2016-05-19

ආපදා කළමනාකරණය හා හෙල්පිං පොළොන්නරුව

දහසක් දේ කතා කරන මේ ඡායාරූපය ඩේලි නිව්ස් පුවත්පතෙනි. මං ඒ පත්තරේ කර්තෘ වුණානම් මේක පිටු කාලක් තරම්වත් ලොකුවට පළ කරමි.  
1994 – 2014 සමයේ ලොව පුරා වාර්තා වූ ආපදා අතරින් 43%ක් ම ගංවතුරයි. එයින් බිලියන් 2.5ක් ජනයා පීඩාවට පත් වූ හ. 1994 – 2014 සමයේදී ලොව පුරා බිලියනයක් ජනයා නියඟයෙන් පීඩාවට පත් වූ හ. එය ස්වාභාවික ආපදාවලින් පීඩාවට පත් වන්නන් සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙකි. පීඩාවට පත් වන සෑම දහසකින් ම 79ක් සුනාමි මරණයි. භූමිකම්පා මරණ 4කි. මේ අනුව සුනාමි, ගොඩබිම ඇති වන භූමිකම්පා මෙන් 20 ගුණයක් භයානක ය. (ලෝකයේ ආපදා තත්වය ගැන විස්තර රැසක් මෙම ලිපියේ ඇත.)

දේශගුණික විපර්යාස හේතුවෙන් අද වන විට, ගංවතුර, කුණාටු වැනි ස්වාභාවික ආපදා සිදු වීම වසර 25කට පෙර තිබුණාට වඩා දෙගුණයකින් වැඩි වී තිබේ.

ශ්‍රී ලංකාවේ අපි ද වාර්ෂිකව දැවැන්ත ස්වාභාවික ආපදාවන්ට මුහුණ දී ඇති බව පසුගිය වසර දහයක පමණ අතීතය විමසා බලන විට පෙනේ. 

2004 සුනාමි ආපදාව යනු ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ගොඩ නො ආ තත්වයකි. එහෙත්, විධිමත් පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතියක් තවමත් අපට නැත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විහිළුවක් බවට පත් වී තිබේ. 

තිලකසිරි ඒකනායක මෙසේ පවසයි. “ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය දෙස බැලු විට අප ඉන්නේ 1950ටත් එපිට බව සිතේ. එහි ඇත්තේ යල්පැනගිය තාලේ අනතුරු අඟවීම්ය. ජලාශවල ජල මට්ටම හෝ නායයෑමේ අවදානම් කලාප පිලිබඳ බලධරයෙක් අත්සන් කරන තුරු එහි පළ කරන්නට බැරිය. හරිනම් මේ මොහොතේ නිදිවර්ජිතව විනාඩියෙන් විනාඩිය ජනතාව දැනුවත් කරන බලධාරීන් හා ආධාර කණ්ඩායම් සම්බන්ධීකරණය කරන ප්‍රධානම් මාධ්‍යය විය යුත්තේ මේ වෙබ් අඩවියයි. ලෝකයේ බොහෝ රටවල ආපදා කළමනාකරණයට තොරතුරු සන්නිවේදන තාක්ෂනය ඉතා කාර්යක්ෂමව යොදා ගනිද්දී අඩු ගානේ හදිසි තත්වය පිලිබඳ සජීවී අප්ඩේට් එකක්වත් එහි නැත."

තත්වය එයයි. 

ස්වාභාවික ආපදාවලින් ආරක්ෂාව සලස්වා ගත හැකි එක් ආකාරයක් වන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් ජාතික මට්ටමෙන් මෙන් ම ප්‍රාදේශීය මට්ටමෙන් ද යළි විවරණය කිරීමයි. අවදානම් සහගත බෑවුම්වල හා ගංවතුරට ගොදුරු වන පහත් බිම්වල ජනයා ජීවත් විය යුතු නැත. මධ්‍ය කඳුකරයේ ඉහළ බිම්වල නැවත වන වගා කළ යුතු ය. ආර්ථික හා සමාජමය වශයෙන් ඵලදායී නො වන, දුෂ්කර ප්‍රදේශවල ඉඩම් හා ජන ජීවිත හැර දමා ජනයා නගර වෙත සංක්‍ර‍මණය වීම ආර්ථික මෙන් ම සමාජමය වශයෙන් ද ඵලදායී වනු ඇත. ඵලදායී නො වන කෘෂිකර්මාන්තයක් නිසා පුරන් වන කොළඹ, කලුතර, ගම්පහ, ගාල්ල වැනි දිස්ත්‍රික්කවල වැඩකට නැති හවුල්, තට්ටුමාරු කුඹුරු ඉඩම් පාරිසරික තුලනය ගැන සිතමින් විධිමත් අන්දමින් ගොඩ කර මිනිසුන්ට පදිංචි වීමට හා කර්මාන්ත පිහිටුවීමට ලබා දිය යුතු ය. ඒ වෙනුවෙන් ආයෝජන ලබා ගැනීම ද දුෂ්කර නො වනු ඇත. 

කොළඹ හා ප්‍ර‍ධාන නගරවල ගංවතුර යයි කියන පිටාරයට ප්‍ර‍ධාන හේතුව අන් කිසිවක් නොව, අවිධිමත් සංවර්ධනයයි. කොළඹ මෙගාපොලිස් සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මේ වැරදි නිවැරදි කිරීම ගැන ගැඹුරින් කල්පනා කළ යුතු ය. 

එසේම, මහජනතාව පරිසරය ගැන සංවේදී වීම ද අත්‍යවශ්‍ය ය. තමන්ගේ පර්චස් දහයේ, විස්සේ ලෝකය සුරක්ෂිත වන්නේ අවට පරිසරය සුරැකුණොත් පමණක් බව අප සිහි තබා ගත යුතු ය. වගකීමකින් තොරව කැළෑ කැපීම, ඉඩම් ගොඩ කිරීම, ගොඩනැගිලි ඉදි කිරීම, කසල බැහැර කිරීම ආදිය ගැන ජනතාව සැලකිලිමත් විය යුතු ය. 

රජය කළ යුතුව තිබෙන්නේ ආපදාවක් පැමිණි විට එයට ප්‍ර‍තිචාර දැක්වීම පමණක් නො වේ. ආපදාවන් කල් තබා වළක්වා ගැනීමට ද උත්සාහ කළ යුතු ය. බොහෝ ගංවතුර හානි හා නාය යාම්වලට හේතුව එවැනි සැලැස්මක් නැතිකමයි. 

රටක මනා හමුදාවක් තිබිය යුත්තේ ඇයි ද යන්න මෙම ආපදා අවස්ථාවේදී හමුදා විසින් කරන ලද මැදිහත්වීමෙන් පෙන්නුම් කෙරිණි. ඔවුන්ට අපේ ප්‍ර‍ණාමය හිමි විය යුතු ය. 

අනුන්ගේ විපතේදී අවංකව දුක් වන මිනිස්සු අප අතර බෙහෙවින් සිටිති. විපතට පත් ජනයාට උපකාර කිරීමට ඉදිරිපත් වන මිනිසුන්ගේ කාර්යභාරය ඇගයීමට ලක් විය යුතු ය. 

එහෙත් අපදාවලින් විපතට පත් වූවන් තවත් අපහසුවට පත් කරන ආපදා සංචාර හා ප්‍ර‍චාරක වැඩ නම් පිටුදැකිය යුතු ය. 

මහ වැසි මැද හෙල්පිං පොළොන්නරුව වැනි ගිනුම් විවෘත වනවා ද යන්න ගැන ද අවධානයෙන් සිටිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

37 comments:

  1. මගේ අදහස නම් වෙබ් පිටුව වැදගත් වෙන්නේ අනතුරට කෙලින්ම ලක් වී නැති අයට සහ අනතුර ගැන දැණ ගැනීමට අවශ්‍ය බවයි.

    අනතුරකදී මුලින්ම විදුලි බලය නැතිවෙන නිසා, එස්එම්එස් සේවා සහ ගුවන් විදුලියට ඊට වඩා හොඳ සේවාවක් සැපයිය හැකියි. ඕස්ට්රේලියාවේ ලැව් ගිනි අවස්ථාවලදී ප්‍රධාන ජන සන්නිවේදන ක්‍රමය ළෙස භාවිතා වෙන්නේ ගුවන් විදුලියයි. ඒ සඳහා ඒ ප්‍රදේශවල සිටින සැම දෙනෙකුටම චෝච් බැටරිවලින් ඬැඩ කරන ගුවන් විදුලි යන්ත්‍ර හෝ ජංගම දුරකතනවල රේඩියෝ ඇප් එක භාවිතා කරන්නට උපදසේ දෙනවා මා අසා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් පොර ටෝක් ඉෂු කරන පුද්ගලයෙක්.

      Delete
  2. අපදා කළමණාකරණය ට මුවා වී මේ වන විට විපතට පත් ජනතාවට සහන සැලසීමේ හා ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා හමුදාව යොදා ගැනීම මගින් සමාජය මිලිටරිකරණය කරමින් තිබේ. සමාජය මිලිටරිකරණය කිරීම ජනවාරි 8 විප්ලවයේ හරයන් ට පටහැනිය. එම නිසා විපතට පත් ජනතාව මුදා ගැනීම සහ එම ජනයාට සහන සැලසීම සඳහා හමුදාව යොදා ගැනීම නවතා ඒ වෙනුවට සිවිල් සමාජය ඒ වෙනුවෙන් යොදා ගත යුතු වේ.

    ReplyDelete
    Replies
    1. විප්ලවේ අඩුම ගානේ විප්ලවිය රජයට හරිහමන් වැඩ පිලිවෙලක් නැ ඇතිවුනු ආපදාව කළමණාකරණය කරන්න.. විප්ලවේ හරය...පුකෙනුත් හිනා...

      Delete
  3. ඔය මිනිස්සු ඔය තැන්වලින් ස්ථිරව ඉවත් කොරන එකනම් ලේසි වැඩක් නෙවෙයි.
    පේනවනෙ කැළණි ගඟ ඉවුරෙ ඉන්න ජන ගහනය, ඔවුන් සෑම අවුරුද්දකම වගේ මහ වැස්සට තාවකාලිකව ඉවත් වෙලා ආයෙමත් එනවා.
    ඒ තමයි අපේ මිනිස්සුන්ගෙ වෙනස.
    ඒ වෙනසට අපි ගරු කරන්න ඕනෙ, හික්.

    ReplyDelete
  4. මම යි රජා සංකල්පයෙන් ද සියල් දත් සංජේ දත් සංකල්පයෙන් ද මිදී පැරා දැන් දැන් පාඨක සුධීමතුන්ගේ ද අදහස් හා යෝජනාවලට ද අවධානය යොමු කරන බව පෙනේ. මෙය සාධනීය ප්‍රවණතාවයකි.

    එක් පාඨක සහෝදරයෙකු අනුර කුමාර් සහෝදරයාගේ දිවයින හුටපටය ගැන ලියමු නේ ද යැයි විමසන විට පසු දා පැරා එකී ප්‍රස්තුත කරුණ අලළා වියුණු සටහනක් එක් කරයි. රටේ ආපදා තත්ත්වය ගැන ලියුවා නම් හොඳ යි නේ ද යැයි තවත් සහෝදරයෙක් විමසන විට පසු දා ම එකී ප්‍රස්තුත කරුණ අලළා ද වියුණු සටහනක් පැරා විසින් එක්කරනු ලැබ ඇත.

    ඔහොම යං පැරා...

    ReplyDelete
    Replies
    1. පැරා මතුගම අගලවත්ත නාය ගිහින් නැති නිසා ලියනවා නැත්නම් පොරටත් බොග ලියන්න ආධාර එවන්න වෙනවා රසික අජිත් වගේ විදෙස් බොග් කරුවන්ට..මිනිස්සුන්ට කෙලවෙලා ඉන්නකොට තත්වය මනොවිශ්ලේෂණාත්මකව බල බල ලියනවට වඩා වටේ පිටේ අවතැන් මිනිස්සුන්ට ආධාර ටිකක් වත් යවමු

      Delete
    2. රසික හා අජිත් මරු ම මරු ඩබල ඕයි.... මුන් දෙන්නම කරන්නේ පොර ටෝක් ඉෂු කරන එක.

      Delete
  5. ගෝටාගේ නාගරික සංවර්ධනය???

    ReplyDelete
    Replies

    1. ගෝඨාභය මහතා කිසියම් වැඩ පිළිවෙලක් දියත් කලා නේද කොලමබ යටවෙන එක වලක්වන්න. මුතුරාජවෙල කොටසක් නැවත පිරෙව්වා නිසා වතුර බැහැල යන්න තැනක් නැහැ කියල කොහේ හරි පුවත් පතක ලියා තිබුණා මතකයි.

      Delete
    2. මචං ඔය වගේ, ගංවතුර වැළක්වීම, බත් මුල් බෙදීම, බෝට්ටු වලින් සෙනග ඇදීම, වගේ වැඩවලට ත් උඹේ නෙළුම් යායෙන් ම සම්මාන ටිකක් දෙන්න බැරි වෙයිද? නෙළුම් යායෙන් ම බැරි නම්, බාඳුරා මල් යායකින් වුනත් කමක් නැති වෙයි. උඹටත් දෙපාරක් ම ලංකාවට ඇනුවල් ලීව් ආහැකි.

      Delete
    3. මට වසරටම නිවාඩු 30 තියෙන්නේ. මම ඒකෙන් ලංකාවට එන්න කැමති නැහැ. ළමයි එක්ක නිවාඩු යන්න තියෙනේ ඒවා නිසා. ඉතින් භාගෙකට පඩි නැතිව එන්නේ. ඒක හුඟක් පාඩුයි. නමුත් කරන්න දෙයක් නැහැ.

      Delete
    4. ළමයි එක්ක නිවාඩු යනවා නම් පලයන් CH වල Flims වලට. පට්ට තැන. Google කරලා බලපන්.

      Delete
    5. CH යනවා නම් මුට නෙළුම් යායෙන් පස්සෙ තමයි යන්න වෙන්නෙ. නෙළුම් යාය වල් දෙකක් වත් කරන්න වෙනවා CH යන්න. ඒකයි මම මූට සජෙස්ට් කළේ බ්ලොග් වලට විතරක් නෙමෙයි තව මොනවා මොනවා හරි වලට සම්මාන දෙන්න Awards Ceremonies ටිකක් පටන් ගනිමු කියලා. අවොර්ඩ්ස් සෙරමනීස් කියන්නේ දැන් පට්ට බිස්නස් එකක්.

      Delete
    6. අජිත් ධර්මා ට CH යාම එච්චර අමාරු නැත.

      මෙන්න මේ ටික,

      /**
      1. මම වරලත් (chartered) ඉංජිනේරුවෙක්.
      2. මම රාජකීය තාරක විද්‍යා සංගමයේ සාමාජිකයෙක්.
      3. උදේට හා හවසට කැමති වෙලාවක ගිහින් පැය අට ඉවර කරලා ගෙදර එන රැකියාවක් කරන්නේ.
      ඊට පස්සේ මගේ හොබී ටික කරන. ටෙලස්කෝප් එක, නෙලුම් යාය , බ්ලොග් කියවීම.
      උඹ ද්‍රව්‍ය දිහා බලල කතා කරන ගඳයෙක් නිසා මේ ටික ලියනවා
      3.මට නය ගෙවල ඉවර කරපු මගේම ගෙයක් ලන්ඩන් වල තියනවා.ඒකෙ තමා ඉන්නේ . bmw සහ හොන්ඩා කාර් දෙකක් තියෙනවා.
      4. මේ අවුරුද්දට දැනට හොලිඩේ 3ක් ගියා .
      ආ අද හවස තව මිනි එකක් යනවා ඩෝර්සෙට් වලට. දෙසැම්බර් ක්‍රිස්මස් එකට ආයේ හොලිඩේ එකක් යනවා.
      */

      එහෙ ගිහින් කී විට, ඇකමඩේෂන් එහෙම සම්පූර්ණයෙන් නොමිලේම ලැබෙනවා ය.

      Delete
    7. හහ් හහ් හා. පොරටෝක් ලොක්කට මොකද බන් මේ වුණේ? එක අතකට පව් කියලත් හිතෙනව මචන්ලා, ඕක තමයි කියන්නෙ රජකම් කලත් කළක්ම් පලදෙනව කියල හරියට බැසිල, මරා, නාමොලාලට වුණා වගේ.

      Delete
    8. මොකක්ද බන් මට වුනේ මම යහතින් ඉන්නවා. උඹල කියන කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ . ඔප්පු කරලා පෙන්නපන් මං ඔහෙලගෙ කාගේ හරි සල්ලි ගත්ත නම්. එච්චරයි. කෝ. මන් දැන් ඇහුවනේ. ඔප්පු කරල එවපන් කියල. කවුද කාටද සල්ලි දුන්නේ කියල. කවුද සම්මාන හදන්න , එහෙ මෙහෙ යන්න ටැක්සි වලට, බස් වලට, කෝල් වලාට් වියදම් කලේ කියල. නිකම් බොරුවට ඇනෝ කොමෙන්ට් දැම්මට වැඩක් තියනවද. මට වැඩ තියනවා උමබලගේ බූරු කොමෙන්ට් වලට උත්තර දෙනවට වැඩිය.

      Delete
    9. CH = Confoederatio Helvetica (Switzerland)

      Delete
    10. flim in Switzerland. No time. I am going to Russia this year and also germany for Christmas. Perhaps next year. Thanks for the suggestion. One of the harassing JDS ano's live in close to Switzerland isn't it? (Or in Switzerland :) )

      Delete
    11. මම සම්මාන දෙන්නේ සම්මාන උළෙල ට sponsorship හොයලා දෙන එවුන්ට විතරයි.

      මීට

      අජිත් ධර්මා

      Delete
    12. It's FLIMS (not Films) in the Canton of Grisons (Graubünden) in Switzerland. No. 1 skiing area; ideal for children.

      Sorry, I have no connection whatsoever with any of the Sri Lankans living in Europe. Having connections with them means nothing but trouble.

      Delete
    13. I think I said Flim. Oh I missed s. We usually go to Zugspitze in Alps. From Austrian side. But for skiing my wife's sister's place is also quite good. She lives Near oberhof Germany.

      Delete
    14. මට බජාජ් ට්‍රයි ශෝ එකක්ද හොන්ඩා චැලියක්ද තිබේ.නය ගෙවා ඉවර කල ගෙයක් තනමල්විල ඇතිලිවැව ප්‍රදේශයේ ඇත.මේ වසරේ කතරගමද අනුරාදපුරේද වන්දනාගමන් දෙකක් ගොස් ඇති අතර අද හවසට බුදුරුවගලට මිනි වන්දනා ගමනක් යනු ලැබේ. මටමේ ඇති බොලව්. මාත් පටන් ගන්න ඕනැ බ්ලොග් සම්මාන උලෙලක්.

      Delete
    15. ඔය පොර ටෝක් ඉෂු කරන අජිත් ධර්මා මොනවද රැකියාවක් වශයෙන් කරන්නේ? උන්දෑ කරන්නේ කුඩා පරිමාණයේ ආයතනයක Apps ලියන එක. ඕකට තමයි මිනිහා තමුන් "ඉන්ජිනේරුවක්" කියලා කියන්නේ. මතුගම ටවුමේ හොයලා බැලුවොත් App එකක් ලියන්න පුළුවන් කොල්ලෝ අඩුම ගානේ 10 ක් වත් හොයා ගන්න පුළුවන් වෙයි.

      Delete
    16. අජිත් ධර්මාට නිවැරදිව ඉංග්‍රීසි වත් සිංහල වත් ලියන්න බෑ. පොඩ්ඩක් බලන්න එයා ඉංග්‍රීසියෙන් ලියලා තියෙන කොමෙන්ටු. ව්‍යාකරණ වැරදි සහ අක්ෂර වින්‍යාස වැරදි එමට යි. එයාට කිසිම භාෂාමය හැකියාවක් නැහැ. එයාගේ Apps පාවිච්චි කරන අයට දෙවියන්ගේ ම පිහිට යි.

      Delete
    17. ගෑනිගේ පැත්තේ දෙමව්පියන්ගේ සහ නෑනාගේ ගෙවල්වල ලැගීම තමයි අජිත් ධර්මා "හොලිඩේ" යනවා කියන්නේ. නැතුව මූ සල්ලි ගෙවලා හොලිඩේ ගත කරන බුවෙක් නෙවෙයි. ලංකාවට එන්නෙත් ව්‍යාපාරිකයන්ගේ ඇට දෙක සූප්පු කරලා ඉල්ලා ගන්න සල්ලිවලින් නෙ....

      Delete
    18. /**
      මට බජාජ් ට්‍රයි ශෝ එකක්ද හොන්ඩා චැලියක්ද තිබේ.නය ගෙවා ඉවර කල ගෙයක් තනමල්විල ඇතිලිවැව ප්‍රදේශයේ ඇත.මේ වසරේ කතරගමද අනුරාදපුරේද වන්දනාගමන් දෙකක් ගොස් ඇති අතර අද හවසට බුදුරුවගලට මිනි වන්දනා ගමනක් යනු ලැබේ. මටමේ ඇති බොලව්. මාත් පටන් ගන්න ඕනැ බ්ලොග් සම්මාන උලෙලක්.
      */

      ඇතිලිවැව ඉඳන් තොට මොන බ්ලොග් ද බොල?
      තෝ පටන් ගනිං බොග සම්මාන උළෙලක්.
      ඒක ට පුළුවන් නමක් දාන්න ගූ යාය කියලා. කොහොමත් ඉතින් කියන්නෙ කියන්නෙ ගූ යාය වල් තමයි.

      උඹට ත් පුළුවනි ලංඩන් වල ඇල්බට් අංකල් වගේ සම්මාන දෙන්න / සම්මාන විකුණන්න, ලොකුම බොග ට, දිගම බොග ට, ගඳම බොග ට, ආදී වශයෙන්.

      හැබැයි බ්ලොග් වලට සම්මාන දුන්නත්, බොග වලට සම්මාන දුන්නත් - ඔය දෙකේ වෙනසක් නෑ - අජිත් ධර්මා ගේ නියම තුන පිළිපැදීම වැදගත්:

      අජිත් ධර්මා ගේ පළමුවෙනි නියමය:
      භාණ්ඩාගාරික = විනිශ්චය මණ්ඩලය.
      සම්මාන ඕනෑ අය, සම්මාන උළෙලට අනුග්‍රහය දැක්විය යුතුය. රහස්‍යභාවය සුරැකේ. - වැඩි විස්තර සඳහා තුන්වන නියමය බලන්න.

      අජිත් ධර්මා ගේ දෙවන නියමය:
      සම්මාන ලබන අය විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ කව්ද වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැති බවට වග බලා ගන්න. තමන්ව සම්මාන වලට තේරුවේ කව්ද, තමන් ට සම්මන දුන්නේ කුමන නිර්ණායක අනුවද, ආදිය අහන්නේ නැතිව දෙන දෙයක් අරං වෙන දෙයක් බලා ගෙන ඉන්න පොරවල් ටිකක් හොයා ගත්තාම සම්මාන උළෙල පැවත්වීම පහසුය. නැතිනම් සමහර එවුන් පණ්ඩිතයො වෙන්න එනවාය. සමහර එවුන් හිතන්නේ සම්මාන උළෙලට කීයක් හරි දුන්නාම, සම්මන උළලේ සියල්ල උන්ට ඕනෙ විදියට විදියට කෙරෙන්න ඕනේ කියා ය. ඒ නිසා සම්මාන උළලේ විනිශ්චය මණ්ඩලයේ හිටියේ කව්ද වගේ ප්‍රශ්නයක් ඇහුවාම අපි දන්නෑ ඕනෙ නම් සංවිධායකගෙන් අහල බලන්න වගේ ගොං උත්තර දෙන එවුන් ටිකක් සම්මාන මිල දී ගැනීම සඳහා සොයා ගැනීම ඇඟට ගුණය. තමන් ව සම්මාන වලට තේරුවේ හිට්ලර් වුනත් උන්ට කමක් නැත. තමන් ව සම්මාන වලට තේරුවේ නට්සිවාදී නිර්ණායක අනුව වුවත් උන් ට කමක් නැත. දෙන ඕනෑම සම්මානයක් උන් බාර ගන්නවා ය. / මිල දී ගන්නවා ය. විශේෂයෙන් ම රස්සාවට බ්ලොග් ලියන එවුන් ටිකක් මේ වැඩේට අල්ලාගත්තාම වැඩේ ලේසිය. මොකද උන්ට ඉන්ක්‍රිමන්ට් එකක්, ප්‍රමෝෂන් එකක්, ගන්න මේ සම්මාන ප්‍රයෝජනවත් ය. ඉතින් උන් තමන් වැඩ කරන තැනිනුත් කීයක් හරි අරං දෙන්න බලනවා ය. ඒ ඇර වෙන මුකුත් හොයන්න එන්නේ නැති ය. නවකතා ලියන්න ඕනේ මෙන්න මේ වගේ තක්කඩි ගැන ය.

      අජිත් ධර්මා ගේ තුන්වන නියමය:
      සම්මාන ගන්න එවුන් තමන් මේ සම්මානය ගත්තේ සල්ලිවලට ය යන්න කීයට වත් - අඩු ගානෙ බීල ඉන්න වෙලාවකවත් - කියන්නේ නැත. මොකද උන් මුළු ලෝකෙටම පෙන්නන්නේ තමන් ට මේ සම්මානය ලැබුනේ තමන් ගේ දක්ෂතාවය නිසා කියා ය. ඉතින් සම්මන උළලේ සංවිධායකත් මුදල් ගනුදෙනු ගැන රහස රකිනවා නම්, සම්මාන උළලේ අත යට ගනු දෙනු කිසිවක් හෙළිදරව් වන්නේ නැත. ඒ නිසා මම සල්ලි ගත්තා කියලා කියනවා නම් පුළුවන් නම් ඔප්පුකරපල්ලා යනුවෙන් බය නැතිව පොර ටෝක් දිය යුතු ය. මොකද සල්ලි ගත් බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් එළියට එන්නේ නැත. සල්ලි දීපු උන් අපි සල්ලි දුන්නා කියා කියන්නේ නැත. සල්ලි ගත්ත එකා කියන්නේත් නැත. ඉතින් බය වන්නට දෙයක් නැත. බය නැතිවම ඊළඟ අවුරුද්දේත් සම්මාන උළලෙට දැන්ම ලෑස්ති විය හැක. සම්මාන උළලෙ ට පසුව නිවාඩු ගත කිරීමට යන රටවල හෝටල් දැන්ම බුක් කළාට කමක් නැත.

      අජිත් ධර්මා ගේ නියම තුන පිළිපදින්න.

      දැන් ඇතිලිවැව වුනාට ටික කලකින් ම ලංඩන් වන ණය ගෙවා අවසන් නිවසක සාඩම්බර හිමිකරුවා වීමට පුළුවන.

      Delete
    19. අජිත් දර්මා අය වැය එලිදක්වන්නේ නැත්තේ ඇයි.වැඩිම මුදලක් වැය කර ඇත්තේ ඔහු බව එලිදරව් වන බැවිනි.ඔහු ඒ මුදල් නාස්තිය කලේ නැත්නම් සම්මාන ලාභියෙකුට රුපියල් දසදහසක් පමන බැගින් දිය හැකිව තිබී ඇත.

      Delete
    20. අනේ මම බ්ලොග් කියවන හාදයෙක්. මටත් දෙන්නකො සම්මානයක්. ප්ලීස්. අපි වගේ අය බ්ලොග් කියෙව්වෙ නැත්නම් ඔහෙලා බ්ලොග් ලියන්නෙත් නෑ සම්මාන ලැබෙන්නෙත් නෑ. අනේ මටාත් සම්මානයක්.....

      Delete
  6. 2004 Tsunami not 1994

    ReplyDelete
    Replies
    1. mama hithuwa mokek hari gobbayek oka niweradi karayi kiyala

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. 1919 අමතන්න..

    ඉන්පසු ඔවුන් ඔබව අනන්තය තෙක් ඔන් හොල්ඩ් තබනු ඇත

    ReplyDelete
  9. Very good and imported analisment this post. So thank lots to parakum sir. It good we can help destoy viktim people full of contry. Like you tell garment must know how priwent distroy things with natchural thins bifore do destroy. No matter president take acsions soon.

    ReplyDelete
    Replies
    1. Machan, your Inglish is enna enna improving. Thank you for continiving commenting and righting your fucking English in this blog in your fucking blog too.

      Delete
  10. පොදු ජනදේවා පිණිස ඇති රජයේ සෑම වෙබ් අඩවියක්ම වගේ පවතින්නෙ තිලක සිරි ඒකනායක පවසන මට්ටමේ බව හොඳ හැටි පෙනීයනවා.සන්නිවේදන තාක්ෂණය කාර්යක්ෂම භාවිතය අතින් පහළ ගිහින් තියෙන්නෙ තවමත් ඇති නොදන්නාකම නිසා ද?

    ReplyDelete
  11. අද වන විට ලංකාව මුහුණ දී ඇති සෑම දේශපාලන අර්බුදයක් මෙන්ම ස්වභාවික විපත් වලටද වග කිවයුත්තේ වෙන කවරකු නොව ඊනියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි යටත්විජිතවාදයයි.

    මේ සම්බන්ධයෙන් නලින්ද සිල්වා ගුරුතුමාණන් දක්වන අදහස් වැදගත් වේ.

    "සුද්දන් අපේ කඳුකරයේ තේ වැව්වෙ මුදල් බලාගෙන පමණයි. ඔවුන්ට ඇත්තේ වෙළෙඳ ආර්ථිකයක්. ඔවුන් තේ පඳුරු බිමට හොඳ ද නැද්ද කියා බැලුවේ නැහැ. අරණායක වෙච්ච නාය යෑමට වැඩිය විපත්තිදායක නාය යෑම් කඳුකරයේ සිදුවෙන්න පුළුවන්. මා කියන්නේ අද හෙට ම තේ පඳුරු ගලවා දැමිය යුතු බව නො වෙයි. ඒත් අපට හා පොළොවට ගැලපෙන දෙයක් අප වැවිය යුතුයි. එකල සිංහලයන් ඉහළ කඳුකරයේ පදිංචි වෙන්න ගියේ නැහැ. ඒ වගේ ම එහි කැලෑ කැපුවේත් නැහැ. දැන් කැලෑ කපාගෙන යන ආකාරයට අනාගතයේ දී වැස්ස ලබාගැනීමට සුළිසුළඟක් එනකම් ම බලා ඉන්න වේද කියලත් හිතෙනවා."

    තවද ඊනියා ඇරිස්ටෝටලියානු චතුස්කෝටිකය මත පදනම් වූ බටහිර ගණිතයේ ද, ඊනියා විද්‍යාත්මක ක්‍ර‍මය මුල්කරගත් බටහිර විද්‍යවන්හිද කඩාවැටීම මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වේ. එනම් නිසි පරිදි අනාවැකි පළකිරීමට බටහිර විද්‍යවට ඇති නොහැකියාවයි.

    මේ සම්බන්ධව නලින් ද සිල්වා ගුරුතුමා පහත අදහස් මතු කරයි.

    "සුළිසුළඟ ගැන කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි කීවා ද කියා මා දන්නේ නැහැ. කීවත් අප එහි බරපතලකම ගැන එච්චර කල්පනා කර නැහැ. අනෙක් අතට සියයට සියයක් හරියන අනාවැකි කීමට බටහිර විද්‍යාවට බැහැ. ඒ බව බටහිර ගණිතයේ ම ඇති ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියැවෙන බව හිතන්න පුළුවන්. ඒ ප්‍රමේයට අනුව ඇතැම් පද්ධතිවල සාධනය කරන්න බැරි ප්‍රකාශ තිබෙනවා. අප යමක් ගැන කියන්නෙ, නැත්නම් අනාවැකි පළකරන්නෙ, නිගමනය කරන්නෙ, දන්න දේ හෝ ස්වසිද්ධි හෝ වෙනත් එවැන්නක් මත, තර්කය හා නිගමන නීති (බටහිර බොහෝ දෙනකුට මේ නීති ගැන අවබෝධයක් නැහැ. ඔවුන් ඒවා නීති ලෙස ගන්නේ නැහැ. අපේ රටේ අය ඒ ගැන හිතලවත් නැහැ) මත පදනම් වෙලා. ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියන්නෙ ඇතැම් පද්ධතියක එහෙම අනාවැකි ගැන කියන්න බැරි දේ තිබෙන්න පුළුවන් කියා යි.
    මා හිතනනේ ජ්‍යොතිෂයට එය අදාළ නො විය හැකි බවයි."

    http://www1.kalaya.org/2016/05/blog-post_20.html

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.