2016-09-13

පණ පිටින් කුණු වෙමින්

කොළඹ කුණු යනු කොළඹ වැසියන්ගේ කුණු පමණක් නො වේ. කොළඹ නගර සීමාවේ ජීවත් වන හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව විවිධ තක්සේරු අනුව පෙනේ. මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ ජනනය කරනු ලැබේ. 

කොළඹ කුණු මීතොටමුල්ලට ගෙනැවිත් දැමීම නැවැත්වීම සඳහා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද වැනි කුප්‍රකට කුණු කඳු ඒ අවට ජනයාට අපායක ජීවිතය නිර්මානය කර දෙයි.

කොළඹ විරෝධය නිසා දැන් ඒ කුණු ඒකලට ගෙන ගොස් දමන්නට තීරණයක් ගෙන තිබේ. කොළඹ කුණු අපට එපා යි කියමින් දැන් ඒකල ජනයා උද්ඝෝෂණය කරති.

මෙම සියලු උද්ඝෝෂණ සාධාරණ ය. එහෙත් ප්‍රශ්නය කිසිවෙකුට තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට අවශ්‍ය නො වීමයි. තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ ගෙන ගොස් දැමිය යුතු ය. එහෙත් ඒ වෙන කොහේවත් තැන්වල ද තවත් මිනිස්සු ජීවත් වෙති. ඔවුන්ට ද ඒවා භාර ගැනීමට අවශ්‍ය නැත.

ලංකාවේ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම ඵලදායී කාර්යය කසල බැහැර කිරීම විය හැකි ය. එහෙත්, ඒකවත් හරියට කර ගන්නට පළාත් පාලන ආයතනවලට හැකියාවක් නැත. පළාත් පාලන සභා විසුරුවා හැර තිබීම කසල කළමනාකරණයේ දුබලකමට හේතුවක් වන්නට පුළුවන. එහෙත්, පළාත් පාලන සභිකයන් සිටියත්, ඔවුන් කුණු අදින්නේ නැත. ඔවුන් නොමැතිව කසල කළමනාකරණය හරියට කරන්නට බැරි නම්, එයට හේතුව පළාත් පාලන ආයතනවල ලේකම්ගේ සිට රජයේ සේවයේ අකාර්යක්ෂමතාවයි.

කසල කළමනාකරණය මෙතරම් ගැටලුවක් වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නො කිරීමයි. එසේම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමක් ද නැත. ඒ වෙනුවෙන් රජය ආයෝජනය කරන්නේ නැත. කසල කළමනාකරණයේ රැකියාවල නියුතු මිනිසුන්ට අවම සෞඛ්‍යාරක්ෂක උපකරණ හෝ නැති බව පෙනේ. ඔවුන් ඒ ගැන තැකීමක් ද නැත. අපිරිසිදු සතුන් ලෙස කසල ලොරිවල එල්ලී යනු දැකිය හැකි ය. අත්‍යවශ්‍ය සේවාවක නියැලි මෙම කම්කරුවන්ගේ ජීවිත ගොඩනැගීම ද කසල කළමනාකරණයේ ම කොටසකි. ඔවුහු මිනිස් කසල නො වෙති. 


කසල යනු මුදල් ය. එහි ඉන්ධන, පොහොර හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තවත් බොහෝ ද්‍රව්‍ය තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයකි. කසල මැනැවින් කළමනාකරණය කර ගන්නා ලෝකයේ දියුණු රටවල් සමග සන්සන්දනාත්මක ව බැලූ විට ලංකාවේ ඒක පුද්ගල කසල ජනනය එතරම් විශාල නැත. 

රජයට ඒ වෙනුවෙන් ආයෝජනය කළ නො හැකි නම්, එය පෞද්ගලික අංශයට පැවරීමෙහි ඇති වරද කුමක් ද?

මෙම ප්‍රශ්නයෙහි තවත් පැතිකඩක් තිබේ. කසල කළමනාකරණය යනු සෑම පුද්ගලයකු ම සම්බන්ධ විය යුතු පොදු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප පෙර පාසල් අධ්‍යාපනයේ සිට ගොඩනැගිය යුතු වේ.

අප දැන් සිටින්නේ කොතැන ද? රේල් පාරක්, මහ පාරක් දෙපස බලන්න. වාහනවල, පයින් යන එන අය විසින් තැන තැන දමා ගිය ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ඉඳුල්, මළ මුත්‍රා ආදිය කෙතරම් ප්‍රමාණයක් දකින්නට ලැබේ ද? මිනිසුන් වන්දනාවේ හා සිරි නැරඹීමට යන සිද්ධස්ථාන, පොදු ස්ථාන ආදියේ තත්වය ද එසේ ය. ලංකාව ලෝකෙන් උතුම් ම රට යයි කියන්නට කැමති වුව ද ලංකාවේ මිනිසුන් ඉතා අපිරිසිදු ය. ඒ අපිරිසිදුකම නිසා ඔවුහු ලංකාව විනාශ කරමින් සිටිති.

ලංකාවේ දේශපාලන ව්‍යාපාර සිය දේශපාලනයට මේවා ද අදාළ කර ගත යුතු ය. සමාජ වෙනස ඇති කිරීම සඳහා මේවා ද අදාළ වේ. වගකිව යුතු පුරවැසියන්ගෙන් තොරව දියුණු සමාජයක් බිහි කළ නො හැකි ය. වගකිව යුතු පුරවැසියන් නිර්මානය කරන්නට විප්ලවවාදී පක්ෂයක් බලයට ගන්නා තෙක් සිටින්නට උවමනා නැත. පුරවැසි වගකීම මෙවැනි ප්‍රශ්නවල සිට ම ගොඩනැගිය යුතු ය. 

ලංකාවේ කසල කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් මෙතැනින් කියවිය හැකි ය. 

ඒ සම්බන්ධ ජාත්‍යන්තර තත්වය ගැන විග්‍රහයක් මෙතැනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

38 comments:

  1. කසල අවම කිරීම සඳහා ද්‍රව්‍ය නැවත පාවිච්චියට ගැනීම ඉතා සාර්ථක ක්‍රමයකි. එදිනෙදා බඩුබාහිර ගෙන ඒමේදී නිවසින් ඒ සඳහා අවශ්‍ය මල්ලක්‌ රැගෙන යැමට අප පුරුද්දක්‌ ඇති කර ගත යුතුය. එවිට නිවසේ එකතු වන අනවශ්‍ය මලු ප්‍රමාණය අඩුවේ. නැවත පාවිච්චි කළ හැකි බෝතල්, නැවත පිරවුම් කළ හැකි භාජන හැකිතාක්‌ පාවිච්චි කිරීමට හුරුවිය යුතුය.

    මේ පිළිබඳව දියුණු සංවර්ධිත රටවල යොදාගෙන ඇති ක්‍රම ශිල්ප පිළිබඳ මුලින්ම සලකා බැලිය යුතුය. කෙසේ නමුත් මෙහෙම කිව්වම ඔසී රටේ බක පණ්ඩිත තට්ට නයිපාලක දෙකපුත් පැමිණ අලි වංශෙන් පොර ටෝක්ස් නහුතෙට ඉශූ කරනු ඇත. අපට අවශ්‍ය එබඳු මනපහත් අධම අමනයින්ගේ ගොන් පාට් නොව පැහැදිලි ප්‍රායෝගික වැඩපිළිවෙලකි. මේ පිළිබඳ අජිත් පැරකුම් සහෝදරයාගේ ප්‍රවේශය ඉතා කාලෝචිතය.

    ReplyDelete
    Replies
    1. අපේ නගර හා නාගරික ප‍්‍රදේශ මීට වඩා බෙහෙවින් සැලසුම්කරණයට ලක් විය යුතු බව පැහැදිලියි. මුල පටන්ම සැලසුම් කර තැනූ නගර අපේ රටේ නැහැ. පවතින නගර දශක ගණනාවක් පුරා ටිකෙන් ටික, අවිධිමත්ව ව්‍යාප්ත වූ ඒවායි. මහාමාර්ග, ජලමාර්ග, ජලාපවාහන පද්ධති, විවෘත අවකාශයන් හා සෙසු පොදු පහසුකම් බොහොමයක් ජනාකීර්ණ බව හා කලබලකාරී බව නිසා අධික පීඩාවට පත්ව තිබෙනවා.

      තව දුරටත් මේ විසමතා පැවතුණොත් කසළ ඉවත් කිරීමේ ප‍්‍රශ්න විතරක්ම නෙවෙයි රථවාහන තදබදය, නිවාස හිඟය ආදියත් තවත් උග‍්‍ර වනු ඇති. මේ නිසා වඩාත් ක‍්‍රමවත් නගර කළමනාකරණයක් අත්‍යවශ්‍යයි. කෙසේ නමුත් ඉහත ඔබ කිවූ ගොන් පුඟුලා නම් විවිධාකාර ෆෝබියා රැසකින් පෙළෙන මනපහත් මුග්ධ අමු කුහක පට්ට ගෝත්‍රික (පේරාදෙණි ගෝත්‍රවාදී) මැටිමෝල් අපතයෙකු බව පැහැදිලි සත්‍යයකි. ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු කෙලින්ම කියනවා ඔහු හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි කියා. බලන්න එම කියමන ඔහුට වලංගුද? කෙලින්ම නැහැ. ඔහු උපන් රටට ණය නොගෙවන මහජන මුදල් වංචා කල අයෙක්. ඔන්න ඕවාට තමයි කියන්නේ තමන්ගේ අඩුපාඩු හංගාගෙන සාන්තුවරු වෙන්න හදනවා කියා. ඔහු මානුෂික නම් ඔහොම හොරකම්/තක්කඩිකම් සහ ඉතාම පහත් අධම වැඩ කරන්න පුලුවන්ද?

      Delete
    2. මේවට වග කියන්න ඕනෑ අර යාය මේ යාය අර වසන්තය මේ වසන්තය කිය කියා බොරු සම්මාන උළෙලවල් තියෙන ගොන් නාම්බෝ තමයි. මේ මී හරක් තමන්ටයි තමන්ගෙ යාලුවො ටිකකටයි සම්මාන බෙදා ගන්න එකතු වෙලා අනුමත වෙන්න මොකක් හරි ප්‍රෝඩාවක් කරනවා. ඊට පස්සේ බ්ලොග්කාරයො තමන් මාර පොරවල් කියලා හිතාගෙන තැන රැක ගන්න මරා ගන්නවා. දැන්වත් මේ විහිලු නතරකරපල්ලා. බ්ලොග් ලියන එකෙක් ලියපුවාවේ. තොපි කරන මේ බූරු වැඩ නිසා වෙන්නෙ මුන් ටික සත්තු වත්තෙ සත්තු වගේ එක එකා මරා ගන්න එකයි.

      Delete
    3. Anonymous September 13, 2016 at 11:54 PM

      මචන් උඹත් පටන් ගනිං බොග සම්මාන උළෙලක්.
      ඒක ට පුළුවන් නමක් දාන්න ජපං ජබර යාය නැත්නම් වර්චස් යාය කියලා. (කොහොමත් ඉතින් බ්ලොග් සම්මාන උළෙළවල් කියන්නෙ කියන්නෙ අසූචි යායවල් තමයි.)

      උඹට ත් පුළුවනි ලංඩන් වල ඇල්බට් අංකල් වගේ සම්මාන දෙන්න / සම්මාන විකුණන්න, ලොකුම බොග ට, දිගම බොග ට, ගඳම බොග ට, චා ම බොගට, කුණුම කුණු බොගට ආදී වශයෙන්.

      හැබැයි බ්ලොග් වලට සම්මාන දුන්නත්, බොග වලට සම්මාන දුන්නත් - ඔය දෙකේ වෙනසක් නෑ - ලංඩං ඇල්බගේ නියම තුන පිළිපැදීම ඉතාම වැදගත්:

      ලංඩොං ඇල්බගේ පළමුවෙනි නියමය:

      භාණ්ඩාගාරික = විනිශ්චය මණ්ඩලය.
      සම්මාන ඕනෑ අය, සම්මාන උළෙලට අනුග්‍රහය දැක්විය යුතුය. රහස්‍යභාවය සුරැකේ. (වැඩි විස්තර සඳහා තුන්වන නියමය බලන්න.)

      ලංඩොං ඇල්බගේ දෙවන නියමය:

      සම්මාන ලබන අය විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ කව්ද වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැති බවට වග බලා ගන්න. තමන්ව සම්මාන වලට තේරුවේ කව්ද, තමන් ට සම්මන දුන්නේ කුමන නිර්ණායක අනුවද, ආදිය අහන්නේ නැතිව දෙන දෙයක් අරං වෙන දෙයක් බලා ගෙන ඉන්න පොරවල් ටිකක් හොයා ගත්තාම සම්මාන උළෙල පැවත්වීම පහසුය. නැතිනම් සමහර එවුන් පණ්ඩිතයො වෙන්න එනවාය. සමහර එවුන් හිතන්නේ සම්මාන උළෙලට කීයක් හරි දුන්නාම, සම්මන උළලේ සියල්ල උන්ට ඕනෙ විදියට විදියට කෙරෙන්න ඕනේ කියා ය. ඒ නිසා සම්මාන උළලේ විනිශ්චය මණ්ඩලයේ හිටියේ කව්ද වගේ ප්‍රශ්නයක් ඇහුවාම අපි දන්නෑ ඕනෙ නම් සංවිධායකගෙන් අහල බලන්න වගේ ගොං උත්තර දෙන එවුන් ටිකක් සම්මාන මිල දී ගැනීම සඳහා සොයා ගැනීම ඇඟට ගුණය. තමන් ව සම්මාන වලට තේරුවේ හිට්ලර් වුනත් උන්ට කමක් නැත. තමන් ව සම්මාන වලට තේරුවේ නට්සිවාදී නිර්ණායක අනුව වුවත් උන් ට කමක් නැත. දෙන ඕනෑම සම්මානයක් උන් බාර ගන්නවා ය. (සොරි ඇත්තම කිව්වොත් මිල දී ගන්නවා ය.) විශේෂයෙන් ම රස්සාවට බ්ලොග් ලියන එවුන් ටිකක් මේ වැඩේට අල්ලාගත්තාම වැඩේ ලේසිය. මොකද උන්ට ඉන්ක්‍රිමන්ට් එකක්, ප්‍රමෝෂන් එකක්, ගන්න මේ සම්මාන ප්‍රයෝජනවත් ය. ඉතින් උන් තමන් වැඩ කරන තැනිනුත් කීයක් හරි අරං දෙන්න බලනවා ය. ඒ ඇර වෙන මුකුත් හොයන්න එන්නේ නැති ය. (ඇත්තටම නවකතා ලියන්න ඕනේ මෙන්න මේ වගේ තක්කඩි ගැන ය.)

      ලංඩොං ඇල්බගේ තුන්වන නියමය:

      සම්මාන ගන්න එවුන් තමන් මේ සම්මානය ගත්තේ සල්ලිවලට ය යන්න කීයට වත් - අඩු ගානෙ බීල ඉන්න වෙලාවකවත් - කියන්නේ නැත. මොකද උන් මුළු ලෝකෙටම පෙන්නන්නේ තමන් ට මේ සම්මානය ලැබුනේ තමන් ගේ දක්ෂතාවය නිසා කියා ය. ඉතින් සම්මන උළලේ සංවිධායකත් මුදල් ගනුදෙනු ගැන රහස රකිනවා නම්, සම්මාන උළලේ අත යට ගනු දෙනු කිසිවක් හෙළිදරව් වන්නේ නැත. ඒ නිසා මම සල්ලි ගත්තා කියලා කියනවා නම් පුළුවන් නම් ඔප්පුකරපල්ලා යනුවෙන් බය නැතිව පොර ටෝක් දිය යුතු ය. මොකද සල්ලි ගත් බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් එළියට එන්නේ නැත. සල්ලි දීපු උන් අපි සල්ලි දුන්නා කියා කියන්නේ නැත. සල්ලි ගත්ත එකා කියන්නේත් නැත. ඉතින් බය වන්නට දෙයක් නැත. බය නැතිවම ඊළඟ අවුරුද්දේත් සම්මාන උළලෙට දැන්ම ලෑස්ති විය හැක. සම්මාන උළලෙ ට පසුව නිවාඩු ගත කිරීමට යන රටවල හෝටල් දැන්ම බුක් කළාට කමක් නැත.

      ලංඩන් ඇල්බටාගේ නියම තුන අනිවා පිළිපදින්න.

      Delete
    4. ඔය කොමෙන්ට් දෙකේම නම කියල නැති උනාට ඉලක්ක කරලා තියෙන්නේ මේ ලඟකදී ඇවිලුන බ්ලොග් වලිය නේ.
      මාතලන්, රසිකලොජි , රාජ්, සිරාගේ කාමරේ, ඉකොනොමැට්ට ආදී..
      අනේ දන්නා එකෙක් ඕකුන්ගේ ඇඩ්රස් ටික එවපන්කෝ. ඇට්ලස් හෝල් පහේ ශිෂ්ශත්ව ජයමග පොත් ටිකක් යවන්න.
      හතරේ පන්තියේ එවුන් වගේ, "අරූ අරක කළා , මු මට මෙහෙම කළා " කියා කියා බැන ගන්නවා.
      කූඩල්ල මෙට්ටේ නෙවෙයි ඔස්ට්‍රලියාවෙවවෙත් තියන්න බෑලු නේ.

      Delete
    5. ඔය රෙද්ද අතෑරලා දාපල්ලා බං. දැන් ඕක මහ වාතයක් වෙලා ඉවරයි.

      Delete
    6. True. We are sick of this now. For the sake of readers who are not interested in ugly conflicts between some bloggers, please stop this.

      Delete
    7. True. We are sick of this now. For the sake of readers who are not interested in ugly conflicts between some bloggers, please stop this.

      Delete
    8. මේ මනපහතයා යන වචනය මා 2014 දෙසැම්බරයේ දී නිමවා යොදා ගත්තේ ජගත් පතිරණ නම් ජාතිවාදියා හැඳින්වීම සඳහා ය.

      http://rasikalogy.blogspot.com/2014/12/story-of-evil-mind.html

      විස්තරය එහි ඇත.

      Delete
  2. අනේ ඕවට මොනවට කරදර වෙනවද? නිකම් ඉඳලා 'ජාත්‍යාලය' නග්ගලා ගත්තහම හැමෝම වයින් වෙලා චන්ද ටික දාලා දෙනවනේ!

    ReplyDelete
    Replies
    1. මචන් දැන් ජාති ආල තැටිය පරණයි. දැන් යන්නෙ සංහිඳියා කෑලි නැත්නම් මෙගාපොලිස් සංවර්ධන කෑලි තමයි වැඩිපුරම.

      Delete
  3. කොච්චර වැදගත් මාතෘකාවක් ද මේ ඇනෝල වෙන පැත්තකට ගෙනියන්න හදන්නෙ. කලකින් පැරාගෙන් අගනා ලිපියක්. මා හිතන හැටියට මේ රටේ දේශපාලකයන් කැමති නැහැ මිනිසුන් බුද්ධිමතුන් වෙනවට. ඒකයි නීති මගින් හෝ මිනිසුන් පිළිවෙලකට කසල ටිකවත් බැහැර කරවන මට්ටමට හුරැ කරවන්න නොහදන්නෙ. දැන්වත් පාසලේ සිට වත් පටන් ගත යුතුයි. එතකොට ඊළග පරම්පරාව වත් පිළිවෙලකට හැදෙයි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු බුද්ධිමත් දේශපාලුවන්ට යනඑන මං නෑ කියලා උඹට තේරෙන්නේ නැද්ද?

      Delete
    2. මිනිස්සු බුද්ධිමත් වුනොත් දේශපාලුවන්ට යනඑන මං නෑ කියලා උඹට තේරෙන්නේ නැද්ද?

      Delete
  4. // කසල යනු මුදල් ය. //

    කසල මුදල් වලින් පඩි ලැබීමට කැමති පින්වතුන් අත ඔසොවන්න...

    ReplyDelete
    Replies
    1. ජපන් කසල ගේන උ දැන් ඉන්න තැන බලපුවාම ගස්ලබ්බා කැමතියි වැඩේට.

      Delete
  5. අද මා බ්ලොගයක දුටු වැකියක්.

    පණ ගියාට පසු කුණු වුනත්, පණ යන්නට පෙර කුණු වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. අද මා බ්ලොගයක දුටු වැකියක්;

      //කූඩල්ල මෙට්ටේ නෙවෙයි ඔස්ට්‍රලියාවෙවවෙත් තියන්න බෑලු නේ.//

      Delete
    2. පණ යන්නට පෙර කුණු නොවෙන්න පෙරුම් පුරන මම නම් ඉතින් එදා ඉඳලම මගේ ගඳ ගහන කුණුගති ඔක්කොම සුදු පිරුවට වලින් වහගෙන හැමෝමම එක්ක බොහොම සුහදව විහිලුවෙන් තහළුවෙන්, උදව් පදව් කරගෙන, අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න නිසා හැමෝම වගේ මට කැමතියි (සභාවේ සිනා). වැඩ කරන තැන වුනත් කොහෙදි වුනත් තැන හැමෝ එක්කම පුළුවන් තරම් සුහදව තමා ඉන්නෙ (සභාවේ ඉතා තදින් සිනා).

      නයි ඇර ඇර පඩ ඇර ඇර කොච්චර පොර ටෝක් දුන්නත් ඉතින් ඔක්කොම පොර ටෝක් වලට කෙළවෙලා කුඩු කේඩු වෙලා නන්නත්තාර වෙලා පොරත්වයේ හුලං ගිහින් මම නම් දැන් අම්බානක කිච වෙලා කුජීත වෙලා ඉන්නෙ. ඇයි අවුල්ද?

      Delete
    3. කුණුවීම කෙසේ වෙතත් අපට කීමට ඇත්තේ නම් දක්ෂතාවය යනු එකක් නම් තවෙකෙක්ට ඊර්ෂ්‍යා කිරීම එහි විරුද්ධාර්ථයයි. එමෙන්ම වැදගතෙක් තවෙකෙක්ගේ සාර්ථකත්වය නොරිස්සීම නොකරති.

      අසමසම වීම යනු එකකි; තවකෙක් ගේ වෙනස් අදහස් දරා ගැනීමට නොහැකි බව තවෙකකි. අසාහය වීම යනු එකකි. සාධාරණ තාර්කික විවේචන ඉදිරියේ මාන්නයෙන් ඔලුව ඉදිමුවා ගත් උද්දච්ඡ බක පණ්ඩිතයකු සේ හැසිරීම තවත් එකකි.

      ඕනම අයකුගේ දක්ෂතාවය ඇගයීමට අප පසුබට නොවන්නේ අප තුළ කුහකත්වයක් නොමැති නිසාද දක්ෂයා දක්ෂයා ලෙස හඳුනා ගෙන ඒ සත්‍යට මුහුණ දීමට අපට හැකියාව ඇති නිසාද විය හැකිය. අප මහා දක්ෂයෝ නොවිය හැක, අද්වීතීයයෝ නොවිය හැක, අසමසමයෝ නොවිය හැක, අසාහයයෝ නොවිය හැක. අප එසේ යැයි අප විසින් අපව හඳුන්වා ගන්නේද නැත.

      එහෙත් අන් අයගේ විවේචන දරා ගැනීමට නොහැකි, අන් අයගේ හැකියාවට ඊර්ෂ්‍යා කරන, අන් අයගේ කකුළෙන් අදින යම් උගත්කමක් සහ හැකියාවකින් යුක්ත වූවෙක් සිටියි නම් ඇත්තටම එය මහත් අවාසනාවකි. ඔහුගේ හැකියාවට වඩා ඒ නොහැකියාව ගැඹුරුය. එම අඩුව ඔහුගේ දක්ෂතාවය ලැබීමේ වාසනාවට වඩා අවාසනාවක්ය.

      බ්ලොග් කලාව ආලෝකමත් කල බ්ලොග් සංස්කෘතියේ පුරෝගාමියෙක් සිටියේය. අප ඒ කාලයේ පටන් ඔහුගේ ලිවිලි රස වින්දෙමු. ඔහුගෙන් ඉගෙන ගත්තෙමු. ඔහු තුළින් ලිවීමට ප්‍රබෝධයක් ලදිමු. ඒ කාලය තුළද ඔහු තුළ දක්නට තිබූ ඔහුගේ හැකියාවට වඩා බෙහෙවින් ලොකු ඉගෝව නොසලකා හැරියෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු ප්‍රකට කල දක්ෂතාවයට අප ඇලුම් කල නිසාවෙනි.

      නමුත් දැන් නයි අරිමින් බ්ලොග් ලියන ඔහු තම සැබෑ ප්‍රොෆයිලයෙන් මෙන්ම ඇනෝ ලෙසත් සැරිසරමින් එකල ඔහු කලාක් මෙන් වර්තමානයේ සයිබරයේ ක්‍රියාකාරීවන ක්‍රියාකාරීන්ව හෑල්ලුවට ලක් කිරීම දිගින් දිගටම කරන ආකාරයක් දක්නට ලැබුනි. කාලයක් තියුණු ලෙස අදහස් ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් බ්ලොග් ලියූ ඔහු හිටිහැටියේම යම් හේතුවක් නිසා සිය බ්ලොග් අඩවිය නවතා අලුත් මාගලක් දැමූ බව දන්නෝ දනිති. එය ඔහුගේ නිදහසය. ඒ සියල්ල අපට ප්‍රශ්නයක් නැත. නමුත්, දැන් ඔහු අන් අයගේ අදහස් ප්‍රකාශනය මහත් ප්‍රශ්නයක් කරගෙන ඇත. ගැටළුව ඇත්තේ එතනය.

      ඒවගේම අපගේ ලිවීම ඔහුට ප්‍රශ්නයක් කර නොගත යුතු බවද අකමැත්තෙන් වුවද සඳහන් කල යුතුය. සංවාදය, සාකච්ඡාව, අදහස් හුවමාරුව සහ හිංසාව අතර තේරීමක් ඇති යුගයක පළමු විකල්පයට යාම දෙවැන්න වැළකීමට සුදුසුම ක්‍රමය වන බැවිනි.

      ඒ සාකච්ඡා සිදුවන්නේ ඒසී කාමරයක ටයි කෝට් දමාගෙනද, තේ කඩයක ප්ලේන්ටියක් රස විඳින ගමන්ද, ඒ අදහස් ලියවෙන්නේ සිගරට් කොළයකද, නිකන් පොත් පිංචකද, සයිබරය තුළද, සිළුමිණ පත්තරේටද කියන එක එතරම් වැදගත් නොවන්නේ එබැවිනි.

      ප/ලි - අදාල පුද්ගලයා කවුරුන්ද යන්න දන්නෝ දනිති.

      Delete
    4. යම් සමාජ තත්වයක් හෝ සමාජ පිලිගැනීමක් ලබාගැනීමට නොහැකිවූවෝ හෝ ලබාගෙන එය පවත්වාගෙන යාමට නොහැකි වූවෝ නැවතත් එම තත්වය පිලිගැනීම ලබා ගැනීමට මාන බලති.....!

      එය සිදු නොවනතැන එය ලැබෙන වුන්ට ඊර්ශියා කරමින් ඔවුන්ට විවිද කෙනහිලි බාල්දි පෙරළිලි කරති... ලංකාවේ පමනක් නොව ලොව පුරා සත්‍ය තාවය එයයි..!

      Delete
    5. //යම් සමාජ තත්වයක් හෝ සමාජ පිලිගැනීමක් ලබාගැනීමට නොහැකිවූවෝ හෝ ලබාගෙන එය පවත්වාගෙන යාමට නොහැකි වූවෝ නැවතත් එම තත්වය පිලිගැනීම ලබා ගැනීමට මාන බලති.....!

      එය සිදු නොවනතැන එය ලැබෙන වුන්ට ඊර්ශියා කරමින් ඔවුන්ට විවිද කෙනහිලි බාල්දි පෙරළිලි කරති... ලංකාවේ පමනක් නොව ලොව පුරා සත්‍ය තාවය එයයි..!//

      නම කියලම දැම්ම නම් ඉවරයිනේ. මේක ලිව්වේ රසික හරිශ්චන්ද්‍ර සුරියාරච්චි වෙතටයි කියල.
      ඔස්ට්‍රලියාවේ සමාජ පිළිගැනිම නැත්තම් ලංකාවට පලයන්කෝ, පව් නොදී. අති උත්තම පේරාදෙණියට වෙලා කොල්ලෝ කෙල්ලෝ ටික අන්නවගෙන ඉන්න වත් පුලුවනිනේ එතකොට, බලේන්හෝ පිළිගැනීමක් ලබාගන්නවත්.
      අඩුම ගානේ මොරටුවටවත්, ඒත් මූව ඒකටවත් ගනීද දන්නේ නෑ.
      ඔය හැමදේටම වඩා හොඳයි, ඉක්මනින් psychiatrist කෙනෙක්ට පෙන්නවා ගත්තොත්. ලංකාවට අවොත් මම එක කරල දෙන්නම්. කීයක් ගියත් කමක් නෑ , අඩුම ගානේ අපිට සැනසිල්ලේ බ්ලොග් එකක් කියවගන්න ලැබෙනවානම්.
      මූ මැන්ටලයක් උනාට මෙච්චර මැන්ටලයක් කියල මං හිතුවේ නෑ.
      මර්වින් සිල්වා කියන විදියට මේකා නම් ' අමු මූසලයෙක්'

      Delete
    6. Maathalan full ano gamak patan Aran wage.. Dan methana yanne guarilla yuddhayak.. Kohoma wunath durwalaya kawuda kiyala pahadili wela iwarayi

      Delete
    7. නිර්නාමිකයින් සෑහෙන්න බයිට් නාස්තිකරඝෙන ඇති බව පෙනේ.

      පව්!

      මා උඩින් උපුටා ගත් කියමන මා දුටුවේ ඊයේ වෙනත් කරුණක් සඳහා කළ සෙවුමකින් ලැබුණු පහත බ්ලොග් ලිපියෙන් ය.
      http://seuslsla.blogspot.com/2011/05/seuslslablogspotcom_30.html

      .

      Delete
    8. ප්‍රියන්ත හේවගේ ඇනෝ සෙනඟ වටකර ගෙන යම යුද්දේ
      රසික හූරියආරච්චි අද තනියම වෙල මැද්දේ

      යහපාලනෙට ගූ කත් ඇද්ද එවුන්ට පවු පලදීල

      Delete
  6. Me inne me inne, methanama :-D

    ReplyDelete
    Replies
    1. මොකද බන් මේ කඩ්ඩෙන් කොටන්නෙ? සිංහලෙන් කෙටුවොත් බඩු අතේ මාට්ටු වෙන නිසාද?

      Delete
  7. Kunuharupa kimen melowadeema kunuwe!

    ReplyDelete
    Replies
    1. කුණුහරුප නොකියා බොරු සුචරිතවාදී සුදු පිරුවට ඔතාගෙන කරන්න තියෙන ඔක්කොම පාහර කාඩ අධම තක්කඩි වැඩ සේරම කරන අවලම් මනපහතයන්ට ලොව්තුරා බුදු බව ලැබෙනව ඇති නේද මෙලොවදීම?

      Delete
  8. පොරාවට සීතලන් මන්නයා කොහෙද?

    ReplyDelete
  9. Sarasa thuma wisin apa maha hitapu blogkaru maathalan mathi thuma wal urek bawata heen nulenma path kara athi bawa kanagatuwen prokasha korami. Langa inna unuth yatin game eka dena bawa Meyin prakasha karamu

    ReplyDelete
    Replies
    1. පැරා,
      මේ "මාතලන් - රසික ගැටුම" දැන්නම් මහා හිසරදයක් වෙලා.එයාල ගැන comment නිසා ලිපියක් සහ ඊට අදාළ comment නිදහසේ කියවගන්න බැහැ. මම නම් පැරාගෙන් ඉල්ලන්නෙ "ඇරියස්කාරයන්ගේ බ්ලොග් අඩවිය" වගේ නමකින් බ්ලොග් එකක් හදල ඇරියස්කාරයන්ට මෙතන නැතුව එතන ඇරියස් කවර් කරන්න දෙන්න කියල.

      Delete
  10. Pera I know a country which imports garbage

    ReplyDelete
  11. තව දෙයක් තියනවා පැරා යම් විදෙස් ආධාර යටතේ ඉදිකරපු කසල ප්‍රතිචක්‍රීකරණ ආයතන තියනවා.නමුත් ඒ ආයතන පිහිටලා තියන කොට්ඨාශයේ කුණු ඒ යන්ත්‍ර වලට මදි.හැබැයි කොළඹින් කුණු තමුන්ගෙ කොට්ඨාශයට එනවට අදාල ප්‍රදේශයේ දේශපාලකයො කැමති නෑ.ඒ නිසා වටිනා යන්ත්‍ර සූත්‍ර දිරා යනවා.
    කසල ප්‍රශ්නෙ විසඳන එක අමාරු දෙයක් නෙමෙයි.හැබැයි ගෝඨා පන්නයේ මැදිහත්වීමක් නැතිව බෑ.දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් වෙයි.නමුත් රටට සෙතක් වෙලා.
    පැරාගෙන් ලැබුනු හොඳ ලිපියක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //හැබැයි ගෝඨා පන්නයේ මැදිහත්වීමක් නැතිව බෑ//
      ඇයි අලයක් නොවේ මොලයක් කියන ආර්ථික ඔස්තාඩ් මිනීමරු පොන්සියට ඒ වගේ දෙයක් වත් බැරිද. කුණු ලොරියක් එහෙට මෙහෙට කරන්නත් රාජපක්ෂයෙක් ඕනෙද ?

      Delete
    2. "දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් වෙයි.නමුත් රටට සෙතක් වෙලා."
      පරස්පරයි නේද? රටට යහපතක් වන දෙයක් දේශපාලන වශයෙන් සියදිවි නසාගැනීමක් වෙන්නෙ කොහොමද?

      Delete
    3. සමස්ථයක් විදිහට රටට යහපතක් උනත් ගන්න වෙන ඇතැම් තීරණ දරදඬු විය හැකියි.සමහර විට පවතින නීති රාමුවෙන් පොඩ්ඩක් එහා මෙහා උන බලපෑම් පවා විය හැකියි.ඉඩම් අත්පත්කරගැනීම් කරන්න වේවි.මේවා ජනප්‍රිය දහරාවෙදි කාලයක් යනකොට පාරාවලල්ලක් බවට පත් වෙනවා.විරුද්ධ පක්ශ සහ තමුන්ගේම පක්ශයේ උදවිය මේ 'දක්ශයා' වට්ටන්න ඔහුගේම කටයුතු ආයුධ බවට පත්කරගැනීම් කරන්න පුළුවන්.මානව හිමිකම් නඩු දාන්න පුළුවන්.
      මේ නිසා කවුරුත් අත දාන්නෙ නෑ.හැබැයි කලොත් රටට හොඳයි.වැඩේ කරගත්තායින් පස්සෙ කරපු එකාට මේ පවතින ක්‍රමය ඇතුලෙ ගැලවිල්ලක් නෑ.(පූජාසනයේ හිඳුවා පුදන ලොකයම එරෙහි වන බව සත්තක් මැයි. ;))

      Delete


  12. සමාජයේ හැම ක්‍ෂේත්‍රයකම වගේ මුල් බැහැගෙන තිබෙන නොසැලකිල්ල, නගර ගම් හෝ ජනාකීර්ණ ප්‍රදේශ සැලැසුම් කිරීම සහ පරිපාලන පිළිබඳ කාරණා වලදීත් දකින්නට තියෙන කැපීපෙනෙන ලක්‍ෂණයක්. දේශපාලකයො වගේම රාජ්‍ය පරිපාලනක්‍ෂ්ත්‍රයේ ඉහල නිලධරීන් දියුණූ රටවල සංචාරය කරන කොට ඒ රටවල තියෙන පිරිසිදු කම ගැන අධ්‍යයනයක් කරන්ට ඒවායින් අපට ආදේශ කරගත හැකි හොඳ දේ අපේ රටට හඳුන්වා දෙන්ට මැලියි. ඉතින් ඒ වගේම පරිපාලන ක්‍ෂේත්‍රයේ දුර්වලතා වලට පිළියම් යෙදීම කෙරෙහි කෙටි කාලීන සහ දීර්ග කාලීන වශයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුබවනම් පැහැදිළියි. සංචාරක ව්‍යාපාරයෙන් ජාතික ආදායම තර කරන්නට අදහස් කරනවනම්. විදේශිකයින් ගේ ආකර්ශනය ඇද ගන්නා ආකාරයට පරිසරය සැකසීම කාලෝචිතයි. අපිරිසිදු කම පිටුදැකීමත් විශේෂයි. තමන් ගේ කුණු අනුන් ගේ ඉඩමට දාලා ඇඟ බේරා ගන්න එක අපේ ජාතික සිරිතක් වෙලා. ඒනිසා පරිසර සංරක්‍ෂණය පිළිබඳ හැඟීමත් පුරුදුත් හුරු කළයුතුව තිබෙන්නේ මොන්ටිසෝරියේ ඉඳලමයි.
    මේ ලිපිය කියවන කොට මගෙ මතකයට ආවෙ මහනුවර - කටුගස්තොට පාරේ නිත්තවෙල බිම්ගෙය ඉදිරිපිට දශක ගණනාවක් තිස්සේ ගොඩ ගැහුන නගරසභා කුණුවල. අද තිබුණ තැනවත් හොයාගන්ට බැරි තරම් අපූරු වාණිජ සංකීර්ණයක් එතැන බිහිවෙලා. ඒත් හොද වැඩක්! ඒක කළේ කව්ද කොහොමද කින්ද මන්ද කියන එකවත්, වර්තමානයේ මහනුවර නගර සභා කුණු ඉවත් කරන විදිය ගැන වත් මම දන්නෙ නෑ. පැරැකුම් ආරම්භ කරපු කාලෝචිත සංවාදය අගය කරනවා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.