ්ඤසෝම පඤ්ඤානන්ද, කොම්පඤ්ඤවීදිය

      Delete
    2. meestar aroo, wayi onli dose? I thort u vil bee undarstandin oll

      Delete
    3. Hey, My fav comedy. Simply love the Portuguese guy. Trying to get some DVDs of FT from a friend who has downloaded.

      Delete
    4. ප්‍රා.... චාන්ස් එකක් ලැබුනොත් ජෝන් ක්ලීස්ම ඉන්න clockwise බලන්න. පිස්සු ඩබල් වෙනවා.

      Delete
    5. Thanks. Could be downloaded? Or will you bring when you come here(if you do in my life time :-D ) so that I can copy?

      Delete
    6. මේක බලපන්. චාන්ස් එකක් ලැබුනොත් ! බලන්න. පිස්සු Quadruple වෙනවා.

      https://www.youtube.com/watch?v=OGFz9gt0-Fc

      Delete
  6. මුලින් හඳගම ගේ සිනමාපටය

    ඊළඟට හඳගම ගේ සිනමාපටය ගැන ලියවෙන පැරා ගේ විචාරය

    ඊළඟට හඳගම ගේ සිනමාපටය ගැන ලියවුණු පැරා ගේ විචාරය ගැන ලියවෙන ප්‍රතිචාරය

    ඊළඟට හඳගම ගේ සිනමාපටය ගැන ලියවුණු පැරා ගේ විචාරය ගැන ලියවුණු ප්‍රතිචාරය ගැන කෙරෙන පැරා ගේ විචාරය

    පොදු පාඨක අපට මේ සියල්ල විකාරය!

    ReplyDelete
  7. Handagamayama awilla ano ketuwada danne na parage issella wichareta, ammapa wena katada naththam mehema puke amaruwak thiyenne mechchara apabransha liyanna

    ReplyDelete
  8. ලියලා තියෙන්නේ සිංහල බව පමණක ඉන්තේරුවෙන් තේරුණා...!!!!!

    ReplyDelete
  9. ජිජැක් නොදනිමි. jiggle දනිමි

    ReplyDelete
    Replies
    1. අයියෝ...අඩු ගානේ ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ අති දීප්තිමත් තාරකාව වන රෝහිත භාෂණව වත් දන්නේ නැද්ද ?

      Delete
  10. හීතල කොහෙන් ගියාද නෑ.. මොලේ වයර් උණු වෙලා කන් දෙකෙන් දුම් දැම්මා.. ඇත්තටම මේ වගේ විදග්ද ලේඛණ අපට වැඩි වැඩියෙන් අවශ්‍යයි. හම්මේ...........
    ජයවේවා..!!

    ReplyDelete
  11. Today Sri Lanka ful of fool people. That so we need littel number brane people even there. If no brane people like parakum sir and Ashoka Handagama there Sri Lanka distroy soon.

    ReplyDelete
  12. අපේ සිරි ලංකාව හරි අමුතු රටක්.කාටත් තේරෙන අල්පෙනෙත්තක්, හදන්න දන්න එකෙක්වත් නැහැ.ඒත් කාටවත් නොතේරෙන,තර්ක විතර්ක ,දෙන්න ඕන තරම් අය ඉන්නවා.ඒකනෙ අපේ රට හැමදාම එක තැනම පල්වෙන්නෙ.

    ReplyDelete
  13. පළමු වැන්න:

    පැරා මචං, උඹ වාරණය හැර දා කුමන හෝ ප්‍රතිචාරයක් දැක්වීම සාධනීය එළැඹුමක් ලෙස අප දකිනවා. අතීතයේ එක් සොඳුරු යුගයක කෙටි කලක් අප හා ජීවත් ව සදාකාලික නිද්‍රාව්‍රතයට පිළිපන් ඒ සොඳුරු අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ලේශ මාත්‍රයක පමුජ්ජිත වීමක් එම ප්‍රතිචාරය තුළ විද්‍යාමාන වෙනවා. අපට උඹ සමඟ පුද්ගලමය ගැටලුවක් නැත. අපගේ විසංමුතිය පවතින්නේ වෛෂයික තලයේ බව අප යළිඳු සිහි කරනවා. උඹ බේරේ ගෙදර මුල් පුටුවට නුදුරු දිනෙක පත් ව ගිය ද හිරු මුල් යුගයේ සිටි සංවාදශීලී උඹ පිළිබඳ ප්‍රසන්න මතකය අප තුළ නො මැකී පවතිනු ඇත.

    මේ ලියන්නට සැරසෙන්නේ වෙනත් කරුණකි. මෙය ලියන්නේ හිතවත් ව බව සැලකු ව මනා ය. උඹ සිදත පිළිබඳ ද මානව මානවිකාවන් පිළිබඳ ද ලියූ යම් කරුණක් මෙම ලියුමට පාදක වෙනවා. මෙය උඹේ වැරදි ඇල්ලීමක් ලෙස නො සලකව. උඹ සේවාර්ජිත පාඨශාලා ආචාර්යවරයෙකු ද වෘත්තීය ලේඛකයෙකු ද අකුරු කරනා වියේ දඟකාර දරු දෙදෙනෙකුගේ පියෙකු ද වන නිසා මෙය උඹට වැදගත් විය හැකි ය. අප අතින් ද වැරදි වන බව පවසන්නට අප මැළි වන්නේ නැත. නිෂ්පාදකයන් යැයි ලිවිය යුතු තැන නිෂ්පාදයන් ලෙස ද ජයසිංහයෝ කිව යුතු තැන ජයසිංහයන් යැයි ද අප අතිනුත් වරදවා ලියැ වී ඇති බව පසු ව අපි දුටුවෙමු. ගුරුනට ද අකුරු වරදී නො වැ. වෙසෙස් කර එසේ පවසන්නේ සිසුනට නිතොර අකුරු වරදින නිසා ලු!

    ජයසිංහයෙනි, මාණවමාණවිකා යන්න ඔබ මානව මානවිකා යනුවෙන් සවිඥානික ව ලියන බව පෙනේ. පාලියෙන් සිංහලයට තත්හව වූ මාණව යනු තරුණ, යෞවන, යොවුන් ඈ අරුත් දෙන පදයෙකි. බුදුරජාණන්වහන්සේ උක්කට්ඨා නුවරට වැඩම කළ සමයේ එනුවර වැසි පොක්ඛරසාතී බ්‍රාහ්මණයාගේ අම්බට්ඨ මාණව නම් ශිෂ්‍යා අරබයා දෙසූ සූත්‍රය අම්බට්ඨ සූත්‍රය යි. එමෙන් ම තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතණුවන් වූ සුභ මාණව අරබයා “කම්මස්සකා මාණව සත්තා” (තරුණය, සත්වයෝ කර්මය තමන්ගේ කරගෙන එනම් ස්වකීය කරගෙන ජීවත් වෙති) යැයි බුදුරජාණන්වහන්සේ (අපගේ මතකයේ හැටියට චුළකම්මවිභංග සූත්‍රයේ දී) වදාළ සේක. තව ද ඡත්ත මාණවක, පොසාල මාණවක, භද්‍රාවුධ මාණව ඈ නේක මාණවයන් පාලි ත්‍රිපිටකය දැක ගත හැකි ය. ඒ බොහෝ තැන්වල දී එකී මාණවකයන් ද මාණවයන් ද කර ඇත්තේ බුදුන් ප්‍රශ්න කිරීම ය. ඒ සියලු තැන්හි මාණව යන්න තරුණ හෝ තරුණයා හෝ යන අරුතින් යෙදී ඇත. තරුණ යන අරුතින් මාණව යන්නට අනුරූප ව මාණවක හා මාණවිකා යන පද තරුණයා/යෞවනයා හා තරුණිය/යෞවනිය සඳහා පිළිවෙළින් යෙදේ. අප මාණවමාණවිකා (සසඳන්න - තරුණතරුණියන්) යන්න යෙදුවේ ඒ අරුතින් ය. එය මාණවකමාණවිකා ලෙස අප විසින් යෙදුණේ නම් වඩා උචිත ය; වඩා නිවරද ය. එය තනි වදනකි. මානවක ද මානවිකා ද යන්න “ද” කාරාර්ථ සමාස වී මානවකමානවිකා තනි පදයක් වේ. මෙණෙවිය යන්න ද මෙලෙස ම “ණ” කාරයෙන් ලිවිම මනා ය. “මනහර නා මණෙවියනිඳ ළවැලි පිට” යැයි ශාරිකාවේ සඳහන් බව ඔබ කියවා ඇතැ යි හඟිමු.

    ජයසිංහයෙනි, ඔබ පවසන මානව යන්න මනුෂ්‍ය වර්ගයා අරුත්,ගන්වන්නකි. එය ද මනා උචිත වදනකි. ස්ත්‍රී හා පුරුෂ යන දෙවර්ගය ම මානව ය. එයට විශේෂ “මානවිකාවන්” අවශ්‍ය නැත. මානව සම්පත්, මානව හිමිකම්, මානව නිදහස, මානව සංහතිය ඈ ඔබට සමීප මනුෂ්‍ය අරුත් දෙන වදන් “න” කාර සහිත ව ලිවීම මනා ය.

    “ව්‍යාකරණය ගැන හොඳම වාග් විද්‍යාත්මක සංකල්පයක් සිදත් සඟරාවේ තිබේ.” යනුවෙන් අජිත් පැරකුම් ජයසිංහයෝ සිංහ නාදයක් කරති. දේශපාලනයේ දී කවර විසංවාදයන් තිබුණ ද මා ජයසිංහයන්ගේ මෙම කියමනට නම් එකඟ ය. එමතු නො ව “එහි තිබෙන වහරනු සෙරෙන් සපයා යන්නෙහි අරුත විමසා බලන්න” යැයි ජයසිංහයෝ අපට යෝජනා කරති. අපි එම යෝජනාව ගෞරව පෙරදැරි ව පිළිගනිමු.

    සිදතෙහි වියරණය වසර හත්සිය පනහක් පමණ පැරණි යැයි ළබැඳි උපුල් නිතොර පැවසුව ද අපට නම් තවමත් එය රුචිකර ය. “වහරනුසෙරෙන් සපයා” යන සිදත් සඟරා වැකිය තරම් සන්දර්භයෙන් බාහිර ව හා වියුක්ත ව යොදා අපහරණය කරන ලද තවත් වැකියක් සම්භාව්‍ය සිංහලයේ නැති තරම් ය. අපගේ ආදිආචාර්ය කාල් මාර්ක්ස් A Contribution to the Critique of Hegel's Philosophy of Right නම් ස්වකීය ලේඛනයේ පෙරවදනෙහි ලා පවසන යම් වැකියක් සන්දර්භයෙන් බාහිර ව හා වියුක්ත ව යොදා “ආගම යනු අබිං වැනි” යැයි මාර්ක්ස් පැවසූ බව ඇතමුන් පවසන සේ ම ඉහත සිදත් සඟරා වැකිය ද ඇතමෙක් අපහරණය කරති. මාර්ක්ස්ගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේ ය:

    “Religion is the sigh of the oppressed creature, the heart of a heartless world, and the soul of soulless conditions. It is the opium of the people”

    මගේ පරිවර්තනය:

    “ආගම යනු පීඩිත සත්ත්වයාගේ සුසුම්ලෑම ය, හදවත්විහින ලෝකයක හදවත ය, ආත්මවිහින තත්ත්වයන්හි ආත්මය ය. එය මිනිසුන්ගේ අබිං ය.”

    ReplyDelete
  14. දෙවැන්න:

    මාර්ක්ස් ආගම අබිං යැයි කීමේ අරුත දැන් නො පෙනේ ද? මෙලෙස ම ජයසිංහයන් කතිකාවට ගෙන එන සිදතෙහි “වහරනුසෙරෙන් සපයා” හි සම්පූර්ණ වැකි පෙළ විමසමු.

    “සදරුත් විදි සියල් – අනුරූ සේ පියෝනන්
    ඉති සන් සඳ සමස් ඈ – වහරනුසෙරෙන් සපයා”

    “සදරුත් විදි සියල්” යනු ශබ්දාර්ථ විධි සියල්ල යන්න ය. “අනුරූ සේ පියෝනන්” යනු පණ්ඩිතයන්ගේ යෙදුමට අනුරූප ලෙස යන්න ය. (සේ යනු සංස්කෘතයේ පණ්ඩිත යන අරුත් දෙන සෙව් ප්‍රකෘතියෙන් බිඳෙන වදනකි. පියෝනන් යනු ප්‍රයෝග හෙවත් යෙදවුම් ය.)

    “ඉති සන් සඳ සමස් ඈ” යනු මෙලෙස සංඥා, සන්ධි හා සමාස යනාදිය යන්න ය. “වහරනුසෙරෙන් සපයා” යනු ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කර ගනු යන්න ය.

    මේ අනුව සිදත් සඟරාකරු පවසන්නේ ශබ්දාර්ථ විධි සියල්ල පණ්ඩිතයන්ගේ යෙදුමට අනුරූප ලෙස ව්‍යවහාරය අනුසාරයෙන් සම්පාදනය කර ගනු යනුවෙන් ය. සිදත් සඟරාකරු පවසා ඇත්තේ ශබ්දාර්ථ හෙවත් වියරණ පිළිබඳ පණ්ඩිතයන්ගේ (ඡේකයන්ගේ) ව්‍යවහාරයට අනුකූල ව භාෂාවේ ව්‍යාකරණය සකසා ගනු කියා මිස අවියත් බකපණ්ඩිතයන්ගේ ව්‍යවහාරයට අනුව භාෂාවේ ව්‍යාකරණය සකසා ගනු කියා නො වේ.

    අජිත් පැරකුම් ජයසිංහයෙනි, ශාස්ත්‍රීය සැරියේ ද දිවි සැරියේ ද සන්ධ්‍යා යාමය කරා ශීඝ්‍රයෙන් එළැඹ සිටින අප ජිවිත කාලය පුරා කරමින් සිටින්නේ ද සිදත් සඟරාකරු පැවසූ එම කාර්ය ය. ඒ සත්ව්‍යායාමයේ දී අප ඔබ සමඟ ය.

    ReplyDelete
  15. 2015 නෙලුම් යාය සම්මාන උළලේ හොඳම බ්ලොග් කරු පැරකුම් ජයග්‍රහිව 2016 වසරේ හොදම බ්ලොග් ලිපිය ලියයි මෙයට සම්මාන දෙන්න ලෝටස් යායේ නිර්මානික ලන්ඩන් අජියා දත මැදගෙන සිටි!

    5 වසරෙ ශිෂත්වයට ලියන්න වාඩිවුන ළමයකුගේ අම්ම කෙනෙක් ලියපු රචනාවක් වගෙයි මේ ලිපිය මේවගේම තව ලියන්න පැරකුම් තුමෝ මේකත් කොහොමහරි ලංකා නිවුස් වෙබ් එකේ එල්ලන්න

    ReplyDelete
    Replies
    1. ඉස්සර අජිත් ලන්කාවට එනකොට ඇවිත් තියෙන්නේ තමන්ගේ සල්ලිවලින්. දැන් එන්නේ නොමිලේ.කාටද ආඩම්බර.

      Delete
  16. මෙය පෙරටුගාමී පක්ශයේ දීප්ති කුමාර ගුණරත්න විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී...

    ReplyDelete
  17. මොන දීප්තියෙක් ද? යකො වචන වලින් දැනෙන්නෙ නැද්ද මේක ලියල තියෙන්නෙ මොල කොලොප්පන් විදර්ශනයා. පැරා ඕකාට මඤ්ඤං.

    "පහත දැක්වෙන්නේ තවම ශාස්තෘභාවය අත්පත් කර නො ගත්, ඒකට පෙරේතකම ඇති වෙන්ඩ ශාස්තෘලා ය.

    සිරිතුංග ජයසූරිය
    සුමිත් චාමින්ද
    විදර්ශන කන්නන්ගර
    කේ.කේ. සමන් කුමාර
    ගෙවිඳු කුමාරතුංග"

    ReplyDelete
  18. සිංහල වෙලත් සිංහලෙන් තියෙන දෙයක් කියෙව්වාට එහි තේරුම නොතේරෙන මං ගැන මටම කලකිරුණා ...ඉතින් ඉංග්‍රීසි ගැන කවර කතාද .....මට හිතෙනවා මොකක් හෝ අඩුවක් තියෙනවා කියල අපේ බාෂාවේ ....

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.