2017-03-30

ඇයි සර්, අපි ගැන කිසිකෙනෙක් හොයලා බලන්නේ නැත්තේ?

මෙම ලිපිය සඳහා පාදක වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලකින් අප වෙත යොමු කරන ලද දීර්ඝ ලිපියකි. එහි ඇති කරුණු අඩු වැඩි වශයෙන් සියලු ක්‍රීඩා පාසල්වලට ද, සියලු පාසල් නේවාසිකාගාරවලට ද, සියලු පාසල්වලට ද, සියලු ගුරුවර ගුරුවරියන්ට ද අදාළ ය. මෙම ලිපිය කියවන්නැයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ සුවිශේෂ හේතුවක් නිසා ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිසු දරු දැරියන්ගේ දෘෂ්ටි කෝණයෙන් සිදු වන විග්‍රහ ඉතා විරල ය. මෙහි ඇති අදහස් අව්‍යාජ සිසු අදහසක් ලෙස සැලකිය හැකි ය. 

මෙම ලිපියේ පූර්විකාව මෙතැනින් කියවන්න

මුල් කොටස මෙතැනින් 

මට දිනය මතක නැහැ. නේවාසිකාගාරයට ලයිට් තිබුණේ නැහැ. ඒක නිසා උදේ නැගිටින්න වෙලා ගියා. අපි ඉක්මනට ලැහැස්තිවෙලා පිට්ටනියට යන්න යනකොට පිරිමි ළමයිනුත් ඇවිදින්. අපි කෙල්ලෝ පඩිපෙළෙන් බහින බහින කෙනාට ඉවෝන් මැඩම් තඩි පොල්ලකින් පිටට ගැහුවා සර්. ඒ විදියට අපේ ගමේ හරකුන්ට ගහන්නෙත් නැහැ. අපි හැමෝම පුහුණුවීම් කලේ හොඳටම අඬලා. එහෙම අඬනකොට යමුනා මැඩම් අමු තිත්ත කතාවෙන් අපිට බනිනවා සර්. අයෙත් දවසක් පුහුණුවීම් ඉවරවෙලා අපට කීවා රැස්වීමක් තියෙනවා කියලා කෑම කාමරයට එන්න කියලා. නිවාඩුව ලංවෙලා නිසා අපි ටිකක් නියපොතු එහෙම වවනවා. අපිත් ටිකක් මෝස්තර කරන්න ආසයිනේ සර්. එකපාරටම මැඩම්ලා ඒවා බැලූවා. අපි ඉතින් ගෙදර යන්නනේ ඉන්නේ කියලා ඒ ගැන එතරම් හිතුවේ නැහැ. එදා දුන්නා සර් ජීවිතේටම ඇති වෙන්න. බත් කන්න බැරි තරමට අත් ඉදිමිලා තිබුණා. ඇඳුමක් ඇඳගන්න බැරි තරමට ඇඟේ වෛර පලු දාලා තිබුණා.

සර්, අපි මේ කියන ඒවා කිසිකෙනෙක් පිළිගන්නේ නැහැ. අම්මලා පිළිගන්නෙත් නැහැ. නේවාසිකාගාරයේ ඉන්න බැහැ කියලා, නිවාඩුවට ගෙදර ගිය වෙලාවක කිව්වොත්, අම්මලා හිතන්නේ ගෙදර ඉන්න ආසාවට කියලා. නේවාසිකාගාරයේ ඉන්න අමාරුයි කිව්වට පිළිගන්නේ නැහැ. මැඩම්ලා, අපේ අම්මලාට නේවාසිකාගාරය කියන්නේ සුරලෝකයක් කියලයි ඒත්තු ගන්නලා තියෙන්නේ. අපේ අම්මලාගේ සිතේ අපි නේවාසිකාගරය අතහැරලා එන්න යන්නේ අපේ කරුමෙට කියලා. නමුත් අම්මලා දන්නේ නැහැ දැන් අපි නේවාසිකාගාරයේ ගෙවන්නේ කලින් කරපු පව් කියලා.

සර්, නේවාසිකාගාරයේ ඉන්න ගොඩක් ළමයින්ගේ අම්මලා ගොවිතැන් කරන එහෙම නැතිනම් කුලී වැඩ කරන අය. අපේ අම්මලා තාත්තලා ගොඩක් දුප්පත් අය. ඒක නිසා අපිට නේවාසිකාගාරය දාලා ගෙදර ගිහින් කරන්න දේකුත් නැහැ. අපි මේ ඉස්කෝලෙට එනකොට ගමේ හැමෝම අපි ගැන බලාපොරොත්තු තියාගෙන අපෙට සුභබපැතුවේ. ඒක නිසා ආපහු හිස් අතින් ගෙදර යන්නත් බැහැ. අපි කී පැත්තකින් හිරවෙලා ද සර්. කාටවත් මෙහෙම ශිෂ්‍යත්වයක් නම් ලැබෙන්න එපා කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා. ඒ තරමට දුක් විඳින ශිෂ්‍යත්වයක් සර්, මේක. ඇයි සර්, අපි ගැන කිසිකෙනෙක් හොයලා බලන්නේ නැත්තේ?

සර්, අපිට ලෙඩක් හැදුනම සත පහකට ගනන් ගන්නේ නැහැ. බෙහෙත් අරන් දෙන්නේ පිටින් කවුරු හරි කිව්වොත් විතරයි. ඒ ඇරෙන්න අපි කොහොම හරි පැනඩෝල් පෙති ලඟ තියාගෙන ලෙඩ හොඳ කර ගන්නවා. අපේ නංගි කෙනෙක් ඉන්නවා ව්‍යායාම කරන්න ගිහින් කොන්ද අමාරුවෙලා. එයා තාමත් අමාරුවෙන් ඉන්නේ මැඩම්ලා ඒවා ගනන්ගන්නේ නැහැ සර්. ගොඩක් වෙලාවට අපේ අතින් වියදම් කරලා බෙහෙත් කරගන්න ඕනේ. ඉස්කෝලේ වෙලාවේ අසනීපයක් වුණ වෙලාවට ඉස්කෝලේ මැඩම්ලා, නේවාසිකාගාරය භාර යමුනා මැඩම්ට කතා කරනවානේ කියන්න. අපි එපා කියනවා ඉස්කෝලේ මැඩම්ලට. ඒත් කතාකරාම නේවාසිකාගාරයේ මැඩම්ලා, ඉස්කෝලේ මැඩම්ලාට පේන්න බොරුවට අපිට ආදරෙන් කතා කරනවා දැක්කම, අපි ගැන උනන්දු වෙනවා දැක්කම ලෙඩ අමාරුවෙන් ම හිනා යනවා සර්. අපිට සමහර දවස්වලට අමතර පන්ති තියෙනවා. අපේ මැඩම්ලා සර්ලා සමහර දා ට කියනවා ඉස්කෝලේ මැඩම්ලගේ සර්ලගේ නම් කියලා, ඒ අයට අපට සවස උගන්නන්න එන්න කීවත් ආවේ නැහැ කියලා, ඒ සර්ලායි අපියි අතර තරහක් ඇති කරන්න එහෙම කියන්නේ කියලා දැන් අපි දන්නවා. සර්, අපි හරි ආසයි ගෙදරකින් ගේන බත් එකක් කන්න. එහෙම එකක් කවුරු හරි ගෙනාවොත් අපි ඔක්කොම පොරකකා ඒක කනවා. අපි ඔක්කොම තියෙන ප‍්‍රශ්න අමතක කරලා එතකොට සතුටෙන් හිනාවනෙවා.

සර්, අපිට අවුරුද්දකට ඉස්කෝලෙන් පිට තරඟ පහක් පමණ කියෙනවා. අපි මීට්වලට යනවා කියන්නේ, කූඩුවල හිර කරගෙන ඉඳලා නිදහස් කරපු කුරුල්ලෝ කිරිල්ලියෝ වගේ. අපි මීට්වලට යද්දී සමහර දා ට පිරිමි ළමයි සිංදු කිය කිය යනවා. ඒත් අපි පිට්ටු ගිල්ලා වගේ ඉඳගෙන යන්න ඕනේ. යමුනා මැඩම්ගෙන් සින්දු කියන්නද ඇහුවොත් කියනවා ශූරතාව ගත්තොත් සිංදු කියන්න දෙන්නම් කියලා. සර්, ගොඩක් වෙලාවට ගැහැණු ළමයි ජාතික ශූරතාව ගන්නවා. එත් මැඩම්ලට සෑහෙන්නේ නැහැ සර්. එනකොටත් ගල් ගිල්ලා වගේ එන්න වෙනවා. නමුත් පිට ගිහින් ඉන්න දවස්වල අපි වෙනත් ඉස්කෝලවල ළමයි එක්ක සතුටෙන් කතා කරලා දැන හැඳින ගන්නවා. ඒක අපිට ලොකු දෙයක්. ලොකු සහනයක්. අපේ මැඩම්ලා සර්ලාත් අපිට හොඳින් කතා කරනවා. පිට අයට පේන්න.

සර්, අපිත් ඉඳලා හිටලා හොඳ වැඩ කරනවා. නේවාසිකාගාරයේ දී මැඩම් රෑට ඉන්න දවස්වලට රෑට ටොයිලට් යනකල් ඉඳලා අපි හොරෙන් පිළිකන්න පැත්තට ගිහින් ටොයිලට් එකට ගල් ගහනවා. මැඩම් බයවෙලා ඇවිත් ඉක්මනට නිදා ගන්නවා. එතකොට අපිට හරි ජොලි. පස්සේ අපිත් සතුටෙන් නිදාගන්නවා.

මැඩම්ලා රෑට ඉන්නේ නැති දවස්වලට සර්, අපි දොරවල් වහගත්තට පස්සේ සමහර දා ට කවුරු හරි අපේ නේවාසිකාගාරයේ දොරවල්වලට ගහනවා. ඉතිං අපි බයවෙලා පිටිපස්ස පැත්තට දුවනකොට ටික වෙලාවකින් ඒ පැත්තේ දොරට ගහනවා. අපි එතකොට බයවෙලා ඉස්සරහට දුවගෙන එනවා. එහෙම දුවන්න ගිහින් නංගි කෙනෙකුගේ අතකුත් කැඩුනා වැටිලා. අපි ගුටිකාලා තුවාල වුනත්, වැටිලා තුවාල වුණත්, ඉස්කෝලේ මැඩම්ලා සර්ලා අහන කොට අපි කියන්නේ, ටේ‍්‍රනින්වල දී තුවාල වුණා කියලා. ඉස්කෝලේ මැඩම්ලා සර්ලාත් ඊට වැඩිය ඒ ගැන හොයන්නේ නැහැ. එතකොට අපිට දුකකුත් ඇතිවෙනවා, අපි ගැන හොයන්න කිසිකෙනෙක් නැහැනේ කියලා. නමුත් එක අතකින් සතුටුයි අපේ මැඩම්ලාට කේලම් කියන අක්කලාගෙන් බේරිලා ඉන්න පුළුවන්නේ කියලා.

සර්, ඉස්කෝලේ සර්ලා දෙන්නෙකුට පොලිසි යන්න උනා නේද, ඉස්කෝලේ ම ළමයි දෙන්නෙකුට ගැහැව්වා කියලා. තාමත් නඩු කියනවා කියලා අපේ අක්කලා කියන්නේ. එහෙම නම් අපි විඳින දුක් වේදනා කන්දරාවේ හැටියට යමුනා මැඩම්ටයි ඉවෝන් මැඩම්ටයි පාලිත සර්ටයි සුසන්ත සර්ටයි නඩු පිට නඩු දාන්න වෙනවා සර්. අපි නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ. අපේ එහෙම වෛරයක් නැහැනේ.

සර්, 2015. අගෝස්තු අග හරි සැප්තැම්බර් මුල දවස්වල ගැහැණු නේවාසිකාගාරයේ ළමයි අමුතු ප‍්‍රශ්නයකට මුහුණ දුන්නා. ඉස්කෝලේ ඇතුලේ මහින්දෝදය තාක්ෂණික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදුවෙමින් තිබුණේ. ඒගොල්ලෝ ඉදිකරණ ගොඩනැගිල්ල ලඟ නතර වෙන්න තවත් පොඩි ගෙයක් හදලා තිබුණා. ඒ වැඩ කරන අය ඒකේ නතර වෙලා රෑටත් වැඩ කරා.

ටික දවසක් යද්දී ඒගොල්ලෝ අපේ නේවාසිකාගාරයට නොයෙක් දේ කරන්න පටන් ගත්තා. රෑට ඇවිත් ගල් ගහලා, කෑගහලා අපිව බය කලා. ඒක නිසා හදිසියක් වුණොත් අපිට එළියට යන්න බැරි තත්ත්වයක් උදා වූණා. ඇයි අර වැඩ කරන අය එළියෙනේ. එන්න එන්නම තත්ත්වේ නරක අතට හැරුණා. එක දවසක් එයාලා නේවාසිකාගාරය ඇතුලට ආවා. ඇවිත් තිබුණේ, අපේ නේවාසිකාගාරයේ ගොඩනැගිලි දෙක අතර තියෙන ටැංකිය ලඟ බිත්තිය උඩින් පැනලා. ඇතුල් පැත්තේ දොරවලට ගැහුවා. අපි ළමයි ඔක්කොම හොඳටම බය වුණා. අපි ඇතුලෙන් දොරට ඩෙස් තියලා, රෙදිවලින් ගැටගහලා අතේ කවකටු බැට් එහෙම තියා ගෙන දෙවියන්ට වැඳ වැඳ හිටියා. ටික වෙලාවක් එතන බීඩි සිගරට් බිබී හිටපු ඒ අය යන්න ගියා.

උදේ බලද්දී නේවාසිකාගාරය ඇතුලේ එයාලා බීපු සිගරට් කොට තිබුණා. අඩි පාරවල් තිබුණා. අපි අපේ මැඩම්ලාට සර්ලාට මේ බව කිව්වා. එහෙම කිවුවත් පිළිගත්තේ නැහැ. ඒ ඇයි කියලා අපිට තේරුණේ පස්සේ. එ දවස්වල මැඩම්ලා සර්ලා කවුරුත් නේවාසිකාගාරයේ හිටියේ නැහැනේ. බයවෙන්න ඇති ඒ මැඩම්ලට ප‍්‍රශ්නයක් වෙයි කියලා. අපේ මැඩම්ලා සර්ලා අපිට නියම කලා කාටවත් මේ ගැන කියලා තිබුුණොත් බලාගනයි කියලා. වෙන කාට හරි කියලා තිබුණොත් දත් කඩනවා කිව්වා. කකුල් කඩනවා කිව්වා. යමුනා මැඩම් තමයි අපට එහෙම නියෝග කලේ. මේ වගේ දවස් තුන හතරක් ම සිදු වුණා. ඒ අය නේවාසිකාගාරය ඇතුලට ඇවිත් බීඩි සිගරට් බීවා. අපිට නරක යෝජනා කලා. අපිට ඇහෙන්න නරක කතා කියන්න වුණා. රෑ 7.00 පමණ සිට 1.00 ක 2.00 ක වෙනකල් අපිට ඇහැරලා ඉන්න වුණා. එයාලා පිට වෙලා ගියත් අපට නින්දක් නැහැ. හිතේ බයට වෙව්ලනවා. කියන්න කෙනෙක් නැහැ. කියන එක අහන්න කෙනෙක් නැහැ.

එක දවසක් මේ අය නේවාසිකාගාරයේ වහලේ ගලවලා ඇතුලට එන්න උත්සහ කළා. අපි හැමෝ ම කෑගහන්න පටන් ගත්තා. බැරි ම තැන කාගෙදෝ දුරකතනයකින් පිරිමි ළමයිගේ නේවාසිකාගාරයට කතා කළා. අපේ පිරිමි ළමයි එන සද්දෙට එගොල්ලෝ යන්න ගියා. අපේ මැඩම්ලට කීවට පිළිගත්තේ නැහැ. කාටවත් කියන්න එපා කියලා අපිට තර්ජනය කලා. මැඩම්ලා කියන්නේ, අපි ඒ අයට රෑට එන්න කියනවා කියලයි. ඒක මොන තරම් කැත කතාවක් ද සර්. මැඩම්ලා හැම ප‍්‍රශ්නයම විසඳන්නේ ඔය විදියට. අපේ පැත්තට වරද පටවලා. 

සර්, ඉන්නම බැරි තැන සමහර ළමයි ඕන දෙයක් වෙන්න කියලා, නේවාසිකාගාරයෙන් යනවා. හැබැයි ඉස්කෝලෙන් ඉවත් වන්නේ නැතිව ඉන්නවා. එහෙම යන අයගේ මුළු කී‍්‍රඩා අනාගතයම ඉවරයි සර්. ආයේ කිසි ම තරඟයකට ගන්නේ නැහැ. පිට්ටනිය පැත්ත පලාතේ එන්න දෙන්නේ නැහැ. මේ පාර තිබුණ නිවාසාන්තර තරඟ එකකටවත් නේවාසිකාගාරයෙන් ඉවත් උන අයව ගත්තේ නැහැ. ඒ අයට යමුනා මැඩම් බනින්නේ, ”තොපි ඉන්නකල් නිකන් කකා ඉඳලා ගියා, දැන් එනවද ග‍්‍රවුන්ඩ් එකට කියලා.

ඒ අය දිනා ගත්ත කිසි ම සහතිකයක්වත් දෙන්නෙත් නැහැ සර්. අපි හැමෝ ම ගොඩක් දුක්විඳලා ගත්ත සහතික. අපිට අල්ලන්නවත් දෙන්නේ නැහැ. එම සහතික අපි ළඟ තිබුණොත් අපි ඉදිමෙනවලූ. අපිට අං එනවලූ. යමුනා මැඩම් තමයි එහෙම කියන්නේ. එක අක්කා කෙනෙක් හිටියා එයාගේ කී‍්‍රඩා සහතික හැට ගණනක් යමුනා මැඩම් දුන්නේ නැහැ කියලා අක්කලා කියනවා. අපේ ඉස්කෝලේ ක‍්‍රීඩා පාසලේ ඉඳලා කොළඹ ලොකු ඉස්කෝලෙකට ගියා අක්කලා දෙන්නෙක්. ඒ අක්කලා දෙන්නා සහෝදරියෝ. එක පවුලේ. අපේ යමුනා මැඩම් ඒ අයට දෙස් තිබ්බේ, ආවේස වෙච්ච මන්තරකාරියක් වගේ. තොපේ කකුල් කැඩෙන්න ඕන. තොපිට හෙන ගහන්න ඕන කියලා බැන්නා. 

ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2016 අවසාන කාලෙයේ නේවාසිකාගාරයට ආව නංගිලා අතර හිටියා නංගි කෙනෙක් ආපු දවසේ ඉඳලා ම යන්න ඕන කියලා අඬ අඬා හිටියේ. ඒ නංගී කීප දවස් ම හොරෙන් යන්න උත්සහ කරා. එක දවසක් එයා හොරෙන් පැනලා යද්දී ඉස්කෝලේ ළඟ තියෙන පන්සල ගාව දී අර මැඩම්ලට කේලම් කියන අක්කලාට අහුවුණා. ඒ නංගිට ගැහුවා ඒ අක්කලා හොඳටම. අපි හරියට බය වුණා සර් ඒ නංගිට මොනවා හරි වෙයි කියලා. පස්සේ අපි කඩේට ගිය වෙලාවක කඩේ ඇන්ටි හරියට අර අක්කලාට දොස් කීවා. ඉස්කෝලෙටත් දොස් කීවා. මෙහෙමත් ළමයින්ට වද දෙනවද කියලා. අනෙක් හැමොටම පේනවා අපි දුක් විඳිනවා කියලා. ඒත් අපේ අම්මලාට පේන්නෙත් නැහැ අපේ ඉස්කෝලේ කාටත් පෙන්නේ නැහැ සර්. කවුද සර්, මෙහෙම ශිෂ්‍යත්ව දෙන එක ඇති කළේ?

(මතු සම්බන්ධයි)

ඔබටත් W3Lankaට ලියන්නට පුළුවන්. ajithperakum@gmail.com

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. අම්මපා කවුරුවත් නැද්ද පොලිසියටයි ළමාරක්ෂක අධිකාරියටයි මේවා කියන්න? පැරා ළඟ මේ ළමයා ලියපු ලියුම තියනවනම්, ඒක ළමාරක්ෂක අධිකාරියට නොයවන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. පොලිස්පතිට හා ළමාරක්ෂක අධිකාරියට යොමු කර ඇති බව දැනගන්නට ලැබිණි.

      Delete
  2. ඒ අයත් යමුනා මැඩම්ට බය වෙයිද දන්නෑ!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පැරා,

    ඔබ මේ මාතෘකාව ගැනීම හරිම වැදගත්. ඔබත් මමත් පාසල් ගිය කාලයේ ගුරුවරුන්ට හාත්පසින්ම වෙනස් පුද්ගල කොටසක් අද වෙනකොට උගන්නන්න ඇවිත් තියනවා. මම මිට හේතු කියපයක් දකිනවා අද උපාධිදරියකුට පුද්ගලික අංශයේ රැකියාවක් දෙනවනම් බොහෝ පිළිගත් වියාපාර සැලකිලිමත් අදාළ පුද්ගලයාගේ මානසිකත්වය කොහොමද කියල බලන්න, එතැනදී පීඩනය දරාගන්න පුළුවන් කණ්ඩායම් හැගීමෙන් වැඩකළ හැකි මිනිසුන් පමණයි තෝරන්නේ, ඔවුන්ට ඉතා ඉහල වැටුප් ගෙවනවා නමුත් පාසල් වල ගුරුවරු ලෙස තෝරාගන්න අය ගැන එවැනි පරීක්ෂණයක් කරන්නේ නෑ අනෙක් අතට රාජ්‍ය අංශයේ රැකියාව අදක්ෂ පුද්ගලයන්ට ලබාදෙන්න එහි ප්‍රධානින් වගබලා ගන්නවා හේතුව දක්ෂයෙක් ට රැකියාව දුන්නම තම රැකියාවේ සුරක්ෂිත බව නැති වෙන නිසා.

    මෙතැනදී ගුරු වුර්තිය තමයි බොහෝවිට උපාදිදාරි අදක්ෂයන් නවතින තැන, කලාතුරකින් දක්ෂයෙක් ආවත් වැඩිකල් ඉන්නේ නෑ දක්ෂයෙක් මේ වුර්තියේ ඉන්නවනම් ඉන්නේ ඉතා කලාතුරකින්, මගේ නම් අදහස මේ ගුරුවරුන්ට ඉහල වැටුපක් වගේම අතිදක්ෂ බාවයත් ළමා මනස හදුනාගැනීමට කොතෙක් දක්ෂද කියන දෙයත් පරික්ෂා කර මේ වුර්තියට බදවාගන්න ඕනේ.

    මේ බලන්න මේ ද්‍රවිඩ ගුරුවරියගේ ඉගැන්වීමේ දක්ෂකම https://www.youtube.com/watch?v=C9NurH6LEbI

    ReplyDelete
    Replies
    1. බලන්න ආසා හිතෙන ඉගැන්වීමක් Easy maths tricks from Tamil teacher

      Delete
  5. පාසල් වල ගුනාත්මක බව ගැන විතරක් නෙවෙයි නේවාසිකාගාර ගැනත් බලධාරීන් හොයල බලන්න ඕන. ඔය ඔය වගේ එක නේවාසිකාගාරයක තොරතුරු විතරයි. හැම පාසලකම මේව අඩු වැඩියෙන් තියනව. මමත් 1 වසරෙ ඉඳන් 11වසර වෙනකල් නේවාසිකාගාරයේ ඉඳන් තමයි අධ්ධ්‍යාපනය ලැබුවේ. අපිත් සෑහෙන්න දුක් වින්ඳා ඒ සම්බන්දව අත්දැකීම් රාෂියක් මටත් තියනව.
    ඉතාම හොඳ මාතෘකාවක් මේව එලියට එන්නෙ නැහැ. හදිස්සියෙ හරි එලියට ගියොත් නේවාසිකාගාර පාලක/පාලිකාවන් හොඳට රඟපාල බෝසත් ගති පාල ඒ වැරදි වහගන්නව.

    ReplyDelete
  6. This is what happens to a previous blogger https://www.youtube.com/watch?v=fQDFTxNNbC0

    ReplyDelete
  7. පැරා, මොනවද බං මේ පීචං වැඩ. දැන් දවස් ගානක ඉඳන් බඩකඩිත්කුවක් දානවා. යකෝ සති අන්ත සිංහල පත්තර ගානට වැටෙන්න එපා. ලාපි නැත්තං අපිට කියපං. අපි උඹට ලිපි දෙන්නම්. අපේ ආකයිව්ස්වල ඕන ම ෆීල්ඩ් එකක් ගැන ලිපි තියෙනවා. උඹට අලුත් ම ලිපි ඕන නම් අපි අපේ කලා අනුමණ්ඩලයට කියලා ලියවලා දෙන්නම්. අපි ගැන ඉන්ට්‍රඩක්ෂන් ඕන නැහැ. හැබැයි මචං උඹ අපෙන් නිල ඉල්ලීමක් කරන්න ඕන. මොකද උඹේ කට හොඳ නැහැනේ. පස්සේ අලුකුට්ටේරු කතා කිය යි උඹ නැතිනම්.

    මොකද පැරා කියන්නේ සති පතා ලිපියක් ඕනෙ ද?

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මගේ ජීවිතේ මම ලබපු එක අත්දැකීමක් කියන්නම්. අපේ පාසලේ හිටියා මැත්ස් ටීචර් කෙනෙක්. යකා මාක්. දෙනවා පිට හරහා පිට පැලෙන්න. ඔය ටීචගේ යකා පාරට, කටට බයේ හැදුනු එවුන් හිටියා බර තොගයක්. කොටින්ම කිව්වොත් අද හරිනම් හිරේ ඉන්න ඕනේ ඩයල් ඉන්නවා හරි පාරේ ගිහින් ජීවිතේ හදාගත්ත ඔය ටීච නිසා.
    ඔය විදියට ඇය ගොඩක් දෙනෙක්ගේ දෙනෙත් පෑදුවා. විශ්‍රාම යන්න කිට්ටු කරලා ඇයට 9 වසරේ ගෑණු ලමයෙක් ලියපු පෙම්පතක් මාට්ටු උනා. තනිකරම සමනල අදහස් නෙවේ, ලිංගික කාරණා වගේම ඈ සහ ඇගේ පෙම්වතා අවසන් වරට හමුවූ අවස්ථාවේ ලැබූ ලිංගික අත්දැකීම් සහිත ලිපියක්. ටීච කරලා ලමයට දොස්දෙ කියලා මාපියන්ට එන්න කියලා ළමයා අත පණිවිඩයක් යවා තිබුණා.
    කෙල්ල යන ගමන් ලියුමක් ලියලා තියලා වැවට පැනලා මලා. ලියුමේ තිබ්බා ටීචට මගේ ලියුමක් අහුවුණා. ටීච හොදටම බැන්නා දෙමාපියන්ට මුහුණ දෙන්න බයයි වැවට පනිනවා කියලා. පස්සේ ටීචගේ වැඩ තහනම් වුණා. ඇත්තම කිව්වොත් අදටත් පෙන්ෂන් එකවත් නෑ.
    ගුරුවරු ගහන පාරෙන් හැදිච්ච එකෙක් ගැන කතා කරන්න මොකෙක්වත් නෑ. හැබැයි මේ දේවල් ගැන කතා කරන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. ගුරුවරු රීප්පනේ ගහලා ඉදිමුණු අත් ගැන කතා කරන්ඩ මිනිස්සු හිටියට මහත්තයෝ හැදුනු මිනිස්සු ගැන කතා කරන්න බල්ලෙක් නෑ. අන්තිමට හොද්ද හැදි නොගා හදන ගුරුවරු ද ගුරු දෙවිවරු. අපිට අපේ ගුරුවරු නොගැහැව්වනම් අපි අද මෙතන ඉන්නවද?
    දැන් ඉන්න ලමයි ගුරුවරු විතරක් නෙවෙයි. දෙමාපියෝ ගැහැව්වත් රවලා බලන උන්. මේ වගේ සිදුවීම් ගැන හොයා නොබලා වන් ෂොට් ඒවා පබ්ලිෂ් කරලා උන්ට ඉනිමං බැදලා දෙන්න. ඔබතුමාට ඒ පින් බලයම ඇති වෙයි නිවන් යන්න.

    ReplyDelete
    Replies
    1. රටක් දියුණු නො වන්නේ මෙවැනි පසුගාමී අදහස් ඇතිවුන් නිසා ය.

      මෙම තර්කය අනුව, ලංකාවේ හැදුණු මිනිසුන් සියල්ල හැදී ඇත්තේ ගුටි කෑ නිසා ය. අපූරු සොයාගැනීමකි.

      ඒ අනුව, ළමයින්ට මෙවැනි නීච දඬුවම් නො කරන පාසල්වලින් හෝ එවැනි දඬුවම් තහනම් කර තිබෙන රටවලින් යහපත් මිනිසුන් බිහි විය නො හැකි ය.

      මූලිකව තේරුම් ගත යුතු කාරණය වන්නේ ශික්ෂණය යනු වධ දීම හා හිංසනය නො වන බවයි. එය ආදරය සමග සම්බන්ධ කරුණකි.

      අධ්‍යාපනය යනු මනෝ විද්‍යාත්මක පදනමක් ඇති ක්‍රියාවලියකි. ඒ ගැන නො දන්නා, අධ්‍යාපනයක් ලබා නැති, පුහුණුවක් නැති, මෙවැනි ආකල්ප ඇති පුද්ගලයන්ට අනාගත පරපුර විනාශ කිරීමට කිසි සේත් ම ඉඩ නො දිය යුතු ය.

      Delete
  10. hey Para
    You guys don't do your duty as a teacher and a citizen, why are you waiting further, this should immediately inform to police or any other law enforcement authority for prevention of big catastrophe

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.